අනවරත

උග භග ඡුගඵග වින්ධ්‍යා ණග වීරසිංහ

මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණැගල.

හැඳින්වීම
ලෝකය පුදුමාකාර ය. පුදුමාකාර වූ ලෝකය එකිනෙකා දකින්නේ විවිධාකාර ඇස්වලිනි. පෙනෙන දෙයින් ඔබ්බෙහි වූ යමක් දකින්නට හැකි නම්…

අ.පො.ස. (උ/පෙළ* ශිෂ්‍ය පරපුර අනාගත වැඩ ලෝකයට හුරු කරවීමේ අරමුණින් ”දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘති” වැඩසටහන හඳුන්වා දී ඇත. ඒ අනුව වඩාත් සමීප හා ලැදියාවක් දක්වන ක්ෂේත‍්‍රයන්ට අනුකූල ව ව්‍යාපෘති නිර්මාණකරණයෙහි හා ඉඩ සැලසේ.

එබැවින් මෙලෙස නිර්මාණාත්මක වර්ගයේ ව්‍යාපෘතියක් ලෙස මගේ ම අදහස් කැටි කොට ගත් පද්‍ය එකතුවක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

එදිනෙදා මුහුණ දීමට සිදුවන විවිධාකාර අත්දැකීම් හා සමාජයේ ජීවත් වන පුද්ගලයන් ගැන මගේ කෝණයට අනුගත ව ලියැවුණු පද්‍ය මෙහි අන්තර්ගත ය. මෙහි ඇතුළු පිටු පුරවා ඇත්තේ එම විවිධාකාර සිතුවිලිවලිනි.

ජජ්ජර කුමරිය

තුරු මුදුන් වියන් අතරින්
සඳ රැුස් බබළයි රිදියෙන්
අහස් විමානේ තරුමල් පිබිදුණු
රහස කියයි හොරැුහින්…

නිල්වන් ගගනත පිබිදුණු තරු කැට
අහස් ගෙඟ් සිට එබී බලා
කළු ගල් අතරින් තාලෙට ගලනා
ජලධාරා හා සිනාසුණි…

තරු කතා කරයි හෙමිහින්
දිය සිනා නගයි විගසින්
තුරු පතින් නැගේ හඩ – සිලි සිලි ගා…
එ විගස සසල ව පවනිින්

මිහිකත හිනැහෙන අඳුරු පැයේදිත්
මුළු ලෝ නිසසල ව ම නිදනා
ජජ්ජර කුමරිය ගලා බසින්නී
තැන නිසි දැන තනියම දැනිලා

ළමා ලොව අපෙයි

හත්දින්නත් තරු වගේ
හැම දා ළං වී පායන
එක ඉත්තක මල් වගේ
සැම දා එක විට හිනැහෙන
සඳ වට කළ තරු ?නේ
සිසිලස බෙදමින් සැනසෙන
පෙරළෙන පිටුවක් ගානේ
අපිමයි දරු ලොව බැබළෙන
දුවමු පනිමු – නටමු ගයමු
අත්වැල් අල්ලා – පෙරට ම ඇදෙමු

අරුණළු නැග එන යාමෙ දී
පිබිදුණු කැකුළක් ගානේ
හිරු රැුස් දැක දැක දිදුලන
පොඩි පිණි බිඳුවක් ගානේ
ගිම්හානය දැක සැඟවී
ගිලිහුණු කොළයක් ගානේ
කප පවතින තරු සැමදා
අපේ ලොව ලියවෙනවානේ

ලියමු කියමු – සිතමු බලමු
අත් නොහැරම – අත් පෙරටම ඇදෙමු

බුදු හිමි

බුදු හිමි
සත වෙත
මෙත පද
සසරේ
සිහිලැල්
ගගුලල්ලන්
විය
කතරේ
පින් පව්
නොම දත්
දුදනන්
අතරේ
සම මෙත්
සම කරුණා
ගුණ
පැතිරේ…

මෑණියනි පියතුමනි

සසර කතරේ අතරමං වී
දිය බිඳක් සෙවූ හුදෙකලාවේ

කෙම් බිමක් වී පවස සිඳ වූ
එදා සිට දිවි මං තලාවේ

ඉරේ උණුසුම් රැුසින් සඟවා
සිරිය පෙන් වූ ලෝ තලාවේ

මෑණියනි පියතුමනි නමඳිම්
ඔබේ දෙපා යුග හැම වෙලාවේ

මාංචු

මාංච ලූ දෙදන
වැනි වැනි
හතරකට
ඒ අතට – මේ අතට
මේ අතට – ඒ අතට
නගරාන්තර බස්රියෙන්
කෙළවරක
නීතිය හා සාමය රකින
මහත්වරු සමග
අතක් වූ දෙ අතත්
තද කරන් අල්ලාන
ඉතිරි දේ අතින් තදට
බස්රියේ එල්ලි
සිනා නැති ව
කතා නැති ව
බස් රථය ඇදෙද්දි
ඉදිරියට
වැනි වැනි
ඉදිරියට පසුපසට
මට මොනවා වේවි ද
මට මොනවා වේවි ද?

”අනවරත” පාසල් ව්‍යාපෘතිය පිළිබ`ද විද්වත් විවරණය 1

01* හැම පිටුවක් ම කියවීමි.

02* සියුම් නිරීක්ෂණය අගය කරමි.

03* නිරීක්ෂණයෙන් පහළ වන චින්තාව හා පරිකල්පනය අගය කරමි.

04* පැරණි පොතපත කියවීමෙන් ලද ආභාසය දිස් වේ.

05* නිර්මාණශිලි ලෙස යෙදුම් භාවිතය හා ඉන් අත්වන දැක්ම යහපත් ය.

06* ආගමික චින්තාව හා අධ්‍යාත්මික චින්තාව මුල් තැනක් ගනියි.

07* වඩාත් වර්ධිත පර්යේෂණ ප‍්‍රවණතාවට මුල් අදියර තබනු දිස් වේ.

08* පාසල් සිසුන්ගේ මෙබඳු නිර්මාණශීලි අභ්‍යාස අගය කළ යුතු ය.

09* ප‍්‍රතිභාව දිස් වේ.

10* මේ නිර්මාණශීලි අභ්‍යාසය තවත් සාකච්ඡුාවට ලක්විය යුතු ය.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
හිටපු අංශ ප‍්‍රධානි,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැළණිය විශ්වවිද්‍යාලය.

පාසල් අධ්‍යාපනයේ මුඛ්‍යතම අරමුණ, ශිෂ්‍යයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම පමණක් නො වේ. ශිෂ්‍යයින් තුළ සැඟ ව ඇති විභව්‍යතා උද්දීපනය කර විවිධ කුසලතාවන්ගෙන්, නිර්මාණාත්මක ශක්‍යතාවන්ගෙන් පිරිපුන්, ආකල්පමය සංවර්ධනයක් සහිත නිවහල් චින්තනයකින් යුතු ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහි කරලීම ද පාසල් අධ්‍යාපනයේ අරමුණකි. මේ පදනම මත අ.පො.ස. (උ.පෙ.* විෂය මාලාවට ”දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘති” හඳුන්වා දෙන ලද අතර, ඉන් අපේක්ෂා කරන ලද්දේ ද දැනුම කේන්ද්‍ර කර ගත් සාම්ප‍්‍රදායික අධ්‍යාපන රටාවෙන් නැතහොත් කට පාඩම් කර ගෙන විභාගවලින් සමත් වීමේ යාන්ති‍්‍රක ප‍්‍රවණතාවලින්් විනිර්මුක්ත වූ කුසලතා හා ආකල්පවලින් පිරිපුන් ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහි කරලීම ය. නො එසේ නම් ශිෂ්‍ය කුසලතා හා ආකල්ප සංවර්ධනය කෙරෙහි ශිෂ්‍යයා යොමු කරවීම අ.පො.ස. (උ.පෙ.* දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත අවසන් ඵලය ලෙස සරල ව හැඳින්විය හැකි ය. මේ පදනම අනුව නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් වින්ධ්‍යා කුමුදුනි වීරසිංහ ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය, සමස්තයක් ලෙස ව්‍යාපෘති අරමුණු සාක්ෂාත් කරනු ලබන ආකාරය මතු සඳහන් පරිදි ඇගයිය හැකි ය.

මාතෘකාව තෝරා ගැනීම
අ.පො.ස. (උ.පෙ.* පාසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ නිර්මාණාත්මක කි‍්‍රයාකාරකම් කළ හැකි නමුත් ඒ යටතේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන ශිෂ්‍ය සංඛ්‍යාව බෙහෙවින් ම අල්ප ය. මේ අනුව වින්ධ්‍යා ශිෂ්‍යයාව විසින් ස්වකීය ව්‍යාපෘතිය සඳහා නිර්මාණත්මක ගණයේ ව්‍යාපෘතියක් තෝරා ගැනීම නව මගක් ගත් අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකි ය. එමෙන් ම ඇය ස්වකීය හැකියාවලට අනුගත ව ඇයට සමීප හා ළැදියා සහිත ක්ෂේත‍්‍රයකට අයත්, කාව්‍ය රචනා ඇතුළත් නිර්මාණයක් සිය ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කර ඇත. එය උසස් පෙළ ව්‍යාපෘති වැඩ සටහනෙන් අපේක්ෂිත අරමුණු වඩා හොඳින් සාක්ෂාත් කරවන්නක් බැවින් මෙය අ.පො.ස. (උ.පෙ.* ව්‍යාපෘතියකට උචිත ය.

අරමුණු ගොඩ නැගීම
ස්වකීය ව්‍යාපෘතියේ අරමුණු වඩා හොඳින් සාක්ෂාත් වන ආකාරයෙන් සුදුසු පරිදි අරමුණු ගොඩ නගා ඇති අතර ආකල්පමය වශයෙන් අරමුණු ගොඩ නගා ගත් අවස්ථාවක් ලෙස ද ව්‍යාපෘති වාර්තාව අගය කළ හැකි ය.

අන්තර්ගතය
ව්‍යාපෘති වාර්තාවේ අන්තර්ගතය දෙසට අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ශිෂ්‍යයාව සතු නිසඟ දක්ෂතාව නො එසේ නම් නිර්මාණාත්මක ශක්‍යතාව ව්‍යපෘති වාර්තාවේ මුල සිට අවසානය දක්වා ම ප‍්‍රදර්ශනය වන බවයි. ව්‍යාපෘති වාර්තාවේ හැඳින්වීම, පිදුම, ස්තුතිය, පැතුම, පටුන යන ව්‍යාපෘති වාර්තාවක ඇතුළත් විය යුතු මුල් පිටු අවශ්‍ය පරිදි ඇතුළත් කර ඇති අතර ඒවා ද නිර්මාණත්මක ව ඉදිරිපත් කර තිබීම පැසසුම් කටයුතු ය. ඉන් පසු ශිෂ්‍යයාව ස්වකීය නිර්මාණ සංග‍්‍රහය ඉදිරිපත් කර ඇත. එම කාව්‍ය නිර්මාණ සහ රචනා විශ්ලේෂණයෙන් ගම්‍ය වන්නේ, ශිෂ්‍යාවගේ පර්යාලෝකයට හසු වූ එකිනෙකට වෙනස් වූ තේමා 30ක් කේන්ද්‍ර කොට ගනිමින් ස්වකීය පරිකල්පනය අපූර්වත්වයෙන් යුතු ව කවියට නගා ඇති ආකාරයයි.

ආගමට සම්බන්ධ ව ”බුදුහිමි, හිමියන් අනඳ බුදුගුණ ගැයුවේ ය මෙසේ” සහ ”සීවලී සාදු” යන පද්‍ය පන්තිත් ඉතිහාසයට සබැඳි වූ ”සඳකඩ පහණ උරුමෙකි අප හා බැදුණු” යන කව් පෙළත් විවිධ සමාජ ගැටලූ මුල් කර ගත් ”මාංචු”, ”ලතුවැකියාගේ කතුවැකිය”, ”අකුරු අහිමි ෆාතිමා” යන පද්‍ය නිර්මාණත් මවුබිම පිළිබඳ ලියැවුණු කව් පෙළත් ”සොබා මව් සුරකිමු” යන පද්‍ය පන්තියත් පෙන්නුම් කරනුයේ උසස් පෙළ ශිෂ්‍යාවක ලෙස සමාජයේ විවිධ පැතිකඩ කෙරෙහි සිය දෘෂ්ටිය මෙහෙයවන්නට ඇය සමත් ව ඇති ආකාරයයි. මේ ආකාරයට ඇය ස්වකීය පර්යාලෝකයට හසු වන විවිධ අත්දැකීම් සහ සමාජ සංසිද්ධීන් වස්තු විෂය කොට ගනිමින් ඉතා රසවත් වූ සහ කාලෝචිත කාව්‍ය නිබන්ධ රචනා කර ඇති අතර ඒ මගින් ඉතා විචාරශීලී ව සමාජය ප‍්‍රශ්න කරන අයුරු සහ මිනිස් හද සන්තානයේ දැවෙන සංවේදී ගැටලූ පිළිබඳ ව ස්වකීය චින්තනය මෙහෙයවා ඇති ආකාරය මනා ව පැහැදිලි වේ. ඒ අනුව සමස්තයක් වශයෙන් ව්‍යාපෘති වාර්තාවේ අන්තර්ගතය විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ, අපූර්වත්වයෙන් යුතු තේමා 30ක් වස්තු විෂය කොට ගනිමින් පාඨකයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යාමට ගෙන ඇති ව්‍යායාමය සාර්ථක වී ඇති බවයි.

භාෂා භාවිතය
ශිෂ්‍යයා ස්වකීය නිර්මාණ සංග‍්‍රහය කාව්‍යමය භාෂාවෙන් ඉදිරිපත් කර තිබේ. එළිවැට සහිත කවි ඊට
ආවේණික ආකෘතියෙන් ද නිසදැස් කවි, නිසදැස්වලට උචිත ආකෘතියෙන් ද අත් අකුරින් ලියා ඇති ආකාරය නිවැරදි ය; පැහැදිලි ය. අක්ෂර වින්‍යාස දෝෂ කිසිවක් හමු නොවීම ද පද බෙදීම සහ නිපාත භාවිතයෙහි ද ගැටලූ කිසිවක් හමු නොවීම ද ව්‍යාපෘති වාර්තාවේ අගය වැඩි දියුණු කරවන සුවිශේෂි ලක්ෂණයකි. එහෙත් වින්ධ්‍යා ශිෂ්‍යාව විසින් ඇතැම් පද්‍ය පන්ති සඳහා උපයෝගි කර ගන්නා කාව්‍යමය යෙදුම්, සාහිත්‍ය පිළිබඳ ව ඈ සතු පෘථුල දැනුම සහ විවිධ සාහිත්‍ය කෘති පරිශීලනයෙන් ඈ ලද පරිචය, උද්දීපනය කරනු ලැබූවත් ඒවා මුළු මහත් පාඨක ප‍්‍රජාවට ම එක සේ කාව්‍ය රස වින්දනයට බාධා මතු කරලනු ලබයි. උදාහරණ ලෙස ඇය විසින් ”ලතුවැකියාගේ කතුවැකිය” පද්‍ය නිර්මාණයෙහි භාවිත කරන ”ලතුවැකියා” යනු කවුරුන් ද යන්නත් ”උගත්තෙමි
බොහෝ ඉගැන්වූ පමණටත් වඩා” පද්‍ය පන්තියෙහි භාවිත කරන ”පොප්ලර් සෙවණ යට”, ”අල්තිනායී වී”, ”නිශ්විද පූරයේ”, ”මාස්ටර් පීස්ලා”, ”නිව්මන් එමිලි වී”, ”උදර්ජිත අරෙඹි හිඳ” වැනි යෙදුම් ද ”ජඡ්ජර කුමරිය” පද්‍ය නිර්මාණයෙහි එන ”ජඡ්ජර කුමරිය” වැනි යෙදුම් ද උදාහරණ ලෙස දැක්විය හැකි ය. ඒ බැවින් එබ`දු යෙදුම් අන්තර්ගත කිරීමේ දී තව දුරටත් ඒ පිළිබඳ අවධානය යොමු කොට මුළු මහත් පාඨක ප‍්‍රජාවට ම එක සේ රසවිඳිය හැකි අයුරින් භාෂාව පරිශීලනය කරන්නේ නම් ව්‍යාපෘති වාර්තාවේ අගය තව දුරටත් වර්ධනය කර ගත හැකි වනු ඇත.

ව්‍යාපෘති ආකෘතිය
ව්‍යාපෘති වාර්තාවක අන්තර්ගත විය යුතු මුල් පිටු සියල්ල අවශ්‍ය පරිදි ඇතුළත් කර ඇත. එමෙන් ම ඒවා ද සිය ව්‍යාපෘති අරමුණුවලට අනුගත වන පරිද්දෙන් නිර්මාණාත්මක ව ඉදිරිපත් කර ඇත. පන්හිඳක කැටයම් නිර්මාණ සංග‍්‍රහයේ සෑම කව් පෙළක ම ඊට අදාළ සිතුවමක් යොදා තිබීමෙන් එහි නිර්මාණත්මක බව තව දුරටත් ඉස්මතු වී ඇත. එමෙන් ම එම සෑම පද්‍ය පන්තියක් ම නිර්මාණය කළ කි‍්‍රයාවලිය මුල් පිටුවක හෝ හැඳින්වීමක ඇතුළත් කර තිබුණි නම් එය වඩාත් උචිත බව යෝජනා කරමි. ව්‍යාපෘති වාර්තාව අවසානයේ අන්තර්ගත කර ඇති ඇමුණුම් වලට අනුව ශිෂ්‍යාව මින් පෙර ද පද්‍ය නිර්මාණයේ යෙදී ඇති බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කර ඇත. ඒ පදනම මත ව්‍යාපෘතිය කළ ශිෂ්‍යාව පාසලේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන කාල රාමුවට අනුව නිර්මාණ සංග‍්‍රහය ඉදිරිපත් කර ඇති අයුරු ව්‍යාපෘති වාර්තාව අවසානයේ අන්තර්ගත කර ඇති ව්‍යාපෘති යෝජනාවෙන් තහවුරු කර ඇත. මේ ආකාරයට ඇය සිය ව්‍යාපෘති වාර්තාව ද ව්‍යාපෘති වාර්තාවක් තුළ අන්තර්ගත කළ යුතු සියලූ ම අංගවලින් සමන්විත ව වඩා නිර්මාණශිලි ලෙස ඉදිරිපත් කර තිබිම ද පැසසුම් කටයුතු ය.

උසස් පෙළ ව්‍යාපෘති වලින් අපේක්ෂිත පරිදි ඉගෙන ගන්නා විෂය තුනෙහි දැනුමට සීමා නො වී, ශිෂ්‍යයා සතු වෙනත් විවිධ හැකියා ඉස්මතු වන පරිද්දෙන් කාව්‍ය නිර්මාණ සංග‍්‍රහයක් ලෙස වින්ධ්‍යා කුමුදුනි වීරසිංහ ශිෂ්‍යාව සිය ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබිම නිසා, අ.පො.ස. (උ.පෙ.* විෂයමාලාවේ දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණු මැනවින් ඉටු වී ඇති බව තහවුරු කළ හැකි ය.

කේ. ඒ. එන්. සුලෝචනා ඇලෙක්සැන්ඩර්
සහකාර කථිකාචාර්ය,
පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.