දේශීය වෙදකම ගැන පර්යේෂණ කරන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

දේශීය වෙදකම ගැන පර්යේෂණ කරන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

ශ්‍රී ලංකාවේ, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට වෙන ම ආයතනයක් මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටුවා තිබේ. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයයි. 1961 අවුරුද්දේ එවකට පැවති ආණ්ඩුව විසින් ආයුර්වේද වෛද්‍ය කර්මය ශක්තිමත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම උදෙසා පණතක් ගෙන ආ අතර, එම පණත පාදක කර ගෙන මෙම ආයතනය 1962 වසරේ පිහිටුවා තිබේ. එම ආයතනයේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදු වන්නේ දැයි දැන ගන්නට අප එහි සංචාරයක යෙදුනු අතර, වෛද්‍ය නිලධාරි පී. හේවාගමගේ අපට එහි දී අදහස් දැක්වීමෙන් දායකත්වය ලබා දුනි.

වෛද්‍ය නිලධාරි

පී. හේවාගමගේ

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

දැනට ලංකාවේ පවතින ආයුර්වේද වෙදකම, සිද්ධ, යුනානි, දකුණු ආසියාවේ පවතින දේශීය වෙදකම සහ මෙරට පාරම්පරික වෙදකමට අදාළ පර්යේෂණ මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. සායනික පර්යේෂණ අංශය, සාහිත්‍ය පර්යේෂණ අංශය හා ඖෂධ පර්යේෂණ අංශය ලෙස, ප්‍රධාන අංශ තුනක් යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක වෙයි. ආයතන පරිශ්‍රයේ බාහිර රෝගී අංශයක් ද ස්ථාපිත කොට ඇත. හෘද රෝග, දියවැඩියාව, සුදු කබර රෝගය, පිළිකාව, පශ්චාත් කොවිඩ් උපද්‍රව ප්‍රතිකාර සායනය වැනි විවිධ රෝග සායන එහි ක්‍රියාත්මක වේ. විවිධ රෝගවලට අදාළ ව සායනික පර්යේෂණ ද මෙම අංශයෙහි ක්‍රියාත්මක කරනු ලැබේ. ආයතනයේ ඇති සාහිත්‍ය පර්යේෂණ අංශය මගින් ඉපැරර්‍ණ ග්‍රන්ථ හා පුස්කොළ පොත් වර්තමාන-අනාගත පරම්පරාවේ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සංරක්ෂණය කර ප්‍රකාශයට පත් කරනු ලැබේ. විශේෂයෙන් ම එම පැරර්‍ණ දැනුම නැවත වර්තමානයට තහවුරු කර ගැනීම උදෙසා ද ආයතනය මගින් පර්යේෂණ මෙහෙයවනු ලැබේ.

සායනික පර්යේෂණ රෝග පිළිබඳ ව හැදෑරීම හා ප්‍රතිකාර සෙවීම සාමාන්‍යයෙන් සුව කිරීමට දුෂ්කර යැයි සම්මත රෝග මේ සඳහා තෝරා ගන්නා ලද අතර, පාරම්පරික දේශීය වට්ටෝරු මෙන් ම අත්දුටු ගුණදායි ආයුර්වේද ඖෂධ පර්යේෂණ සඳහා යොදා ගනු ලැබේ.

සායනික පර්යේෂණ කාර්යභාරය

  1. පර්යේෂණයට භාජනය කෙරෙන රෝග සඳහා සැලසුම් පිළියෙල කිරීම
  2. රෝග සඳහා විධිමත් රෝගී වාර්තා පත්‍ර සකස් කිරීම
  3. බාහිර අංශයෙන් හා සායන මගින් පර්යේෂණයට සුදුසු රෝගීන් තෝරා ගැනීම
  4. පර්යේෂණයට භාජනය කිරීමට සුදුසු වට්ටෝරු තෝරා ගැනීම හා ඖෂධ හැඳින ගැනීම
  5. පර්යේෂණ ඖෂධ ස්වකීය අධීක්ෂණය යටතේ පිළියෙල කරවා ගැනීම
  6. නියමිත පරිදි ප්‍රතිකාරයට පෙර සහ අතරතුර දී ද ප්‍රතිකාරයට පසු ව ද රෝගීන් අදාළ පරීක්ෂණවලට භාජනය කර වීම
  7. දිනපතා රෝගීන් පරික්ෂා කර බැලීම හා සැලැස්මට අනුකූල ව වාර්තා තැබීම හා දත්ත රැස් කිරීම
  8. ප්‍රතිකාර ලබා මුදා හරින රෝගීන් පසු පරීක්ෂණවලට භාජන කිරීම හා වාර්තා තැබීම
  9. පර්යේෂණ පත්‍රිකා සකස් කිරීම හා ඛෙදා හැරීම
  10. පර්යේෂණ දත්ත ගොනු කිරීම

ඖෂධ පර්යේෂණ

  1. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය ඖෂධ උද්‍යාන නඩත්තු කිරීම
  2. ඖෂධ පැලෑටි වගාව සහ පැළ තවාන් පවත්වා ගෙන යාම
  3. ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවත්වා ගෙන යනු ලබන ඖෂධ උද්‍යාන අධීක්ෂණය කිරීම
  4. බීජ ප්ලාස්ම එක්රැස් කිරීම සහ මාධ්‍ය පවත්වා ගැනීම
  5. උද්භිද විද්‍යාත්මක සමීක්ෂණ පැවැත්වීම
  6. මධ්‍ය වියළි පැළෑටි නිදර්ශකාගාරය සහ මධ්‍ය කෞතුකාගාරය, දියුණු කිරීම හා නඩත්තු කිරීම
  7. ඖෂධ පැළෑටි වගා කිරීම හා හඳුනා ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම
  8. පැළෑටි හඳුනා ගැනීමේ සහ වගා කිරීමේ විවිධ ක්‍රම පිළිබඳ තොරතුරු සැපයීම
  9. විවිධ මාධ්‍ය මගින් මහජනයා අතර වැඩසටහන් ජනප්‍රිය කරවීම

“ඖෂධ පර්යේෂණ” අංශය යටතේ ඇති උද්හිද විද්‍යා අංශය මගින් ඖෂධීය ශාක පිළිබඳ ව පර්යේෂණ කරනු ලැබේ. විවිධ දේශගුර්‍ණක කලාපවලට ගැළපෙන පරිදි ඔසු උයන් 6ක් ලංකාව පුරා පිහිටුවා ඇත. ඇතැම් ඖෂධීය පැළෑටි, අස්වැන්න ලබා ගැනීම සඳහා වගා කරනු ලබන අතර, ඒවා දේශීය ඖෂධ නිෂ්පාදනයේ දී යොදා ගනු ලැබේ. මෙම ඔසු උයන් මගින් ඇතැම් වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති ඖෂධීය වටිනාකමක් ඇති පැළෑටි වර්ග, පටක රෝපණ ක්‍රියාවලිය ඔස්සේ වගා කිරීමත් සංරක්ෂණය කිරීමත් පර්යේෂණ මට්ටමෙන් සිදු කරනු ලබයි. ඇතැම් විට විවිධ නම්වලින්, විවිධ ප්‍රදේශවල ඖෂධීය ශාක හදුන්වනු ලබන අතර, එබැවින් ඖෂධ නිෂ්පාදනයේ දී නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳ ගැටලූ මතු වේ. ඇතැම් විට බස්නාහිර පළාතේ එක් නමකින් හඳුන්වන ඖෂධීය ශාකයක්, උතුරු මැද පළාතේ වෙනත් නමකින් හැඳින්විය හැකි ය. එවිට එම ශාකය භාවිතයෙන් ඖෂධ නිපද වූ විට එම ඖෂධවල නිසි සංඝටක අන්තර්ගත නොවිය හැකි ය. එබැවින් නිසි ශාකය හදුනා ගෙන ඖෂධවලට යොදා, ඖෂධීය ශාක වර්ගීකරණයක් ද මෙම අංශය මගින් සිදු කෙරේ

ප්‍රමිතිකරණ අංශය

  1. ආයුර්වේද රෝහලේ සහ වෙනත් ආයතනවල නිෂ්පාදිත ඖෂධ (දේශීය) පිළිබඳ දත්ත රැස් කිරීම
  2. ආයුර්වේද ඖෂධ යෝගවල ඇතුළත් ඒකීය ද්‍රව්‍යවල පවතින ප්‍රමිති එක්රැස් කිරීම
  3. දේශීය ඖෂධ පිළිබඳ ලොව පුරා ඇති ප්‍රමිතිකරණ තොරතුරු එක්රැස් කිරීම
  4. ලංකාවේ භාවිත වන ආයුර්වේද ඖෂධ සඳහා පරීක්ෂණ ක්‍රම සහ ප්‍රමිති සකස් කිරීම
  5. එසේ සකස් කරන ලද ප්‍රමිති අනුව ඖෂධ තත්ත්ව පාලනය
  6. ඖෂධ ප්‍රමිතිකරණය අවශ්‍ය අගයන් නිර්ණය කිරීමට අදාළ පරික්ෂා ක්‍රම තීරණය කිරීම හා ඒවායේ සාර්ථකභාවය ස්ඵුට කිරීම
  7. සංඛ්‍යා ලේඛන ක්‍රම සහ ඉහත ප්‍රමිති අනුව පරීක්ෂා කළ ඖෂධ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා තීරණ ගැනීම
  8. මෙසේ ප්‍රමිති හා පර්යේෂණ ක්‍රම තීරණය කර ගැනීමෙන් හා ප්‍රායෝගික ව ස්ථීර වීමෙන් පසු ආයුර්වේද කොමසාරිස් මගින් ප්‍රමිතිකරණයට අවශ්‍ය නීතිරීති සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමට හා අයථා නිෂ්පාදන ක්‍රම හා එම ඖෂධ පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ කිරීම
  9. ප්‍රමිතිකරණ සංකල්පයෙහි ඇති වැදගත්කම පිළිබඳ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයින් හට අවබෝධයක් ලබා දීම

සාහිත්‍ය පර්යේෂණ අංශය පහත සඳහන් කාර්යයන් සඳහා සහාය වේ

  1. ඖෂධ සංග්‍රහ ග්‍රන්ථ සකස් කිරීම
  2. පැරර්‍ණ වට්ටෝරු ඇතුළත් දේශීය චිකිත්සා සංග්‍රහයක් සකස් කිරීම
  3. දැනට සොයා ගැනීමට නොහැකි පැරර්‍ණ මුද්‍රිත ග්‍රන්ථ නැවත සකස් කර මුද්‍රණය කිරීම
  4. අන්‍ය භාෂාවලින් ලියැවී ඇති වෛද්‍ය ග්‍රන්ථ පරිවර්තනය කර මුද්‍රණය කිරීම
  5. පැරර්‍ණ පුස්කොළ පොත් එක් රැස් කර ඒවා කියවා බලා වටිනා වට්ටෝරු පිටපත් කිරීම හා ඒවා පර්යේෂණයට ලක් කිරීම
  6. පොදු ජනතාව උදෙසා අත් ඛෙහෙත් පොත් සැකසීම
  7. ආයුර්වේද වෛද්‍ය ශබ්දකෝෂය සැකසීම
  8. ආයුර්වේද අළලා ලියැවුණු අලූත් ග්‍රන්ථ මුද්‍රණය කිරීම
  9. පර්යේෂණායතනයේ කෙරෙන පර්යේෂණ තොරතුරු ලබා ගෙන ප්‍රකාශයට පත් කිරීම.
  10. පුස්තකාලය වැඩි දියුණු කිරීම හා පවත්වා ගෙන යාම

ඖෂධීය ශාකයක් වන “තිප්පිලි” ශාකය අපේ රටට ගෙන්වන්නේ යාබද ඉන්දියාවෙනි. ලංකාවේ වැවෙන තිප්පිලිවලට වඩා ඉන්දියාවෙන් ගෙන්වනු ලබන එම ශාක ද්‍රව්‍යවල ඖෂධීය වටිනාකම ඉහළ ය. එම වෙනස අපට නො විසදුනු ගැටලූවකි. එවැනි විවාදපන්න කාරණා කෙරෙහි ද මෙම පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත “රසකිඳ” නමැති ඖෂධීය ශාකය සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනි ම සංසිද්ධියකි. මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටුවා ඇති මෙම ආයුර්වේද පර්යේෂණ ආයතන පරිශ්‍රයේ ද ප්‍රදර්ශනාත්මක ඖෂධීය වගාවක් ස්ථාපිත කොට ඇති අතර, ඉදිරියේ දී පාසල් සිසුන්, අධ්‍යයනවල නිරත පුද්ගලයන්ට මෙන් ම මහජනතාවට ද මෙම ඔසු උයන විවෘත කිරීමට කටයුතු කෙරෙමින් පවතී. දේශීය ඖෂධවල ප්‍රමිතිය නිසි පරිදි පවත්වා ගෙන යාම කෙරෙහි ද ආයතනයේ විශාල අවධානයක් යොමු කොට ඇත. අදාළ ඖෂධවල ඇති ජල සාන්ද්‍රනය, පී. එච්. අගය, අංශුවල ප්‍රමාණ ආදීය සැලකිල්ලට ලක් කොට ප්‍රමිතිකරණය කරමින් පවතී. ඇතැම් අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වනු ලබන අතර, ඒවායේ රසායනික සාන්ද්‍රණය, තිබිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය වැනි කරුණුවලට අපට මෙතෙක් ලංකාවේ නිර්ණායක නොමැත. එබැවින් ලංකාවේ දේශීය වෛද්‍ය ඖෂධ විද්‍යාවට අදාළ ව ප්‍රමිතිකරණ ක්‍රියාවලියක් සැකසීමේ කටයුතු ආයතනයේ මේ වන විට ක්‍රියාත්මක වනු ලැබේ. වෙළෙඳ පොළේ විවිධ ආයුර්වේද ඖෂධ වර්ග පවතින අතර, ඒවායේ ප්‍රමිතිය හා තත්ත්වය සම්බන්ධයෙන් ගැටලූ පවතී. විවිධ අය, විවිධ ප්‍රදේශවල, විවිධ ක්‍රමවලට (රටා වලට) නිෂ්පාදනය කරන ඖෂධවල ගුණය එක ම ආකාරයකට නැත. එම නිසා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සිට ම නිෂ්පාදනය දක්වා ම ප්‍රමිතිය පවත්වා ගෙන යාම අවශ්‍ය වේ. එවිට ප්‍රතිඵලදායක සහ කාර්යක්ෂමතාව අතින් ඉහළ ගුණාත්මක ඖෂධයක් නිපදවීමට හැකි වනු ඇත. එලෙස ම නිෂ්පාදිත ඖෂධවල ප්‍රමිතිකරණ තත්ත්ව සහතික ලබා දීමේ පරාමිතීන් නිර්ණය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ද ආයතනයේ දැනට ක්‍රියාත්මක වේ. අන්තර්ජාතික හෝ වෙනත් රටක තත්ත්ව කරන ප්‍රමිතීන් අපේ රටට නොගැළපෙන අතර, රටක් ලෙසට නිවැරදි හා සාර්ථක ව දේශීය වෛද්‍ය විද්‍යාව ඉදිරියට යාමට නම් අපට ම ආවේර්‍ණක හා ප්‍රායෝගික ව ගැළපෙන ප්‍රමිතියක් තිබිය යුතු ය.

විශේෂයෙන් ම උද්භිද විද්‍යා අංශය මගින් මේ වන විට ඖෂධ පැළෑටි 12ක් සඳහා තත්ත්ව කරන ප්‍රමිතීන් සැකසීමේ ව්‍යාපෘතියක් වර්තමානයේ ක්‍රියාත්මකකරමින් පවතී. ඊට අමතර ව විවිධ ඖෂධවල ජෛවීය ක්‍රියාකාරිත්වය පිළිබඳ ව මෙම ආයතනයේ රසායනාගාර පරීක්ෂණ කරනු ලැබේ. නිසි ප්‍රමිතියට අනුකූල ව පර්යේෂණ සාක්ෂ්‍ය මගින් චූර්ණ වර්ග, අරිශ්ට, කල්ක මෙම ආයතනය මගින් නිෂ්පාදනය කරනු ලබන අතර දේශීය රෝහල් පද්ධතියේ පර්යේෂණ සඳහා ඒවා යොදා ගනු ලැබේ. අපගේ දැනට පවතින ඖෂධ, ප්‍රත්‍යක්ෂ ව නිශ්චය කිරීම සඳහා අධ්‍යයන සිදු කෙරේ. සුදු කබර රෝගය රජත අනුස්මරණ කලාපය වෙනුවෙන් තැබූ සටහනකි) සඳහා දැනට භාවිත කරන “බාකූචි” නමැති තෛලය ද දියවැඩියාව සඳහා භාවිත කරන ඖෂධ ද මෙම ආයතනයෙන් සායනික පරීක්ෂණයට ලක් කර ඇත. එසේ ප්‍රත්‍යක්ෂ බවට තහවුරු කර ඇති ඖෂධ, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනය කර සාමාන්‍ය වෙළඳපොළට නිකුත් කරනු ලැබේ. ඖෂධ ලියාපදිංචි කිරීමේ අංශයක් ද මෙම ආයතනයේ ස්ථාපිත කොට ඇත. දේශීය ඖෂධ සියලූ ම ඒවා වෙළඳපොළෙහි විකිධෑමට පෙර මෙම ආයතනයේ ලියා පදිංචි කළ යුතු ය. එම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙම ආයතනයෙන් යම් මැදිහත් වීමක් කරනු ලබයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඇති ශිල්පීය අංශයෙන් ඕනෑම අයකුට ඒ සඳහා ඉල්ලූම් කළ හැකි අතර, ආයතනයේ ඇති රසායනාගාරය මගින් ඒ පිළිබඳ ව තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව ද පවතී. ආයතනය විසින් කරනු ලබන පර්යේෂණවලට අවශ්‍ය ආචාරධර්ම අනුමැතිය මෙතෙක් කල් ලබා ගනු ලැබූයේ ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙනි. එහෙත් දැනට මෙම ආයතන පරිශ්‍රයේ ආචාරධර්ම කමිටුවක් ස්ථාපිත කොට ඇති අතර, එය පර්යේෂණ$අධ්‍යයන කාර්යක්ෂම කිරීමට උපකාරි වී ඇත. අංශභාගය, චර්ම රෝග, පිළිකා, කොලෙස්ටරෝල්, දියවැඩියාවේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් මේ වන විට ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. 2012 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩ ව දේශීය වෙදකම පිළිබඳ අන්තර් ජාතික පර්යේෂණ සමුළුවල ආයතනය මගින් කළ පර්යේෂණ එළිදක්වා ඇති අතර, ඉදිරියේ දී එම නියෝජනය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. වර්තමානයේ මෙම ආයතන පරිශ්‍රයේ පිහිටි ආයුර්වේද රෝහලේ කොවිඩ් රෝගීන් හට නැවතී ප්‍රතිකාර ලබා ගැනීමේ ඉඩකඩ වෙන් කොට ඇත. බටහිර වෛද්‍යවරුන් ද සමග ඒකාබද්ධ ව මෙම රෝගීන්ගේ ප්‍රතිකාර කිරීම් සිදු වේ. ඉදිරියේ දී කොවිඩ් රෝගීන් සම්බන්ධ කර ගෙන පර්යේෂණ කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

නිෂ්පාදිත ඖෂධවල ප්‍රමිතිකරණ තත්ත්ව සහතික ලබා දීමේ පරාමිතීන් නිර්ණය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ද ආයතනයේ දැනට ක්‍රියාත්මක වේ. විවිධ ඖෂධවල ජෛවීය ක්‍රියාකාරිත්වය පිළිබඳ ව මෙම ආයතනයේ රසායනාගාර පරීක්ෂණ කරනු ලැබේ. අපගේ දැනට පවතින ඖෂධ, ප්‍රත්‍යක්ෂ ව නිශ්චය කිරීම සඳහා අධ්‍යයන සිදු කෙරේ. අංශභාගය, චර්ම රෝග, පිළිකා, කොලෙස්ටරෝල්, දියවැඩියාවේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් මේ වන විට ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. දේශීය ඖෂධ සියලූ ම ඒවා වෙළඳපොළෙහි විකිධෑමට පෙර මෙම ආයතනයේ ලියාපදිංචි කළ යුතු ය. මෙම ආයතන පරිශ්‍රයේ ආචාරධර්ම කමිටුවක් ස්ථාපිත කොට ඇත.

කලින් කලට නොයෙක් නොයෙක් අලූත් ලෙඩ රෝග ඇති වීම ද ස්වභාවික ය. අද පවත්නා මොළය ඉදිමෙන මැලේරියාව එයට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. මෙවැනි අලූත් රෝගවලට ප්‍රතිකාර සොයා ගැනීම සඳහා ද පර්යේෂණ කටයුතු මහෝපකාරී වේ. පර්යේෂණ නොපවත්වා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව ලියැවුණු නූතන හා පැරණි පොත් නොකියවා සියලූ ලෙඩවලට අප ළඟ ඛෙහෙත් ඇත අපට අලූතින් සොයා ගන්නට දෙයක් නැත˜ යනාදී වශයෙන් උදම්අනමින් හපන්කම් කියමින් සිටීමෙන් දියුණු කළ හැකි ආයුර්වේදයක් නැත. එයින් සිදු වන්නේ ආයුර්වේදය සංවර්ධනයෙන් ඉදිරියට යාම නො ව දියුණුවෙන් ආපස්සට යාම ය. ආයුර්වේදයෙහි පැවති අතීත ශ්‍රී විභූතිය නැවත ලබා ගන්නට නම් පර්යේෂණායතනය පටන් ගෙන අවුරුදු 25ක් පිරෙන මේ අවස්ථාවේ දී මෙතෙක් නොකෙරී ඇති වැඩ ගැන සිතා බලා තව තවත් කරුණු විමසා දැනට උසස් දියුණුවක් ලබා ඇති විද්‍යා ඥානය ද උපයෝගී කර ගෙන අපේ ඇති අඩුපාඩුකම් සකස් කර ගන්නට දැඩි අධිෂ්ඨානයක් කර ගත හොත් එය ආයුර්වේද සංවර්ධනයට මහත් රුකුලක් වනු ඇත. එ නිසා මේ ගැන අපේ ආයුර්වේදඥයන්ගේ අවධානය යොමු වේවා යි ඉත සිතින් පතමි.

පී. බී. වේරගොඩ

දේශීය වෛද්‍ය ලේකම්

(1987 බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණායතනය රජත අනුස්මරණ කලාපය වෙනුවෙන් තැබූ සටහනකි)

……………………………………………………………………………………………………………………………………

සටහන අරුණ ප්‍රශාන්ත වලිසුන්දර