උඩරට නර්තන සම්ප‍්‍රදායේ ශාන්තිකර්ම
වාසනා පී. එන්. බදුන්ගොඩගේ, 12 ් ශ්‍රේණිය, අනුලා විද්‍යාලය, නුගේගොඩ, වර්ෂය 2005
හැඳින්වීම
ශී‍්‍ර ලංකාව යනු සංස්කෘතිමය වශයෙන්, ලොව අනෙකුත් රටවල් හා සසඳා බලන කල ඉහළින් ම වැජෙඔන රටකි. මීට හේතුව වන්නේ ලොව අන් රටවල දැකිය නොහැකි වූ සංස්කෘතිකමය දායාදයන් අප රට තුළ දැකිය හැකි වීමයි. එම සංස්කෘතිකමය දායාදයන් ඔස්සේ අපේ ම වූ අනන්‍යතාවක්, ප්‍රෞඪ වූ ඉතිහාසයක් ගොඩ නගා ගැනීමට අප මුතුන් මිත්තන්ට හැකියාව ලැබුණි.
ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික දායාදයන්ගේ ඉතා වැදගත් වූ සුවිශේෂ ස්ථානයක් දේශීය නර්තන කලාවට හිමි වේ. ලංකාවේ ප‍්‍රධාන වශයෙන් නර්තන සම්ප‍්‍රදායන් 3ක් පවතී. ඒ අතරින් බොහෝ ප‍්‍රදේශවල ප‍්‍රචලිත ව පවතිනුයේ උඩරට නර්තන සම්ප‍්‍රදායයි.
අරමුණු
වර්තමානය වන විට මෙම ශාන්තිකර්ම සමාජයෙන් වියැකී යාමක් දක්නට ලැබේ. මීට හේතුව ලෙස දැකිය හැක්කේ ජනතාව කෙමෙන් කෙමෙන් දේශීයත්වයෙන් ඈත් වී, බටහිරකරණයට නැඔුරු වීමයි. ඒ අනුව මෙසේ අප අතරින් ඈත් වීමට වෙර දරන අපේකම, දේශීයත්වය රැුකගැනීමට උර දීම ශී‍්‍ර ලාංකිකයන් වන අප සැමගේ යුතුකමකි.
ක‍්‍රියාත්මක කරන ආකාරය
01 උඩරට නර්තන සම්ප‍්‍රදාය සතු ශාන්තිකර්ම පිළිබඳ ලියැවුණු පොත පතෙන් තොරතුරු ලබා ගැනීම.
02 ප‍්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත ගුරුපියාණන්ගෙන් පැරණි ශාන්ති කර්ම පිළිබඳ තොරතුරු ලබා ගැනීම
03 මා දුටු ශාන්තිකර්මයක පින්තූර හා තොරතුරු ඇසුරෙන් කෘතිය සම්පූර්ණ කිරීම.
පර්යේෂණ ප‍්‍රතිඵල
උඩරට නර්තන සම්ප‍්‍රදාය
ඕලන්ද පාලකයන් විසින් ශී‍්‍ර ලංකාව භේද භින්න කිරීම සදහා උඩරට – පහත රට යනුවෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ නම් කිරීම ආරම්භ කරන ලදී. ශී‍්‍ර ලංකාවේ උඩරට ලෙස හඳුන්වනු ලබන මහනුවර, උඩු නුවර, යටි නුවර, සත් කෝරළය, සතර කෝරලය, දුම්බර, හාරිස්පත්තුව යන ප‍්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති නර්තන සම්ප‍්‍රදාය, උඩරට නර්තන සම්ප‍්‍රදාය ලෙස හැඳින්වේ. මෙම සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ශාන්තිකර්මය ලෙස කොහොඹා යක් කංකාරිය හැඳින්විය හැකි අතර, වර්තමානයේ උඩරට නැටුම් නමින් දන්නා සියලූම නර්තන අංග ඒ තුළ අන්තර්ගත වේ.
මීට අමතර ව වර්තමානයේ වසරකට වරක් පමණක් දැකිය හැකි ර්‍ණවලියක් මංගල්ලය” මෙම සම්ප‍්‍රදායේ අවශේෂ ප‍්‍රධාන ශාන්ති කර්මය ලෙස හැඳින්විය හැකි ය. කඩවර කංකාරිය, අඩුක්කු මංගල්ලය, වැදි යකුන් නැටීම යන ශාන්තිකර්ම මෙන් ම බලි ශාන්තිකර්මය ද මෙම ප‍්‍රදේශයේ බහුල ව ව්‍යාප්ත වී ඇත. බලි සම්බන්ධයෙන් බලන කල, උඩරට බලි මෙන් ම නුවර කලාවියේ බලි ද මෙම ප‍්‍රදේශවලට ආවේණික ව පවතී.
සොකරි උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් ජන නාටක විශේෂයක් වන අතර, වන්නම් මෙම නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රසිද්ධ නර්තන අංගයකි. උඩරට බෙරය හෙවත් ගැට බෙරය උඩරට නර්තනය සඳහා භාවිත කෙරෙන ප‍්‍රධාන අවනද්ධ භාණ්ඩයි. මෙම නර්තන සම්ප‍්‍රදාය හා සම්බන්ධ ප‍්‍රධාන බෞද්ධ පෙරහැර ලෙස මහනුවර දළදා පෙරහැර නම් කළ හැකි ය.
උඩරට නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ඇඳුම් කට්ටලය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වනු ලබන අතර, එය ඉතාමත් දක්‍ෂ හා නිර්මාණශීලී වූත් ඇඳුම් කට්ටලයක් වේ. මෙම ඇඳුම් කට්ටලය ඇඳ කෙරෙන වෙස් නැටුම, ලක්දිව සංස්කෘතිය මෙන් ම අනන්‍යතාවද මනා ව නිරූපණය කරන නර්තන අංගයක් බව ලොව සියලූම රටවල් පාහේ හොඳින් දන්නා කරුණකි.
ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍්‍රදේශවලට වඩා උඩරට ප‍්‍රදේශවල කුල භේදය තදින් ම පවතියි. මීට පෙර යුගවල එක් කුලයක ජනතාව විසින් පමණක් පවත්වා ගෙන ආ උඩරට නර්තනය වර්තමානයේ මුළු ජන සමාජයට කිසිදු කුල භේදයකින් තොර ව පැතිර පවතින ආකාරයේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ. පාසල් අධ්‍යාපනයට නර්තන විෂය ප‍්‍රවිෂ්ඨ වීම මෙහි ලා ඉවහල් වූ ප‍්‍රධාන හේතුව වේ.
උඩරට ශාන්තිකර්ම වර්ගීකරණය
දේශීය වශයෙන් ගත් කල විසිරී ඇති ශාන්තිකර්ම විවිධාකාර ය. ඒ අනුව එම ශාත්තිකර්ම වර්ගීකරණය කොට දැක්වීම අධ්‍යයන කටයුතු සඳහා පහසු වේ. ශාන්තිකර්ම ප‍්‍රධාන අරමුණු 03ක් උදෙසා පැවැත්වේ.
01 දෙවියන් සඳහා
02 යකුන් සඳහා
03 ග‍්‍රහයින් සඳහා
ඒ අනුව උඩරට නර්තන සම්ප‍්‍රදායයේ ප‍්‍රධාන ශාන්ති කර්ම පහත සඳහන් පරිදි වර්ග කොට දැක්විය හැකි ය.
උඩරට ප‍්‍රධාන ශාන්තිකර්ම
දෙවියන් සඳහා යකුන් සඳහා ග‍්‍රහයින් සඳහා
01 කොහොඹා කංකාරිය 01 කඩවර කංකාරිය 01 බලි ශාන්ති කර්මය
02 දෙවියන් වැඳීම (කඩවර පිදීම*
03 දෙවොල් මඩු
(දේවස්තෝත‍්‍ර කීම*
04 වලියක් මංගල්ලය
විද්වතුන්ගේ ඇසින්
පන්ති කාමරයේ ඉගෙනුම් / ඉගැන්වීම් ක‍්‍රියාවලියෙන් බැහැර ව ගවේෂණයේ යෙදමින් ක‍්‍රියාකාරී ලොවකට පිවිසීමට මූලික අඩිතාලමට අත්වැළක් සැපයීම අ.පො.ස උසස් පෙළට ව්‍යාපෘති යෝජනා කිරීමෙහි අරමුණක් ලෙස දැක්විය හැකි ය. මෙම ව්‍යාපෘති ඵලදායි බවකින් යුක්ත වීම වැදගත් ය.
නුගේගොඩ අනුලා විදුහලේ වාසනා පී. එන්. බන්දුගොඩගේ ශිෂ්‍යාව කේවල ව්‍යාපෘතියෙන් උඩරට නර්තන සම්ප‍්‍රදායයේ ශාන්ති කර්ම පිළිබඳ ව කරුණු ඉදිරිපත් කර ඇත.
දේශීය නර්තන සම්ප‍්‍රදායයෙහි ශාන්ති කර්ම පිළිබඳ ව 6 – 11 සහ 12 – 13 පාසල් නර්තන විෂය නිර්දේශවල පාඩම් රැුසක් ඇත. මෙම ශිෂ්‍යාව ද 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා නර්තන විෂයය හදාරා ඇතැයි විශ්වාස කරමි. මෙහි දී නර්තන විෂයය හා සම්බන්ධ පොත පත ඇසුරු කිරීමට හා වැඩිදුර කරුණු හැදෑරීමට ගුරුවරයාගේ මඟපෙන්වීම ලැබී ඇතැයි ද විශ්වාස කරමි.
ව්‍යාපෘතියක් ලෙස උඩරට ශාන්තිකර්ම පිළිබඳ ව පොතක් සකස් කිරීමට ශිෂ්‍යාව උනන්දු වී ඇති බව පෙනේ. එය අගයමි. එහෙත් උසස් පෙළ ව්‍යාපෘති අරමුණු පිළිබඳ සලකා බලන විට ගුරුවරයාගේ මඟපෙන්වීම ඉතා වටිනා බව පැවසිය යුතු ය. එවැනි මඟපෙන්වීමක් ඉටු නො වී ඇති බව ව්‍යාපෘති වාර්තාවෙන් පැහැදිලි වේ.
ශාන්තිකර්ම ගැන ඉගෙන ගැනිමට අවශ්‍ය පුද්ගලයකුට පොත් පත් අවශ්‍ය තරමට ඇත. මෙම ශිෂ්‍යාව ලියා ඇති පොතෙහි ඇත්තේ එම පොත් පත්වල සඳහන් ව ඇති කරුණු ම ය. අරමුණු ඉදිරිපත් කිරීමේ දී ශාස්ත‍්‍රීය නැටුම්, ක‍්‍රමයෙන් වියැකෙන බව ශිෂ්‍යාව ප‍්‍රකාශ කරයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ බටහිරකරණයට නැඹුරු වීමයි. දේශිය නර්තනය රැුක ගැනීම යුතුකමක් ලෙස සලකමින් මෙම කෘතිය රචනා කළ බව පවසා ඇත.
මෙම පොතෙහි ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ආකාරය ගැන ද සටහන් කර ඇත.
x උඩරට නර්තන සම්ප‍්‍රදාය ආශ‍්‍රිත ශාන්තිකර්ම පිළිබඳ ලියැවුණු පොත පතින් තොරතුරු ලබා ගැනීම.
x ප‍්‍රවීණ නර්තන ශිල්පීන්ගෙන් පැරණි ශාන්තිකර්ම පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
x ඇය දුටු ශාන්තිකර්මයක පින්තූර, තොරතුරු ඇසුරින් ගෙන සම්පූර්ණ කිරීම.
එහෙත් ඒ සඳහා උපකාරී කොට ගත් පොත් පන්ති නම් සඳහන් කර නැත. ඒ සඳහා ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලියක් ඇතුළත් කළ යුතු ව තිබුණි. ශිල්පීන්ගේ තොරතුරු ලබා ගත් ආකාරය හෝ එම තොරතුරු පිළිබඳ සටහනක් නොමැත. ශිෂ්‍යාව දුටු ශාන්තිකර්ම ගැන සඳහනක් ද නැත. කාල රාමුවේ ද ශිෂ්‍යාව නැරඹූ ශාන්ති කර්මයක් ගැන සටහනක් නැත.
මේ පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම ව්‍යාපෘති භාර ව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන් ගේ වගකීමකි. ශිෂ්‍යාව යමක් ලිවීමට උත්සාහ ගෙන ඇත. එය අගය කළ හැකි ය. ඉතා පැහැදිලි අත් අකුරින්, ක‍්‍රමානුකූල ව ලියා සකසා ඇති ආකාරය අතිවිශිෂ්ට ය. නිල් හා කළු අකුරුත් ඡුායාරූපත් – රූපත් ඉතා මැනවින් සංකලනය වන සේ ඇතුළත් කර ඇත. එහෙත් ඒ උත්සාහය නිසි මඟට යොමු වී නැති අතර අන්තර්ගතයේ කරුණු නිසා වාර්තාව යම් තරමකින් පළුදු වී ඇත.
ශිෂ්‍යාවගේ අරමුණු ඉටු කර ගැනීමට පොත් පත්වලින් කරුණු ගැනීමට වඩා තම අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකමක් කරමින් ව්‍යාපෘතියක් කිරීමට උත්සාහ ගැනීම වඩාත් සාර්ථක යැයි සිතමි.
විශාරද බුද්ධි කල්්‍යාණි මුතුකුමාරණ
මැද කොළඹ නර්තන ගුරු උපදේශිකා