Skip to content
Home
Articles
Past Issues
School Projects
Submission
Subscription
About Us
Contact Us
Menu
Home
Articles
Past Issues
School Projects
Submission
Subscription
About Us
Contact Us
Search
Search
Home
Articles
Past Issues
School Projects
Submission
Subscription
About Us
Contact Us
Menu
Home
Articles
Past Issues
School Projects
Submission
Subscription
About Us
Contact Us
Search
Search
ආපදා හමුවේ නොසැලෙන පවුරක්: මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා මනෝ-සමාජයීය සත්කාරක වැඩසටහනක්
News
19 January 2026
Prev
Previous
Next
Next
මෑතකාලීන ව දිවයිනට බලපෑ ගංවතුර සහ නායයෑම් වැනි ස්වභාවික විපත් හේතුවෙන් පීඩාවට පත් පාසල් ප්‍රජාව නගාසිටුවීම වෙනුවෙන් විශේෂිත මනෝ-සමාජයීය වැඩසටහනක් පසුගිය (16) වැනිදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. " 'දිට්වා' ස්වභාවික ව්‍යසනයෙන් පසු විඳදරාගැනීමෙන් ඔබ්බට, පශ්චාත් කම්පන වර්ධනය සඳහා දැවැන්ත පිම්මක් තැබීමට අධ්‍යාපන අංශයේ මනෝ-සමාජයීය ප්‍රතිචාර ශක්තිමත් කිරීම" යන තේමාව යටතේ මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) සම්පත් දායකත්වය ලබා දුන්නේ ය. මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, ආපදා තත්ත්වයකින් පසු සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ මානසික සුවය තහවුරු කිරීම සඳහා අධ්‍යාපන නිලධාරීන් සතු වගකීම සහ ඒ සඳහා ගතයුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමයි. වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා අවධාරණය කළේ, ස්වභාවික විපත් නිසා කඩාකප්පල් වූ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේදී ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට හා සමාන ව ම, දරුවන්ගේ මානසික බිඳවැටීම් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය බවයි. IRD ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෙහි දී අදහස් දක්වමින්, මහජන සෞඛ්‍ය ප්‍රවේශය ඔස්සේ මානසික සුවතාව, ඉහළ නැංවිය හැකි උපායමාර්ගික ක්‍රමවේද පිළිබඳ ව පැහැදිලි කළේ ය. විශේෂයෙන් ම කම්පනය (Trauma) සහ පීඩනය හමුවේ වුව ද පුද්ගලයෙකුට නැවත ශක්තිමත් ව නැගී සිටීමට ඇති හැකියාව වර්ධනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. වැඩසටහන වඩාත් අර්ථාන්විත වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සහ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා විසින් මෙහෙයවන ලද සැසියෙනි. එහි දී පශ්චාත් ආපදා සහාය ලබා දීමේදී සිදු කරන නිවැරදි භාවිතයන් මෙන් ම සිදුවිය හැකි වැරදි පිළිබඳ ව ප්‍රායෝගික ව පෙන්වා දෙන ලදී. එමෙන් ම, සිසුන් කණ්ඩායමක් මෙන් ම පැමිණ සිටි අධ්‍යාපන බලධාරීන් ද සම්බන්ධ කරගනිමින් වෛද්‍ය රංගිකා මනම්පේරි මහත්මිය කළ ප්‍රායෝගික ආදර්ශනය හේතුවෙන් වැඩසටහන වඩාත් උද්යෝගිමත් විය. එමගින් පාසල් මට්ටමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ව නිලධාරීන්ට මනා අවබෝධයක් ලබාගත හැකි විය. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) සභාපති ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, නියෝජ්‍ය අධ්යක්ෂ, සභාපති - ජාතික විද්‍යා පදනම වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් මෙන් ම සම්පත්දායකයින් රැසකගේ දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන අවසානයේ දී, ඉදිරි කාලසීමාව තුළ ගුරුවරුන් සහ සිසුන් සඳහා ද මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීමට තීරණය විය. මෙය ආපදා කළමනාකරණය සහ අධ්‍යාපන ක්ෂේත්රය ඒකාබද්ධ වූ කාලෝචිත පියවරක් ලෙස සහභාගී වූ නිලධාරීන්ගේ පැසසුමට ලක්විය. IRD මාධ්‍ය අංශය
Prev
Previous
Next
Next