ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මකයි
විද්‍යා අධ්‍යාපනය න්‍යායාත්මක ඉගෙනීමෙන් පමණක් නො ව ප්‍රායෝගික අත්දැකීම් මඟින්ද ශක්තිමත් කළ යුතු බව අවධාරණය කරමින්, ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක ව ක්‍රියාත්මක කර ඇත. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ සිසුන් විසින් ව්‍යාපෘති කළමනාකරණ විෂය යටතේ ප්‍රජා පාදක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත.
වසර ගණනාවක් පුරා විධිමත් විද්‍යාගාර පහසුකම් නොතිබීම හේතුවෙන් සිසුන්ගේ ප්‍රායෝගික ඉගෙනීමට පැවති බාධා ඉවත් කරමින්, නවීන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු මඟින් සුදුසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම ව්‍යාපෘතියෙන් හැකිවී ඇත. මෙය සිසුන්ට විද්‍යාත්මක පරීක්ෂණ හා ක්‍රියාකාරකම් ප්‍රායෝගික ව කිරීමට ඉඩ සලසන වැදගත් පියවරකි.
ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්පත් කළමනාකරණය සහ පාර්ශ්ව සම්බන්ධීකරණය මඟින් සාර්ථක ව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, විශ්වවිද්‍යාලය හා පාසල් ප්‍රජාව අතර සහයෝගීතාවේ වටිනාකම ද ඉස්මතු කරයි. මෙය සිසුන්ගේ විද්‍යාත්මක දැනුම, නිර්මාණශීලීත්වය සහ ආත්මවිශ්වාසය වර්ධනය කිරීමටද විශාල දායකත්වයක් ලබාදෙයි.
මෙවැනි ව්‍යාපෘති අනාගත අධ්‍යාපන සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයන අතර, තරුණ පරපුරට දැනුමෙන් හා කුසලතාවයෙන් සවිබල ගැන්වූ අනාගතයක් නිර්මාණය කිරීමට මඟපාදයි.
සටහන : M. I. N. P. මුණසිංහ














