දියවැඩියාව

ව්‍යාපෘති වාර්තා අංක 5

සාරාංශය

අරමුණු

  • දියවැඩියාව හඳුනා ගැනීම හා රෝගය පාලනය කර ගැනීම.
  • එම රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමෙන් මහජනතාව දැනුවත් කිරීම.
  • දියවැඩියාව පිළිබඳ ඇති මිත්‍යා මත බැහැර කිරීම.

 

ක්‍රමවේදය.

සගරා, පුවත්පත් ආශි්‍රත අධ්‍යයනයකින් ලබා ගත් තොරතුරු ඇසුරින් කරන ලද ව්‍යාපෘතියකි.

 

දත්ත විශ්ලේෂණය

 

දියවැඩියාව දෙයාකාරය. ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය විමේ හා ක්‍රියාකාරිත්වයේ අඩු පාඩු මේ සඳහා බලපායි. දියවැඩියාව ඇති විට ශරීර කොටස්වලට බරපතල හානි සිදුවිය හැකිය. ආහාර පාලනය, ඖෂධ වර්ග සහ ඉන්සියුලින් මගින් දියවැඩියාව පාලනය කළ හැකිය. මුත්‍රා පරික‍ෂණ මගින් මෙය හඳුනා ගත නොහැකි ය. රුධිර පරික‍ෂණයක් අනිවාර්්‍යයෙන් ම සිදු කළ යුතුය.

 

නිගමනය

 

  • බාල, තරුණ, මහළු ඕනෑම කෙනෙකුට දියවැඩියාව ඇති විය හැකිය.
  • ශී්‍ර ලංකාවේ ද දියාවැඩියා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.
  • දියවැඩියා රෝගය සම්පුර්ණයෙන් සුවපත් කිරීමට අසීරු වුවද පාලනය කල හැකිය.
  • දියවැඩියා රෝගය පාලනය කිරීමෙන් ඒ හා අත්වැල් බැඳගත් රෝග ගණනාවකින් ගැලවී සිටිය හැකිය.

 

දියවැඩියාව

 

නදීශානි මධුශංඛා ජයවර්ධන,

මහමායා බාලිකා මහා විද්‍යාලය

 

අරමුණු තීරණය කර ගැනීම.

 

  1. දියවැඩියාව හඳුනා ගැනීම හා රෝගය පාලනය කර ගැනීම.
  2. එම රෝගය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමෙන් මහජනතාව දැනුවත් කිරීම.
  3. දියවැඩියාව පිළිබඳ ඇති මිත්‍යා මත බැහැර කිරීම.

 

ක්‍රියාත්මක කරන ආකාරය

 

ස`ගරා,පුවත්පත් ආශ්‍රිතව

 

හැ`දින්වීම.

 

දියවැඩියාව යනු, ලේ වල සීනී (ග්ලූකෝස්) මට්ටම ඉහළ යාමයි.බාල, තරුණ, මහළු ඕනෑම වයසක කෙනෙකුට වැළඳිය හැකි මෙම රෝගය, රෝගියා ක්‍රමක්‍රමයෙන් පීඩාවට පත් කරන භයානක රෝගයකි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ද ඈත අතීතයේ පටන් මේ පිළිබඳ ව දැන සිටියහ. දියවැඩියාව හැදින්වීමට අද භාවිතා කරන්නේ ෘස්ඉැඑැි ඵැකකසඑමි යන වචන දෙකයි.

ලෝකය පුරා රෝගීන් දසලක්ෂ 30 ක් පමණ මෙම රෝගයෙන් පීඩා විඳිති. කොට්ටේ ප්‍රදේශයේ සිදු කෙරුණ සමීක්ෂණයකට අනුව ජනගහනයෙන් 4ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන බව හෙළි වී ඇත.

දියවැඩියා රෝගයේ ප්‍රධාන ආකාර දෙකෙන් 1ක් හැඳින්වෙන්නේ ඉන්සියුලින් අවශ්‍ය දියවැඩියාව නමිනි.

අනෙක් වර්ගය නම්  ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවන දියවැඩියාවයි

මින් පළමු  ආකාරයේ දියවැඩියාව ඇතිවීමට හේතුවන්නේ, අග්න්‍යාශයේ ඇති අඩුපාඩුවකි. එනම් අග්න්‍යාශය තුළ ප්‍රමාණවත් ඉන්සියුලින් නිපද වන්නේ නැත. විටක නිපදවන්නේ ඉතා අඩු ඉන්සියුලින් ප්‍රමාණයකි. තවත් විටක ඉන්සියුලින් නිපදවනනේ නැති තරම් ලේවල ඉන්සියුලින් නැත.එවිට ග්ලූකෝස් මට්ටම ඉහල යයි.

දෙවන ආකාරයේ දියවැඩියාව හෙවත් ඉන්සියුලින් අවශ්‍ය නොවන දියවැඩියාවේ දී ඉන්සියුලින් හිගයක් නො වේ.සමහර විටක ඕනෑවටත් වඩා ඉන්සියුලින් තිඛෙන්නට පුළුවන. එහෙත් මේ ඉන්සියුලින් වලින් ඉටුවිය යුතු මෙහෙය හරිහැටි ඉටුවන්නේ නැත.

මේ රෝගයේ මුල් කාලයේ දී පවා සීනි වැඩිවීම නිසා  මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වී නිද්‍රාගත (ක‍දප්) තත්වයට පත් වී ජිවිත හානි වීමට ඉඩ තිබේ.

ඒ හැර වසර ගණනක් තිස්සේ ශරිරය තුළ නොදැනුවත්ව ම වෙනස්කම් ඇති කර ඇස්, වකුගඩු හා ස්නායු සංකුලතා ඇති කිරීමට ද දියවැඩියාව සමත් ය.

මේ වන විට ලොව පුරා දියවැඩියා රෝගින් මිලියන 100ට වඩා සිටින අතර එය අවුරුදු 15ක කාලයක් ඇතුළත දෙගුණ වන බවත්, වසර 30ක දි තෙගුණ වන බවත් සොයාගෙන තිබේ. ඒ වන විට එම ප්‍රමාණයෙන් හරි අඩක් ආසියාතිකයන් වනු ඇතැයි අන්තර්ජාතික දියවැඩියා පදනම ප්‍රකාශ කර සිටි. .මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින දියවැඩියා රෝගීන් ගණන ලක්ෂ 10ක් පමණ වෙති.

 

දියවැඩියාවේ රෝග ලක්ෂණ

 

1.වැඩි වැඩියෙන් මුත්‍රා පිට වේ.

2.වෙව්ලීම හා ඇග සීතල කිරීම.

3.අධික පිපාසය.

4.බර අඩුවීම.

5.වෙහෙස.

6.තුවාල සුව නොවීම.

7.ලිංගික අවයවවල ඇතිවන කැසිම්.

8.හිසරදය.

9.ඇස් පෙනීම බොඳවීම.

10.බඩේ කැක්කුම / ඔක්කාරය.

11.ශාරීරික අප්‍රාණික බව.

මේ ලක්ෂණ එකක්වත් නැතිව වුව ද, දියවැඩියාව ඇති වීමට පුළුවන.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්විමට අනුව උදෑසන නින්දෙන් නැගිට කිසිවක් කෑමට හෝ බිමට පෙර පරික්ෂාකරන විට ලේ ඩෙසිලිටර් එකක තිඛෙන ග්ලූකෝස් ප්‍රමාණය 135mm ට වඩා වැඩිනම්  ඔහු දියවැඩියා රෝගියෙකි.

 

 

 

 

 

ලේවල සීනි වැඩි වන්නේ ඇයි?

 

මෙයට හේතුව ඉන්සියුලින් ලෙස හැඳින්වෙන රසායන ද්‍රව්‍යයේ (හෝමෝනයේ) අඩුපාඩුවකි. මේ අඩුපාඩුව ඇති වන්නේ ශරිරය තුළ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීමෙනි. එසේ නැත්නම් ඒ නිෂ්පාදනය ක්‍රියාවලින් සම්පුර්ණයෙන් ම ඇනහිටීමෙනි.නැත්නම් ඒ නිෂ්පාදනය ක්‍රියාවලින් තවත් මොහොතක මෙම ගැටලූව මතුවන්නේ, ඉන්සියුලින් ඇති තරම් තිබුණ ද ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා ය.මෙසේ ඉන්සියුලින් මගින් ඉටුවිය යුතු රාජකාරිය නිසි ආකාර ව ඉටු නොවන විට අග්න්‍යාශය මගින් නිපදවන ග්ලූකොගන් හෝමෝනය වැඩියෙන් නිපදවයි. මෙම ග්ලූකොගන් මගින් ග්ලූකොස් නිපදවන ලෙස අක්මාවට අණ කරයි. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමය.

දියවැඩියාව නැතිවත් මුත්‍රාවල සීනි තිබිමට හැකි නිසා මුත්‍රා පරික්ෂාව පමණක් නො සෑහේ. මුත්‍රා පරික්ෂාව මගින් ලේවල සීනි මට්ටම ගැන පැහැදිලි අදහසක් ඇති කර ගත නො හැකි ය.

 

දියවැඩියාව ඇති විමට බලපාන හේතු

 

1.වැරදි ආහාර

2.අඩු ව්‍යායාම් සහිත ජිවිතය.

3.මානසික ගැටලූ අධික විම.

 

දියවැඩියාව පාලනය කිරීම

 

1.ආහාර පාලනය.

2.ඛෙහෙත් පෙති

3.ඉන්සියුලින් එන්නත

 

සමහර රෝගින්ට පැණි රස ආහාර පාලනය මගින් පමණක් දියවැඩියාව පාලනය කර ගත හැකි අතර, තවත් සමහරුන්ට ආහාර පාලනය කරන අතර ම දිනපතා ඉන්සියුලින් එන්නත ලබා ගැනිමට සිදු වේ.කුමන ආකාරයේ ප්‍රතිකාර ලබාගත්තත් ආහාර පාලනය කිරීම අනිවාර්ය ය.

 

ස්වභාවික ආවරණයක් ඇති ආහාර

 

කුරුට්ට සහිත රතු කැකුළු හා තම්බපු සහල්, කුරක්කන්, ආටා, උලූඳු, සෝයා, මෙනේරි, මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය වර්ග ඕනෑම එළවළුවක් ආහාරයට ගැනීමට සුදුසු අතර කොළ සහිත එළවලූ ආහාරයට ගත හැකි නම් වඩාත් වැදගත් ය.

අල, බතල, කොස්, දෙල් වැනි ආහාර බත් සමග ගන්නේ නම් වෙන දා ගන්නා බත් ප්‍රමාණයෙන් කොටසක් අඩු කර ඒවා ආහාර වේලට එකතු කර ගත යුතු ය.

මාංශමය ආහාර අතරින් මාළු නිතර ආහාරයට එක් වුවාට වරදක් නැත. කුකුළු මස් ආහාරයට ගැනීම හානිදායක නො වේ. එහෙත් එළු, හරක් හා ඌරුමස් වැනි ශරිරයේ ස්ථුලභාවය වැඩි කරන මස්වර්ග පාවිච්චිය අඩු කිරීමට උත්සහ කළ යුතු ය.

 

දියවැඩියාව වැළැක්විම පිණිස ආහාර පාලනය

 

මෙහිදී ප්‍රධාන අවධානය යොමු වන්නේ රුධිරයේ ඇති සීනි හා කොලොස්ටරෝල් වැනි මේද සාමාන්‍ය තත්වයේ පවත්වා ගෙන යාම හා ප ුද්ගලයාගේ උසට සරිලන බර ප්‍රමාණයක් පවත්වාගෙන යාම ය. විශේෂයෙන් ම දියවැඩියා රෝගීන්ට මධ්‍යසාර හෙවත් මත්පැන් ඉතා අහිතකර ය.

නිවැරදි ආහාර සැලැස්ම

 

       වැඩි පිෂ්ටය හා වැඩි කෙඳි ප්‍රමාණයක් ඇති ආහාර

       සීනි සහිත ආහාර නොගැනීම.

       අඩු කැලරි සහ අඩු මේද ප්‍රමාණවලින් යුක්ත ආහාර

 

දියවැඩියා රෝගියෙකුට සුදුසු ව්‍යායාම

ව්‍යායාම සිරුරට හිතකර ය. ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම , වැනි ව්‍යායාම කිරීමෙන් දියවැඩියා රෝගින්ට වාසි රැසක් අත් වේ.

තරබාරු බව අඩු වේ.ලේ වල තිඛෙන සීනි, මස්පි~ු තුළට ඇතුළු වී ලේ වල සීනි මට්ටම අඩු වේ. හදවත ශක්තිමත් වේ. ලේ වල කොලොස්ටරෝල් මට්ටම අඩු වේ.

දියවැඩියා රෝගීන්ට දෙනු ලබන ඛෙහෙත්

එම ඛෙහෙත් වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය.

  1. සල්ෆොනිල්යුරියා

2.බයිගුඅනයිඩ්

සල්ෆොනිල් යුරියා කාණ්ඩයට අයත් ඖෂධ

  1. ටොල් බියුටාමයිඩ්
  2. ක්ලෝප්‍රොපමයිඩ්

3.ග්ලික්ලසයිඩ්

  1. ග්ලිඛෙන්ක්ලමයිඩ්

බිගුඅනයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ

  1. මෙට්ෆොර්ම්න්

මෙහි සඳහන් කර ඇත්තේ ඛෙහෙතේ විද්‍යාත්මක නමයි. මෙම ඛෙහෙත් නිපද වන සමාගම් ඒවාට විවිධ නම් දි ඇත.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින්

දියවැඩියා රෝගයේ ප්‍රධාන ආකාර දෙකෙන් එකක් වන ඉන්සියුලින් අත්‍යවශ්‍ය දියවැඩියාව හෙවත් පළමු ආකාරයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීනට දිනපතා ම ඉන්සියුලින් එන්නත් ලබා දිය යුතු ය.

සමහර අවස්ථාවල දී දෙවන ආකාරයේ දියවැඩියා රෝගින්ට ඉන්සියුලින් එන්නත් ලබා දේ.එවැනි අවස්ථාවක් නම්, දෙවන ආකාරයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගින් ට, සැත්කමක, ක්ෂුද්‍ර ජිවී ආසාදනයක් හෝ හෘදයාබාධයක් වැනි හදිස්සි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුව හොත් ඉන්සියුලින් එන්නත් ලබා දේ.

 

 

ඉන්සියුලින් එන්නත් ලබා දෙන ආකාරය

බොහෝ දෙනෙක් දිනකට දෙවරක් එන්නත විද ගනිති.කලාතුරකින් සමහරකුට දිනකට එන්නත් තුන, හතරක් පමණ අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් ඉන්සියුලින් විදින්නේ පෙකනිය වටා,බඩට,තට්ටමට හෝ කලවා පෙදෙසට ය.මේ කුමන තැනකට විද්දත් වරදක් නැත. එහෙත් ඛෙහෙත් විදින ප්‍රදේශය දිනෙන් දින මාරු කළ යුතු ය.එසේ නොකර එක තැනකට විද්දොත් එතැන ගෙඩියක් ඇති වේ. එවිට විදින ඉන්සියුලින් හරිහැටි උරා ගන්නේ ද නැත.

ඉන්සියුලින් යනු ප්‍රෝටීනයකි. නුතන තාක්ෂණය දියුණු බැවින් වර්තමානයේ මිනිස් ඉන්සියුලින් කෘත්‍රිම ව ද

නිපදවයි. ගවයන්ගෙන් හා ඌරන්ගෙන් ද ඉන්සියුලින් නරක්නොවී තබා ගැනීමට නම් අවට පරිසරය වඩා සිසිල් තැනක එනම් ශිතකරනයක් තුල තැබිය යුතු ය. මැටි බඳුනකට ජලය ටිකක් දමන්න. ඉන් පසුව ඉන්සියුලින් කුප්පිය නුලකින් බැඳ මැටි බඳුනේ, කට වටේ ගැට ගැසිමෙන් ජලය මට්ටමට ඉහළින් සිටිනසේ එල්ලාගෙන බඳුනේ කට වසා තැබිය යුතු ය. මැටි බඳුන තුළ සිසිල් පරිසරයක් ගොඩ නැගේ.

මේ ක්‍රමය අනුව සතියක්, දෙකක් පමණ ඉන්සියුලින් ගබඩා කර තබා ගත හැකිය.

ඉන්සියුලින්වල කාර්යයන්

  1. එය රුධිරනාල තුළ ඇති ලේවල තිඛෙන සීනි(ග්ලූකෝස්)ෙසෙල තුළට ඇතුළුවීම වේගවත් කරයි.
  2. ෙසෙල තුළ දී ග්ලූකෝස් යොදවා ගෙන වෙනස් සංයෝග නිපදවන්නට රුකුල් දේ.
  3. ශරිරය තුළ ග්ලූකෝස් නිපදවීම අඩු කරයි.

දියවැඩියා රෝගින්ට ග්ලූකෝස් මගින් ඇතිකරන බලපෑම

ලේ වල ග්ලූකෝස් මට්ටම එක්තරා පරාසයකට තිබිය යුතු ය. වඩා වැඩි වුනොත් දියවැඩියාව සෑදේ. ලේ වල සීනි(ග්ලූකෝස්) මට්ටම ඕනෑවට වඩා අඩුවන විට එය ද ඉතා අහිතකර ය. ලේ වල සීනි මට්ටම ඕනෑවට වඩා අඩු වු විට සිරුර, අප්‍රාණික වේ. වෙහෙසක් දැනෙයි. දහඩිය දමයි, වෙව්ලීම, ක්ලාන්තය, හිසරද මෙන්ම හදවත වේගයෙන් ගැසීම ද සිදු වේ. මෙ වැනි අවස්ථාවල දී දියවැඩියා රෝගීන් හැසිරෙන්නේ වෙරි වු අය මෙනි.

ඛෙහෙත් වැඩියෙන් පාවිච්චි කළ අවස්ථාවලදි හා ඉන්සියුලින් සුළු ප්‍රමාණයක් හෝ වැඩියෙන් ශරිරගත වු විට ලේවලග්ලූකෝස් මට්ටම ඕනෑවට වඩා අඩු විය හැකි ය. සාමාන්‍යයෙන් ආහාර වෙනස් කිරිමෙන් පමණක් දියවැඩියාව පාලනය කරන විට මෙම තත්වය ඇති නොවන අතර, ZZ බිගු අනයිඩ්ZZ කාණ්ඩයේ මෙට්ෆෝමින් පැඵරෙපසබ නම් ඛෙහෙත පාවිච්චි කරන රෝගීන්ටත් මෙම තත්වය ඇති නොවේ.

අධික වෙහෙසකර වැඩවල නිරත වීමෙන් හා ඛෙහෙත් ගන්නා අතර දී ආහාර වේලක් ම`ග හැරුණොත් හා කෑම කන්නට පමා වුණොත් ග්ලූකෝස් මට්ටම ඕනෑවට වඩා අඩු වී සිරුර අප්‍රාණික වේ. එයට හේතු වන්නේ, ඛෙහෙත්වලින් ද ග්ලූකෝස් මට්ටම අඩු කරවන නිසා ය. ඒනිසා දියවැඩියා රෝගීන් වෙලාවට කෑම ගත යුතු ය.

ලේ වල ග්ලූකෝස් මට්ටම අඩු වී රෝගීන්, ටික වේලාවකින් සිහිසුන් වී අවසානයේ දී මිය යන්නට පවා ඉඩ ඇත.

දියවැඩියාව පිළිබඳ මිත්‍යා මත

  • මුත්‍රා පරික්ෂාව මගින් දියවැඩියාව හඳුනා ගැනීමට පුළුවන් යැයි යන මතය වැරදි ය.
  • පෙති බොන්නේ රෝගය අඩු අය බවත් ඉන්සියුලින් ලබා දෙන්නේ රෝගය දරුණු වූ විටත් යන අදහස ද වැරදි ය.
  • ඛෙහෙත් බොනවා නම් හා ඉන්සියුලින් ලබා ගන්නවා නම් ආහාර පාලනය නොකළ යුතුය යන්න වැරදි අදහසකි. දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන් ම ආහාර පාළනය කළ යුතු ය.
  • සීනි කෑම හොඳ නැත. එහෙත් හකුරු, මී පැණි ආදිය එතරම් අගුණ නැතියි කියා මතයක් ජනතාව තුල ඇත. මෙය ද වැරදි මතයකි .හකුරු කෑවත් ග්ලූකෝස් මට්ටම වැඩි වී දියවැඩියාව උග්‍රවේ.

දියවැඩියාව නිසා මතුවන වෙනත් රෝග

රෝගියා දියවැඩියාව හෙවත් ලේ වල සීනි මට්ටම වැඩි වීම මනා සේ පාලනය කරනවා නම් මෙම අනෙකුත් රෝග ඇති වීම පමා වේ. සිරුර පුරා ලේ ගලා යන නාළවල ඇතුළු බිත්තියේ තෙල් සහිත පටකයන් තැන්පත්වීම,  ඇතරොස්ක්ලෙරොසිස් ලෙස හඳුන්වන අතර, දියවැඩියා රෝගීන්ට මෙම රෝගය ඇතිවීමේ ඉඩ වැඩි ය. මේ රෝගය සෑදුණු විට ධමනි වල කුහරය පටු වී ලේ ගමන අපහසු වේ. හදවතට ලේ සපයන ධමනි මේ රෝගයට ගොදුරු වු විට හදවත් රෝග සෑදෙයි. පාදයට ලේ සපයන ධමනි මේ රෝගයට ගොදුරු වු විට පයේ ඇගිලි කොටස් මිය යයි. දෙපාවල තුවාල ඇති විම වැඩි වේ. ඇවිදින විට දෙපාවල වේදනාවක් ඇති වේ. රෙටිනොපති නමින් හඳුන්වන්නෙ දියවැඩියාව හා සම්බන්ධ අක්ෂි රෝගයකි. මෙහි අවසානය අන්ධ බවයි. තමා රෝගයෙන් පෙළෙන බවට කිසිදු සලකුණක් මුල් කාලයේ දි දක්නට නො ලැබේ. හිටි හැටියේ ඇස් නොපෙනී යයි. එසේ ම ඇස් හා සම්බන්ධ දෙවන රෝගය ඇසේ සුදයි.

දියවැඩියාව ස්නායුවලට ද හානි කරයි.මේ නිසා අතපයේ ඇ`ගිලිවල සිට ඉහළට හිරි වැටෙන්නට පටන් ගනී. තුවාල ඇති වුණත් වේදනාවක් නැත. මේ නිසා පුරුෂයන් ලිංගිකව දුබලතාවයට පත් විය හැකිය.

එමෙන් ම දියවැඩියාව වකුගඩුවේ ක්‍රියාකාරිත්වය අඩපන කරයි. එවිට සාමාන්‍යයෙන් මුත්‍රා සමග පිටව යන විෂ ද්‍රව්‍ය සිරුර තුළ එක් රැස් වේ. අඩු වයසින් දියවැඩියාවට ගොදුරුවන බොහෝ දෙනා ජිවිතයෙන් සමුගන්නේ මේ රෝගය නිසා ය. දියවැඩියා රෝගින්ට මෙම අනෙකුත් රෝග තිබේ දැයි සොයා බැලිම වෛද්‍යවරුන්ගේ යුතුකමකි.

මේ සඳහා විශේෂ පරික්ෂණ කීපයක් කළ යුතු ය.

මුත්‍රාවල  ඇල්බියුමින් සහ කීටෝන තිබේදැයි පරික්ෂා කිරිම.

  • ලේ පරික්ෂාව
  • අත්පාවල ලේ ගමන පරික්ෂා කිරිම
  • අත්පාවල ස්නායු පරික්ෂා කිරිම
  • ඇස් පරික්ෂා කිරීම.

දියවැඩියාවට මුහුණ දෙමු

දියවැඩියා රෝගියෙකු මනස ඉතා හොඳින් වෙහෙසන කාර්යයන්ගේ නියුතු නොවිය යුතුය. මනස වෙහෙසීමෙන් රුධිර පීඩනය හා හදවතේ ගැස්ම වැඩි වන අතර එමගින් ගබඩා වි ඇති සීනි ප්‍රමාණය වැඩියෙන් ලේවලට එක් කිරීමට පටන් ගැනෙයි.

දියවැඩියාව වැළඳී ඇතැයි දැන ගත් විට බොහෝ දෙනෙකු කම්පනයට පත් වේ. බොහෝ දෙනෙකු මෙය වැරදීමක් යැයි සිතති. මට දියවැඩියාව හැදෙන්න විදිහක් නහැ යැයි කියා රෝගය පිළිබඳව අමතක කිරීමට උත්සාහ කරති. මෙය රෝගය තව තවත් දරුණු විමට හේතුවකි. අධික ලෙස කෝපයට තවත් අවස්ථාවකි. මම මෙච්චර ආරක්ෂා වෙලත් මට දියවැඩියාව හැදුනෙ ඇයි? යන ප්‍රශ්නය සමහරු අසති.

දියවැඩියාව පාලනයට සහය වීමට ඉදිරිපත්වන්නන් පිළිබඳ ව කෝපයට පත් නොවි උදව් ලබා ගැනීම

දියවැඩියාව පාලනය කිරීමට වැදගත් වන්නේ පවුලේ අයගේ සහයෝගයයි.

නොසැලකිලිමත් වීමzz දියවැඩියාව උග්‍ර වීමට හේතු වේ. මට දියවැඩියාව තිබුණට කමක් නෑ. මම මට ඕනෑ හැටියට ඉන්නවා සමහරු මෙසේ කල්පනා කරති. එහෙත් මෙය වැරදි ආකල්පයකි.

දියවැඩියාව වැළඳුන පසුව එයින් මිදීමට නම් ඔබ අලූත් ජීවිතයකට හුරු විය යුතු ය.මේ සඳහා විශාල කැපවීම් කිරීමට ඔබට සිදු වේ. ආහාර පාලනය, ලේ මුත්‍රා පරික්ෂා කිරීම, ඉන්සියුලින් එන්නත් කිරීම වැනි කාර්යයන් සඳහා ඔබේ කාලයෙන් වැඩි වේලාවක් ගත වන බව ඔබට හැ`ගී යනු ඇත. මේ අවස්ථාවේ දී ඔබ කළ යුත්තේ, ඒ ගැන පසුතැවීම නොව සුබවාදී ව කල්පනා කිරීමයි. නිසා ප්‍රතිකාර ගෙන යන තත්වයට පත් විය හැකි යයි සිතන්න. එයින් පසු ඒ අනුව ක්‍රියාත්මක විය යුතු ය. වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු ය.

එබැවින් දියවැඩියාව පරාජය නොවී. දියවැඩියාව පරාජය කිරීමට හැකි බව සිතා ඒ සඳහා උත්සහ දැරිය යුතු ය.

නිගමන

  1. බාල, තරුණ, මහළු ඕනෑම වයස් තරාතිරමක පුද්ගලයින්ට දියවැඩියාව වැළඳිය හැකි බව.
  2. ශ්‍රී ලංකාවේ ද දියවැඩියා රෝගීන් ලක්ෂ 10 ක් පමණ සිටින බව හා සීඝ්‍රයෙන් දියවැඩියා රෝගය ව්‍යාප්ත වන බවත් තහවුරු විය.
  3. දියවැඩියා රෝගය සම්පුර්ණයෙන් සුවපත් කිරීමට අසීරු වුවත්, දියවැඩියා රෝගීන්, ආහාර පාලනය, ව්‍යායාම්වල නිරත වීම, ඉන්සියුලින් එන්නත් කිරීම ආදී කාර්යයන්හි නිරත වීමෙන් රෝගය බොහෝ දුරට පාලනය කර ගත හැකි බව.
  4. දියවැඩියාව පාලනය කිරීමෙන්, එම රෝගය සමග අත්වැල් බැඳගත් රෝග වන, ධමනි රෝග, ඇස් රෝග, ස්නායු ආබාධ, වකුගඩු රෝග, වැනි රෝග ගණනාවකින් ගැළවී සිටීමට හැකි වේ.

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් 1

දියවැඩියාව  ව්‍යාපෘතිය, සගරා පුවත්පත් ආශ්‍රයෙන් කරුණු සොයා ගත් අධ්‍යයන වර්ගයේ ව්‍යාපෘතියකි. මෙහි මුලික දුර්වලතාව ද එයයි. 21 වන සියවසේ දැනුම මොහොතින් මොහොත වෙනස් වේ. පරිගණක යුගයේ දී අන්තර්ජාලය භාවිතයෙන් නිවැරදි දැනුම මොහොතකින් තමන් සතු කර ගත හැකි ය. ස`ගරා විද්‍යා පොත් පත් මගින් දෙන දැනුම කොතරම් නිවැරදි ද හා කාලෝචිත ද යන්න පිළිබඳ මෙය කියවන විට ඇති වන ගැටලූවකි.

මෙහි දක්වන නිවැරදි නො වු කරුණු කිහිපයක් මෙසේ නිවැරදි විය යුතු ය.

  1. කෝට්ටේ ප්‍රදේශයේ සිදු කෙරුණු සමික්ෂණයකට අනුව ජනගහනයෙන් 5.2% ක ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙති.
  2.  දියවැඩියාව කොටස් වලට නොඛෙදේ. පළවෙනි වර්ගයේ දියවැඩියාව හා දෙවැනි වර්ගයේ දියවැඩියාව යනුවෙන් පමණක් දියවැඩියාවේ ප්‍රධාන කොටස් දෙකක් ඇත.
  3. දෙවැනි ආකාරයේ දියවැඩියා රෝගීන්ට ද ඉන්සියුලින් අවශ්‍ය විය හැකි ය.
  4. වඩාත්ම භායානක සංකුලතාව වන්නේ හෘදයාබාධ වැළදීමයි.
  5. දියවැඩියා රෝගීන්ට රෝග ලක්ෂණ නොමැතිව ද දියවැඩියාව තිඛෙන්නට පුළුවන.
  6. වෙව්ලීම සහ ඇ`ග සීතල කිරිම දියවැඩියා රෝග ලක්ෂණ නො වේ.
  7. බඩේ කැක්කුම දියවැඩියාවේ රෝග ලක්ෂණයක් නො වේ.
  8. ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වීම වැරදි ය. ලේ ඩෙසිලිටර් 1ක තිඛෙන ග්ලූකෝස් ප්‍රමාණය 126 ට වඩා වැඩිනම් ඔහු දියවැඩියා රෝගියෙකි. රෝග ලක්ෂණ නොමැති නම් මෙය දෙවරක් පරික්ෂා කර දැන ගත යුතු ය.
  9. දියවැඩියාව ඇති වීමට ප්‍රධානම හේතුවක් වන්නේ පරම්පරාගත ජානමය හේතු වේ. බොහෝ විට දියවැඩියාව සෑදෙන්නේ ජානමය සාධක සහ පරිසරාත්මක සාධක අතර සිදු වන අන්තර් ක්‍රියාවලියෙනි.තවත් මෙවැනි නිවැරදි විය හැකි අඩු ලූහු~ුකම් ඇත.

 

විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්දන