ඩෙංගු රෝග මර්ධනය

ඩෙංගු රෝග මර්ධනය

ඒ. ඩී. ආර්. චානකි වත්සලා රත්නායක, අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල

සාරාංශය

හැඳින්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ඩෙංගු රෝගය නිසා වසරකට රෝගීන් 45,000ක් පමණ මියයන බව වාර්තාවේ.

අරමුණු

  • ඩෙංගු රෝගය පිළිබඳ ව ඉගෙනීම
  • ඩෙංගු රෝගය වළක්වා ගැනීම පිළිබඳ ව දැනුවත් වීම
  • ප්‍රජාව දැනුවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අඩු කිරීමට ඇති බලපෑම සොයා බැලීම

ක්‍රමවේදය

මහජන සෞඛ්‍ය පරික්ෂක ගෙන් අසා දැනගැනීමෙන් හා පොත පත පත්‍රිකා ඇසුරෙන් ඩෙංගු රෝගය පිළිබඳ ව ඉගෙන ගන්නා ලදී.

අම්පාර කුමාරිගමේ තෝරා ගන්නා ලද නිවාස 20ක පෙර සමීක්ෂණයක් මගින් එක් එක් නිවසේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සටහන් කර, එම ප්‍රදේශවාසී ජනතාව ඩෙංගු මර්ධනය පිළිබඳ ව දැනුවත් කිරීමක් සිදු කරන ලදි. ඉහත නිවාස 20හිම පසු සමීක්ෂණයක් ද සිදු කෙරිණි.

ප්‍රතිඵල

ඩෙංගු වෛරසය ශරීර ගත වී ඇති ඊඩ්ස් ඊජිප්ටයි හෝ ඊඩ්ස් ඇල්බොපික්ටස් මදුරුවකු දෂ්ඨ කිරීමෙන් මෙම රෝගය මිනිසාට බෝවේ.

ඩෙංගු උණ – අධික උණ, ඇඟපත වේදනාව, හන්දි හා මාංශපේශි වේදනාව, ගෙල පෙදෙසේ තද ගතිය, හිසරදය, ඇස් යට රිදීම, ආදී රෝග ලක්ෂණ ඇති වේ.

ඩෙංගු රක්තපාත උණ – ශරීර ඉන්ද්‍රීයවලින් ලේ පිටතට ගැලීම, ලේ වමනය කිරීම, මළ සම`ග ලේ පිටවීම, සමේ රතු ලප වැනි තත්ත්ව දැකිය හැකි ය.

ඩෙංගු කම්පනය – උණ එකවර ම බැස ගියත්, රෝගී ස්වභාවයේ වෙනසක් නොපවතී. ඇඟ සුදුමැලි වෙයි. දහඩිය දමයි. නාඩි වේගවත් එහෙත් දුර්වල වෙයි. ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකර්ම නො කළහොත් රෝගියා මිය යාමට ද පුළුවන.

ඩෙංගු රෝග වාහකයෝ – රෝගවාහක ඊඩ්ස් මදුරුවන් වැඩිපුර ම බෝවන්නේ වැහි වතුර එකතුවිය හැකි හිස් ටින්, හට්ටි, මුට්ටි, වැහි පීලි, පරණ ටයර්, පොල් කටු, තැඹිලි කෝම්බ, යෝගට් කොප්ප ආදියෙහි ය.

සාකච්ඡාව

දැනුවත් කිරීමෙන් පසු සමීක්ෂණයේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගණනේ පැහැදිලි පහළ යෑමක් දැකිය හැකිය.

නිගමන හා යෝජනා

ප්‍රජාව දැනුවත් කිරීම මගින් නිවාස ආශ්‍රිත ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අඩුකර ගත හැක.

රෝගය වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග- මෙයට ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති නිසා ගතහැකි ක්‍රියාමාර්ග වන්නේ

  1. මදුරුවන් බෝවන ස්ථාන පර්සරයෙන් ඉවත් කිරීම
  2. මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකී සිටීම

හැඳින්වීම

ලෝක ජනගහනයෙන් මිලියන 2.5 පමණ සංඛ්‍යාවක් ඩෙංගු රෝග අවදානමකට භාජනය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මෙම රෝගය නිසා වසරකට රෝගීන් 45,000ක් පමණ මිය යන බව වාර්තා වේ.

ප්‍රජාව සම්බන්ධ කරගෙන ඉතා සරල ක්‍රම මගින් මෙම රෝගය පැතිර යාම වැළැක්විය හැකි අතර රෝගය මුල් අවස්ථාවේ දී හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් මරණ අනුපාතය 1-2% දක්වා අඩු කර ගත හැකි ය.

අරමුණු

  • ඩෙංගු රෝගය පිළිබඳ ව ඉගෙනීම
  • ඩෙංගු රෝගය වළක්වා ගැනම පිළිබඳ ව දැනුවත් වීම
  • ප්‍රජාව දැනුවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන අඩු කිරීමට ඇති බලපෑම සොයා බැලීම

ක්‍රමවේදය

උහන මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අසා දැනගැනීමෙන් හා පොතපත පත්‍රිකා ඇසුරෙන් ඩෙංගු රෝගය පිළිබඳ ව ඉගෙන ගන්නා ලදි. අම්පාර කුමාරිගමේ තෝරා ගන්නා ලද නිවාස 20ක පෙර සමීක්ෂණයක් මගින් එක් එක් නිවසේ, පහත ලයිස්තුවේ ඇති ආකාරයේ ස්ථාන ගණන සටහන් කර ගන්නා ලදි.

  • නිසි පරිදි මුද්‍රා නොකළ වැසිකිළි වළවල්
  • නඩත්තු නොකළ වැසිකිළි වළවල්
  • බැහැර නොකළ කුණු ගොඩවල්
  • ජලය එකතු වන ටැංකි
  • ජලය නිසි පරිදි බැස නොයන කාණු
  • පොකුණු හා ජලය රැෙ`දන වළවල්
  • ජලය රැෙ`දන වැහි පීලි
  • හිරු එළිය නොවැටෙන ස්ථාන
  • නිවසේ කවුළු ගණන
  • නඩත්තු කරන හා නො කරන ළිං
  • පොල් කටු හා කුරුම්බා කෝම්බ
  • යෝගට් කෝප්ප
  • නඩත්තු නොකරන කූඹි උගුල්
  • නඩත්තු නො කරන ජලය දමා ඇති මල් පෝච්චි
  • ශීතකරණවල ජලය එකතු වන ස්ථාන

පසුව එම ප්‍රදේශවාසී ජනතාව එක්රැස් කර පෙර ලබා ගත් දැනුම ඇසුරෙන්, ඩෙංගු මර්දනය පිළිබඳ ව දැනුවත් කිරීමක් ලේඛිකාව විසින් සිදු කරන ලදි. සමාලෝචන හා දේශනවලින් පසු, ඉහත නිවාස 20හි ම මුලින් ගණනය කළ ආකාරයේ ස්ථාන ප්‍රමාණය පිළිබඳ ව පසු සමීක්ෂණයක් සිදු කෙරිණ. ඩෙංගු පිළිබඳ ව ලද තොරතුරු ඇසුරෙන් හා සමීක්ෂණයේ ප්‍රතිඵල ඇතුළත් කර පොත් පිංචක් සකස් කරන ලදී.

 

ප්‍රතිඵල

ඩෙංගු යන අප්‍රිකානු වදනින් ප්‍රකාශ වන්නේ ඇට කැඩෙන යන්න යි. ඩෙංගු උණ වැළඳුන අයකුගේ අස්ථී බිඳිමක් සිදු වන්නේ නැති නමුත්, රෝගය වැළඳුනු පසු සිරුරට සිදු වන දැඩි අපහසුතාව ඉන් දැක්වේ. ඩෙංගු උණ වෛරසයක් මගින් සෑදෙන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීර ගත වී ඇති ඊඩ්ස් ඊජීප්ටයි හෝ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරුවකු දෂ්ඨ කිරීමෙන් මෙම රෝගය මිනිසාය බෝ වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වැඩිපුර රෝගීන් වාර්තා වන්නේ ජුනි හා ජූලි මාසවල ය. මෙම වැඩිවීම අප්‍රියෙල් මාසයේ අගදී පමණ පටන් ගන්නා නිරිත දිග මෝසම් වර්ෂාව සමග සම්බන්ධතාවක් පවතී.

ශ්‍රී ලංකාවේ ඩෙංගු උණ කලක සිට පැවති බවට වාර්තා තිබුන ද, වංසගත තත්ත්වයෙන් එය ඇති වූයේ 1967 දී ය.

මෙම රෝගය මගින් කරන විශාලතම හානිය නම්, ඩෙංගු රක්තපාතය හා ඩෙංගු කම්පනය නිසා ඇති වන මරණයයි. එම රෝගීන්ගෙන් 20% කට පමණ වෛද්‍ය ප්‍රතිකාර හරි හැටි නොලැබුව හොත් ඉතා ඉක්මනින් මරණයට පත්වීමට පුළුවන.

ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වනුයේ ප්‍රථම වරට ඩෙංගු ආසාදනයට ලක් වන අය නො ව, වරක් ඩෙංගු සෑදී සුව වී නැවත වරක් ඩෙංගු ආසාදනයට ලක් වූ අය යි. පළමු ආසාදනය නිසා ඇති වූ ප්‍රතිදේහ මෙහි දී, විනාශකාරී බවක් ඇති කිරීමට තුඩුදෙන බවක් පෙනේ. ඩෙංගු රක්තපාත උණට ගොදුරු වූ අය අතුරින් 90%ක් ම පමණක ඊට පෙර වරක්  හෝ දෙවරක් හෝ ඩෙංගු උණට ගොදුරු වී ඇත්තේ මේ නිසා යැයි විශ්වාස කෙරේ.

ඩෙංගු උණ

ඩෙංගු වෛරසය ශරීරයට ඇතුළු පමණින් ම රෝගය නොවැළදේ. ඩෙංගු වෛරසය ඇතුළු වී දින 5-6කින් පසු ඩෙංගු උණ රෝගය පහළ වේ. මෙහි දී ප්‍රධාන වශයෙන් ම අධික උණ, ඇඟපත වේදනාව, හන්දි හා මාංශපේශි වේදනාව, ගෙල පෙදෙසේ තද ගතිය, හිසරදය, ඇස් යට රිදීම, සමහර විට ඇෙඟ්ී කුෂ්ඨයක් හෝ ලප මතුවීම යන රෝගී ලක්ෂණ ඇති වේ.

ඇඳට වී විවේක ගැනීම, උණ අඩු කිරීමට පැරසිටමෝල් වැනි උණ අඩු කරන ඖෂධ ගැනීම (ඩෙංගු උණ පිළිබඳ සැකයක් ඇති විට උණ අඩු කර ගැනීම සඳහා ඇස්ප්‍රින් භාවිතා නො කළ යුත්තේ, රුධිර පට්ටිකා එක්රැස් වීමට එරෙහිව කි්‍රයා කරන නිසා, ඇස්ප්‍රින් ගැනීමෙන් අභ්‍යන්තර ලේ ගැලීම් ඇති විය හැකි හෙයිනි), දියර ආහාර වර්ග වැඩිපුර ගැනීම, උණ ඉක්මනින් අඩු කර ගැනීමට උදව්වක් වේ. සාමාන්‍යයෙන් දින 3 – 5ක දී උණ බැස යන අතර ඇෙඟ් රිදීම ආදිය තවත් දින කිහිපයකින් අඩු වී රෝගීයා සුව වෙයි.

ඩෙංගු රක්තපාත උණ

ඩෙංගු රක්තපාත අවස්ථාවේ දී ඩෙංගු උණ රෝග ලක්ෂණයන්ට අමතරව ඇස්, නාසය, කණ, මුඛය, විදුරුමස් ආදී ශරීර ඉන්ද්‍රීයවලින් ලේ පිටතට ගැලීම, ලේ වමනය කිරීම, මළ සම`ග ලේ පිටවීම (අමාශයේ හෝ කුඩා බඩවැලේ සිදුවන ලේ ගැලීම් නිසා මළ කළු පැහැ ගැන්වී තිබිය හැකි ය) මුත්‍රා සම`ග ලේ පිටවීම වැනි තත්ත්ව ද දැකිය හැකි ය. සමහර විට සම තුළ කෙරෙන ලේ ගැලීම් නිසා සමේ රතු ලප දිස් විය හැකි ය. ලේ කැටි ගැසීමේ අක්‍රමිකතා මෙවැනි ලේ ගැලීම් ඇති වීමට එක් හේතුවකි. නො එසේ නම් ශරීරය තුළ උදර කුහරය හෝ උරස් කුහරය තුළට ජලය (ප්ලාස්මා) ගලා යෑමක් ඇති විය හැකි ය.

ඩෙංගු කම්පනය

සමහර විට මෙහි ප්‍රතිඵලය ඩෙංගු කම්පනයට රෝගියා පත් වීම යි. මෙහි දී රෝගියාගේ උණ එක වර ම බැස ගියත්, රෝගී ස්වභාවයේ වෙනසක් නො පවතී. ඇඟ සුදුමැලි වෙයි. නාඩි වේගවත් එහෙත් දුර්වල වෙයි. ඇඟ නිල් වෙයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ රුධිර පීඩනය අඩු වෙයි. තොල කට වියලී විජලනයට ලක් වෙයි. ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකර්මය (ශරීරය තුළට ලේ පරිමාව වැඩිකරන සේලයින් වැනි ද්‍රාවණ හෝ රුධිර ප්ලාස්මය හෝ රුධිර ලබා දීම වැනි) නො කළ හොත් රෝගියා මිය යාමට ද පුළුවන. මේ නිසා මෙවැනි ඩෙංගු රක්තපාත කම්පන ලක්ෂණයක් හෝ ශරීරයේ පිටතට ලේ ගලන බවට ලකුණක් දුටුවහොත් රෝගියා වහා ම රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.

ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. ශරීරය වෛරසය ජය ගන්නා තුරු රෝගියාට අවශ්‍ය උවටැන් ලබා දිය යුතු ය. ප්‍රධාන අවශ්‍යතාව වනුයේ ලේ ගැලීමක් හෝ කම්පනයක් ඇති විට ශරීරයට අවශ්‍ය ලේ (තරල) ප්‍රමාණය හෝ ජලය ප්‍රමාණය යළි ලබා දීම යි. උණ ඇති විට වැඩිපුර පාන වර්ග ලබාදීමත්, රක්තපාත ලක්ෂණ ඇති විට රෝහලට ගෙන යන විට ජීවනී වැනි පානයක් දීමත් මෙහි දී විශේෂයෙන් වැදගත් වේ. රෝහලේ දී සේලයින් වැනි ද්‍රාවණ හෝ ලේ දීම ද මේ උවටැනේ ම කොටසකි.

ඩෙංගු රෝග වාහකයෝ කවරහු ද?

ඊඩ්ස් මදුරුවන් සමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා ය. උන්ගේ ශරීරය කළු පැහැති වන අතර සිරුරේ නොයෙක් පෙදෙස්වල සහ පාදවල ලප සහ තීරු ඇත. ගැහැණු මදුරුවෝ මිනිස් ලේ බීමට රුචියක් දක්වන අතර සාමාන්‍යයෙන් ලේ බීමට වඩාත් ක්‍රියාකාරී වන්නේ උදෑසන 7-10 දක්වා සහ සැන්දෑවේ 3-5 දක්වා අතර කාලය තුළ ය. ඊඩ්ස් ඊජීප්ටයි මිනිසාට දෂ්ඨ කිරීමට ගෙවල් තුළට එන අතර ලේ බීවාට පසු ගෙවල් තුළ වසා සිටියි.

ලේ ආහාරයක් ගැනීමෙන් පසු ගැහැනු මදුරුවා තම බිත්තර මෝරන තෙක් සුදුසු ස්ථානයක වසා සිටියි. ගැහැනු සතා සාමාන්‍යයෙන් වරකට බිත්තර 100 – 200ක් දමන අතර මෙසේ තම ජීවිත කාලය තුළ වාර 4-6 ගණනක් පමණ බිත්තර දැමීම සිදු කළ හැකි ය.

ඊඩ්ස් ඊජීප්ටයි බිත්තර මාස 12ක් පමණ තෙක් වුව ද වියළි කාලවල දී නොමැරි තිබිය හැකි ය. වැඩුණු මදුරුවා සතුටුදායක තත්ත්වයක් යටතේ මාස දෙකක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි ය. උගේ පියාසර කිරීමේ දුර අඩි 100-500ක් තරම් කෙටි සීමාවකි. බිත්තර අවස්ථාවේ සිට වැඩුණු මදුරු අවස්ථාව දක්වා වූ විකසනය සාමාන්‍යයෙන් දින 7-10 දක්වා වූ කාලයක් තුළ සිදු වේ. මෙම රෝගවාහක ඊඩ්ස් මදුරුවන් වැඩිපුර ම බෝවන්නේ වැහි වතුර එකතු විය හැකි හිස් ටින්, හට්ටි, මුට්ටි, වැහිපීලි, පරණ ටයර්, පොල් කටු, තැඹිලි කෝම්බ, යෝගට් කෝප්ප ආදියෙහි ය. එමෙන් ම නිවස තුළ ඇති මල් පොච්චි. වතුර පිරුණු කළගෙඩි හා ගුරුලේත්තු ආදිය තුළත්. කුහුඹු ගුල්වලත් මේ මදුරුවෝ බෝ වෙති. නිවෙස්වල වතු එකතු කරන ටැංකිවලත්, ශීතකරණවල වතුර එකතු කරන බන්දේසිවලත් බෝ වේ.

සාකච්ඡාව

සිදු කළ පෙර සමීක්ෂණයෙ දී සෑම නිවසක ම ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉහළ සංඛ්‍යාවලින් දක්නට තිබිණි. දැනුවත් කිරීමෙන් පසු සමීක්ෂණයේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගණනේ පැහැදිලි පහළයෑමක් දැකිය හැකි විය.

මෙම රෝග තත්ත්වය උග්‍ර වීමට හේතු

  • නාගරීකරණය
  • මදුරුවන් බෝවන ස්ථාන වැඩි වීම
  • ආසාධිත පුද්ගලයන්ගේ ගමනාගමනය, මදුරුවන් හා මදුරු බිත්තර ඇති භාණ්ඩ ප්‍රවාහනය.
  • බෝවීම වැළැක්වීම පිළිබඳ ව ප්‍රජාවගේ සහභාගීත්වයක් නොමැති වීම.

නිගමන හා යෝජනා

ප්‍රජාව දැනුවත් කිරීම මගින් නිවාස ආශ්‍රිත ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අඩු කර ගත හැකි ය.

රෝගය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග

මෙයට ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති නිසා ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ

  • මදුරුවන් බෝවන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම
  • මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකි සිටීම.
  • නිවසේ විශේෂයෙන් නිදන කාමර මදුරුවන් ඇතුළු නො වන සේ ආවරණය කිරීම.
  • කුඩා දරුවන් දිවා කාලයේ දී මදුරු නාශක ගැල්වූ මදුරු දැල් හා ජනෙල් ආවරණය කළ යුතු ය.
  • පරණ ටින්, බෝතල්, පොල්කටු, තැඹිලි කෝම්බ, ටයර් ආදිය එකතු කර විනාශ කිරීම, වැළලීම හෝ ගිනි තැබීම.
  • ජලය එකතු කර තබන භාජන හා ටැංකි, හෝ ටින් අතුල්ලා පිරිසිදු කිරීම සහ ආවරණය කර තැබීම.
  • අලංකාරයට තබා ඇති මල් බඳුන්වල වතුර නිතිපතා මාරු කිරීම.
  • කුහුඹු ගුල්වලට ලූනු දැමීම.
  • වැහිපීලි නිතරම පිරිසිදුව තැබීම.
  • අවට පරිසරය පිරිසිදුව තැබීම හා මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම.
  • මදුරුවන් විනාශ කිරීමට කෘමිනාශක යෙදීම.
  • පඳුරු හා උසට වැඩුණු පැළෑටි ඉවත් කිරීම මගින් නිවස අසල වැඩිහිටි මදුරුවන් රැඳී සිටිය හැකි ස්ථාන අඩු කිරීම.
  • ගස්වල වතුර ඇති කුහර හා ඛෙනවල වතුර නොරැෙඳන ලෙස හිල් කිරීම.
  • රබර් කිරි එකතු කරන පොල්කටු එම කිරි එකතු නොකරන අවස්ථාවල දී මුනින් අතට නමා තැබීම

දෙමාපියන්ගේ වගකීම

ඩෙංගු රක්තපාත උණ නිසා සිදුවන මරණ වැළැක්වීමේ දී  දෙමාපියන්ගේ ප්‍රධාන වගකීම වන්නේ එවැනි දරුවන්ගේ රෝග ලක්ෂණ කලින් හඳුනාගෙන ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීම යි.

සෞඛ්‍ය සේවකයන්ගේ කාර්යය

  • මහජනයා ඩෙංගු උණ පිළිබඳ ව දැනුවත් කිරීම.
  • ඩෙංගු උණ රෝගියෙක් වාර්තා වූ විට ඒ ගැන විශේෂයෙන් සොයා බැලීම සහ රෝගියා ගැන සහ රෝග මර්දනය පිළිබඳ උපදෙස් දීම.
  • හඳුනා ගත් මදුරුවන් බෝවන ස්ථාන දක්වන ලැයිස්තුවක් නිවැසියන්ට භාර දී, නිවැසියන් ලවා ම එම ස්ථාන විනාශ කිරීමට පෙළඹවීම.
  • වැඩසටහන අවසානයේ රැස් වී සමාලෝචනය කිරීම.
  • දීර්ඝකාලීන සැලසුමකට මෙම වැඩසටහන් ඇතුළත් කිරීම.

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

මෙම අධ්‍යයනය කොටස් කිහිපයකට ඛෙදා වෙන් කර දැක්විය හැකි ය.

  1. ඩෙංගු උණ රෝගය සහ එයට අදාළ කරුණු එක්රැස් කිරීම.
  2. එම කරුණු ඇතුළත් කර පොත් පිංචක් සකස් කිරීම.
  3. ප්‍රදේශයේ තෝරා ගත් නිවාස 20ක මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කර එය සංඛ්‍යාත්මක ව ගණනය කිරීම.
  4. එම නිවැසියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ පසු විපරමක් මගින් එම වැඩ සටහනේ සාර්ථකත්වය ඇගයීම

මෙම කොටස් අතරින් ඩෙංගු උණ රෝගය සහ එයට අදාළ කරුණු එක් රැස් කිරීම ක්‍රමාණුකල ව සිදු කර තිබේ. ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් ද අනුගමනය කර ඇත. පොත් පිංච සකස් කිරීමේ දී ද එම කරුණු මනාව ප්‍රයෝජනයට ගෙන තිඛෙන බව පැහැදිලි වේ. ඩෙංගු උණ රෝගයේ ඉතිහාසය, ලෝකයේ හා ලංකාවේ තත්ත්වය, රෝග ලක්ෂණ,  රෝගය වළක්වා ගන්නා ආකාරය, ඒ සඳහා විවිධ කණ්ඩායම් සතු වගකීම යනාදිය ඇතුළත් වන සේ මෙම පොත් පිංච සකසා තිබේ.

නිවාස සමීක්ෂණය සඳහා තෝරාගත් කුමාරිගම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණය පිළිබඳ ව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කලේ නම් වැදගත් ය. මෙම සංඛ්‍යාලේඛන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් ලබා ගත හැකි ය.

මෙම ව්‍යාපෘතියේ අනිත් කොටස් වන මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ ව නිවාස සමීක්ෂණය සහ නිවැසියන් දැනුවත් කිරීම පිළිබඳ ව විස්තර කර තිබීම ප්‍රමාණවත් නැත. එහි දී පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමු කිරීම සුදුසු ය.

  1. සමීක්ෂණය සඳහා නිවාස තෝරා ගැනීම ඃ අධ්‍යයනයක් සඳහා නියැදියක් තෝරා ගැනීමේ ක්‍රම කිහිපයක් තිබේ. මෙම නිවාස තෝරා ගත්තේ පර්යේෂකයාට පහසු ආකාරයට ද, නැති නම් අහඹු ලෙස ද එසේත් නැති නම් වෙනත් ක්‍රමයකට ද යන්න පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් ය.
  2. සමීක්ෂණයේ දී නිරීක්ෂණය කරන කරුණු පිළිබඳව පෙර නිගමනය කිරීම ඃ මෙහි දී මදුරුවන් බෝවන ස්ථාන මෙන් ම ඩෙංගු උණ රෝගය පැතිරීමට බලපෑ හැකි සාධක ලෙස පර්යේෂකයා විශ්වාස කරන තවත් කරුණු කිහිපයක් පිළිබඳ ව සමීක්ෂණය කර ඇත. මෙයින් නිවසේ කවුළු ගණන, හිරු එළිය නොවැටෙන ස්ථාන ආදිය ඩෙංගු රෝගය ව්‍යාප්තියට සම්බන්ධතාවක් තිඛෙන බවට හඳුනා ගෙන නොමැත. එහෙත් එහි සම්බන්ධතාවක් මේ යැයි පර්යේෂකයා උපකල්පනය කරන්නේ නම්, එම කරුණු අධ්‍යයනය කරනවා මෙන් ම එක් එක් නිවසේ සිටින ඩෙංගු රෝගය වැළඳුනු රෝගීන් සංඛ්‍යාව ගණනය කර මෙම කරුණු අතර සම්බන්ධතාවක් තිබේ දැ යි විශ්ලේෂණය කිරීම වැදගත් ය. අනතුරුව විද්‍යාත්මකව තෝරා ගන්නා ලද විශාල නියැදියක මෙම අධ්‍යයනය සිදු කර තමා සොයා ගත් කරුණු තහවුරු කළ යුතු ය (නැත හොත් තම උපකල්පනය නිෂ්ප්‍රභා කළ යුතු ය).
  3. නිරීක්ෂණය කරන කරුණු අර්ථ දැක්වීම ඃ තම අධ්‍යයනයේ දී නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන කරුණු පැහැදිලි ව අර්ථ දැක්වීම නිරීක්ෂණය ආරම්භ කිරීමට පෙර ම සිදු කළ යුතු ය. අනතුරුව නිරීක්ෂණය සිදු කරන විට එම අර්ථ දැක්වීම පෙර දැක්මක් ලෙස භාවිත කළ යුතු ය. උදාහරණයක් ලෙස නඩත්තු නො කරන ලද කුහුඹු උගුලක් යන්න —පසු ගිය දින හත තුළ ජලය මාරු නො කළ˜ —කුහුඹු උගුලක් ලෙස භාවිත කරන˜, —නිරීක්ෂණය කළ අවස්ථාවේ ජලය සහිත භාජනයක්˜, ලෙස අර්ථ දැක්විය හැකි ය.

—හිරු එළිය නො වැටෙන ස්ථානයක්˜ වැනි දෙයක් විවිධ ආකාරයෙන් අර්ථ දැක්විය හැකි ය. එබැවින් අධ්‍යයනයට පෙර සිට ම එවැනි කරුණු සියල්ල සඳහා පැහැදිලි අර්ථ කථන ලබා දීම ඉතා වැදගත් ය.

  1. නිවැසියන් දැනුවත් කිරීමේ දේශනයට සහභාගි වූයේ කවුරුන්ද යන්න විස්තර කර නැත. දේශනයට සහභාගි වූ ගණන, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, වයස, අධ්‍යාපන තත්ත්වය ආදිය විස්තර කිරීම සුදුසු ය.
  2. පෙර හා පසු විපරම් මගින් ලබා ගන්නා ලද තොරතුරු වගු දෙකක් මගින් ඉදිරිපත් කර තිබේ. එහෙත් එම වගු දෙක සංසන්දනාත්මකව විශ්ලේෂණය කර නො මැත. මෙම තොරතුරු සංසන්දනාත්මක ව විශ්ලේෂණය කිරීම මගින්, මදුරුවන් බෝ වන තැන් අඩු වී තිබේ ද වෙනසක් වී නැති ද නැතිනම් වැඩි වී තිබේ ද යන්න සොයා බැලීම වැදගත් ය. එසේ කළේ නම් තමාගේ මැදිහත් වීම කොතෙක් දුරට සාර්ථක වී තිබේ ද යන්න නිගමනය කළ හැකි ය. එවිට පසු කලෙක මෙම පර්යේෂකයා විසින් හෝ වෙනත් පර්යේෂකයෙකු විසින් හෝ මැදිහත් වීමක් කරන්නේ නම්, කුමන සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ද යන්න අවබෝධ වනු ඇත.

වෛද්‍ය නිහාල් අබේසිංහ

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය

සහ

වෛද්‍ය සුදත් සමරවීර

වෛද්‍ය නිලධාරී වසංගත රෝග විද්‍යා අංශය, කොළඹ.