ගෝලීය සෞඛ්‍ය පර්යේෂණවල අසමානතා බිඳ හෙලන්නට මහාචාර්ය අතුල සුමතිපාල චීනයේදී හඬක් නඟයි

 
සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (ISTS) සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෑතක දී චීනයේ කළ අධ්‍යයන සංචාරය ඉතා සාර්ථක ව නිම කළේ ය.
 
ජූනි 26 සිට ජූලි 1 දක්වා පැවති මෙම සංචාරයේ දී, එතුමා චීනයේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමුළු දෙකක දී සහ පීකිං විශ්වවිද්‍යාලයේ දී විශේෂ දේශන පවත්වමින් සිය විශේෂඥ දැනුම ලොව පුරා විද්වතුන් සමඟ බෙදා ගත්තේ ය.
 
මෙම සංචාරයේ විශේෂ අවස්ථා:
 
ගෝලීය සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය: Global North සහ Global South අතර පවතින “10/90 පර්යේෂණ පරතරය” හෙවත් පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති අසමානතාවන් මඟහරවා ගැනීමේ අවශ්‍යතාව එතුමා දැඩි ව අවධාරණය කළේ ය.
 
සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය සේවාවක් සහ ප්‍රතිපත්ති සම්පාදනයක් වෙනුවෙන් රටවල් අතර සහයෝගීතාව (South–South සහ North–South partnerships) ශක්තිමත් කිරීමේ වැදගත්කම එතුමා පෙන්වා දුන්නේ ය.
 
6th Belt & Road Initiative Global Health Congress සහ Shengjing Maternal and Fetal Medicine Conference වැනි වැදගත් සමුළු රැසකට එතුමා දායක විය.
 
මෙම සංචාරය ඔස්සේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින පර්යේෂණ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වූ අතර, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා දෙරටේ ම කැපවීම නැවතත් තහවුරු විය.
 
අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ මෙවැනි ජාත්‍යන්තර සම්බන්ධතා, ඉදිරියේ දී අපේ රටේ සෞඛ්‍ය අංශයේ ගුණාත්මක වර්ධනයට මනා පිටිවහලක් වනු ඇත.