මහනුවර ශී‍්‍ර දළදා පෙරහැර
ඩබ්. පුබුදු චින්තක විජේසේකර, අ. පො. ස උසස් පෙළ 2007, කලා අංශය අනුරුද්ධ කුමාර විද්‍යාලය, ජාතික පාසල, නාවල පිටිය.
කලිඟු රට හේමමාලා සහ දන්ත කුමරුන් විසින් ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කරවනු ලැබූ ශී‍්‍ර දළදා වහන්සේ, පූජනීය මහා සංඝරත්නය හා රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රැුක ගණු ලැබු ව මේ වන විට වසර 1700 කට ආසන්න කාලයක් අතිශය ගෞරවාන්විත ව සුරක්‍ෂිත ව මහනුවර ශී‍්‍ර දළදා මන්දිරයෙහි වැඩ සිටිති. මෙම දීර්ඝ කාලය තුළ අඛණ්ඩ ව හා සම්ප‍්‍රදායානුකූල ව ශී‍්‍ර දළදා වහන්සේ වෙනුවෙන් පුදපූජා පැවැත්වුණු බවීදාඨවංශය, දළදා සිරිත’ වැනි ඓතිහාසික පොත පතින් පැහැදිලි වේ. එම පුද සත්කාර -චාරිත‍්‍ර විධි අතුරින් ප‍්‍රධානතම පුද සත්කාරය ලෙස සැලකිය හැක්කේ සියවස් ගණනාවක පටන් වාර්ෂික ව අඛණ්ඩ ව ඇසල මහේ දී පවත්වනු ලබන ශී‍්‍ර දළදා පෙරහැර මංගල්‍යය යි. මෙම ඓතිහාසික සෙංකඩගල රාජධානියේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස සැලකෙන ශී‍්‍ර වාම දංෂ්ටා ධාතූන් වහන්සේ උදෙසා බුදුපුද පූජෝපහාර දැක්වීමටත්, නාථ, විෂ්ණු, කතරගම දෙවියනට හා ශි‍්‍ර පත්තිනි දේව මෑණියනට පූජෝපහාර දැක්වීමටත් පැවැත්වෙන ආගමික හා සංස්කෘතික මහා පෙරහැර මංගල්‍යයක් පමණක් නො ව උඩරට කලා ශිල්පීන්ගේ කලා කුසලතා ලොවට විදහා දක්වන සාම්ප‍්‍රදායික අති උත්කර්ෂවත් මහා කලා සංදර්ශනයක් වශයෙන් ද ලෝක ප‍්‍රකට ය. අපගේ ශි‍්‍ර ලාංකික අනන්‍යතාවේ හරස්කඩක් බඳු මෙය ජාති ආගම් කුල මල භේද නොතකා ලක්‍ෂ සංඛ්‍යාත දේශිය මෙන් ම විදේශීය බැතිමත්හු රැුස් වී පෙරහැර නරඹති.
විවිධත්වයක් තිබුන ද එක ම අරමුණක් සඳහා මේ අය හට ඒ අයුරින් එක් තැනකට මෙසේ එක් රොක් විය හැකි නම් දළදා පෙරහැර තුළින් ධ්වනිත වන මේ යථාර්ථය සියලූ ම ජාතීන් වටහා ගන්නේ නම් එය අපේ ප‍්‍රගමනයට නවෝදයක් වනු ඇත. පාරම්පරික සම්ප‍්‍රදායන් හා රට ම පෙළගැසුණු හර පද්ධතියක් මතුයෙහි දළදා පෙරහැර පැවැත්වෙන අතර, ජීවමාන බුදුන් සරිකොට සලකන ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේට කෙරෙන පූජෝපහාරයක් වශයෙන් පැවැත්වෙන මේ අසිරිමත් පෙරහැර නරඹන කාගේත් හදවත බොදු බැතියෙන් පිරී යන බව නම් නොකියාම බැරි කරුණකි.
ජාතියක අනන්‍යතාව පිළිඹිඹු වන අංශ අතුරින් අද පෙරහැරට හිමි වනුයේ ද ප‍්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව පෙරහැර සම්ප‍්‍රදාය තුළින් දැකිය හැක්කේ මහා ජාතික කලා මංගල්‍යයකි. එසේම එය ජාතික උරුමයක් ද වේ.
මේ මහා ජාතික උරුමයේ නැතහොත් ජාතික කලා මංගල්‍යයයේ සාම්ප‍්‍රදායික යටගියාව පිළිබඳ සලකා බැලීම අද ඉතාමත් ම කාලෝචිත බව කිව යුතු ය. වෙන කිසිඳු අන්දමේ සංස්කෘතික උත්සවයකට වඩා දළදා පෙරහැර සංස්කෘතිමය වශයෙන් වටිනාකමක් ගන්නා අතර එහි අගය තේරුම් ගැනීමට මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ය. පෙරහැර සම්ප‍්‍රදායයේ යටගියාවත්, එහි සංවිධාන කටයුතුත්, සංස්කෘතික හා කලාත්මක වශයෙන් ඇති වටිනාකමත් පිළිබඳ කරුණු කාරණාදිය මේ සඳහා උපයුක්ත කොට ඇත.
ව්‍යාපෘතියේ අරමුණු
ශී‍්‍ර දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මහනුවර ශී‍්‍ර දළදා පෙරහැර පිලිබඳ විමර්ශනයක / ගවේෂණයක යෙදෙන මෙම ව්‍යාපෘතිය මගින් අරමුණු සපුරා ගැනීමට අපේක්‍ෂා කෙරිණ.
01 මහනුවර ශී‍්‍ර දළදා පෙරහැරේ ඉතිහාසය සෙවීම
02 දළදා පෙරහැරේ සංස්කෘතික වටිනාකම විමසීම
03 දළදා පෙරහැරේ කලාත්මක වටිනාකම විමසීම
04 දළදා පෙරහැර හා ශී‍්‍ර ලාංකික සමාජය අතර ඇති සම්බන්ධතාව විමර්ශනය කිරීම
05 දළදා පෙරහැරේ විනිවිදභාවය දක්වන සන්නිවේදන සලකුණු පිළිබඳ විමසීම
ඉහත අරමුණු සපුරා ගැනීමේ දී විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. විශේෂයෙන් ම ශී‍්‍ර දළදා පෙරහැරේ ඉතිහාසය විමසීමේ දී පරස්පර විරෝධී වූ විචාරාත්මක මත හා ඓතිහාසික තොරතුරු, දින වකවානු නිසා විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදු විය. එබැවින් එකී ගැටලූ විස’ඳා ගනිමින් ඒ ඒ විචාරක මත හා ඓතිහාසික තොරතුරුවල හරයන් පමණක් ලබා ගෙන ඉදිරිපත් කිරීමට පෙලඹුණි.
ව්‍යාපාතිය සඳහා යොදාගත් සම්පත්
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී විවිධ සම්පත් යොදා ගැනීමට සිදු විය. ඒවා නම් මානව සම්පත්, භෞතික සම්පත් සහ ආයතන සම්පත් ය.
විශේෂයෙන් ම මානව සම්පත් සඳහා සංඝයා වහන්සේලාගෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන් සහ කලා ශිල්පීන් ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත්තෙමි. ඒ අතුරින් මහනුවර දළදා පෙරහැරට වර්තමානයේ සහභාගී වන සහ පෙර සහභාගී වූ නර්තන ශිල්පීන්ගෙන් ලැබුණු තොරතුරු ලබා ගැනීම සඳහා උපකාරී වූ අතර සිළුමිණ, දිනමිණ, ලංකාදීප යන පුවත්පත් සහ ඒවායේ විශේෂ අතිරේකයන් ද බෙහෙවින් උපකාරී විය.
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම උදෙසා මහනුවර ශී‍්‍ර දළදා මාළිගා කෞතුකාගාරය ද පාසල් පුස්තකාලය ද ආයතනික සම්පත් ලෙස යොදා ගැනීමට සිදු විය.
ව්‍යාපාතිය කි‍්‍රයාත්මක කළ ආකාරය දැක්වෙන පියවර
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු වස් පහත දැක්වෙන පියවර සැලසුම් කරන ලදී
01 ව්‍යාපෘතියට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම
02 අවශ්‍ය තොරතුරු පොත් පත් පරිශීලනයෙන් ලබා ගැනීම
03 අවශ්‍ය තැන්හි වැඩිහිටියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් තොරතුරු ලබා ගැනීම
04 අවශ්‍ය තොරතුරු ගොණු කිරීම
05 ව්‍යාපෘති වාර්තාව සැලසුම් කිරීම
06 ව්‍යාපෘති වාර්තාව ලිවීම
07 ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම
නිගමන හා යෝජනා
මහනුවර දළදා පෙරහැර පිළිබඳ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසු පහත නිගමනවලට එළැඹිණ.
01 මහනුවර ශී‍්‍ර දළදා පෙරහැර යනු ජාතික අනන්‍යතාව පිළිඹිඹු වන්නා වූ කලා මෙන් ම සංස්කෘතික අංශ අතුරෙන් ප‍්‍රමුඛස්ථානයක් හිමි වන ජාතික උරුමයක් හා ජාතික කලා මංගල්‍යයක් බව
02 නිසි කලට වැසි ලැබී, රටට සෞභාග්‍යය ද සාමය ද උදා කිරීමේ අරමුණින් පවත්වන ජාතික මංගල්‍යයක් බව
03 ජන සමාජයේ විවිධ ජන කොට්ඨාසවල පූර්ණ සහයෝගය හා සහභාගීත්වය ලබා සිදු කරන්නක් බව
04 දේශීය නර්තන කලාව අනාගත පරම්පරා හමුවේ ආකර්ෂණීය ව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පසුබිම පෙරහැර ඇසුරෙන් වර්ධනය කර ගත හැකි බව
05 පෙරහැරක් යනු කෙනකුගේ පෞද්ගලික අභිමතාර්ථ පිරිමසා ගත හැකි, තමාට පමණක් විධානයක් දිය හැකි පෞද්ගලික කටයුත්තක් නො ව, සංස්කෘතිය, විශේෂයෙන් ම ජාතික සංස්කෘතිය දහස් ගණන් පේ‍්‍රක්‍ෂකයන් හමුවේ ඉදිරිපත් වන මහා ජාතික කටයුත්තක් බව.
06 මහනුවර ශී‍්‍ර දළදා පෙරහැරෙන් ජාතික සංස්කෘතික අනන්‍යතා ලක්‍ෂණ දිස් වන්නේ යැයි විචාරකයන් පැවසුවත්, එය තුළින් දිස් වන්නේ උඩරට නර්තන අංග පමණක් වන බව
07 මහනුවර දළදා පෙරහැරේ කාන්තාවන් ගමන් නොගන්නේ අකැප යයි පවත්නා මතයක් නිසා බව
08 වර්තමානයේ පාරම්පරික නැටුම් ශිල්පීන්ගෙන් බොහෝමයක් පෙරහැරට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කරනුයේ ඔවුන්ට ලැබෙන මූල්‍ය ප‍්‍රදාන ප‍්‍රමාණවත් නොවීම නිසා බව
එසේ ම ඉහත සඳහන් නිගමන වලට එළැඹීමේ දී පාදක වූ කරුණු සම්බන්ධයෙන් යම් යම් යෝජනා කීපයක් ද පහතින් ඉදිරිපත් කරමි.
01 පෙරහැර සම්ප‍්‍රදායයේ ඇති ගුණාත්මක වටිනාකම රැුක ගැනීමට බොහෝ පෙරහැර සංවිධායකයන් මෙන් ම නර්තන කණ්ඩායම් සපයන සැපයුම් කරුවන් ද අවධානයකින් යුතු ව කටයුතු කළ යුතු ය.
02 පෙරහැර මංගල්‍යයට සහභාගී වන නර්තන ශිලිපීන් හට ප‍්‍රමාණවත් පරිදි මූල්‍ය ප‍්‍රධාන සිදු කල යුතු ය.
03 පෙරහැර සංවිධානයේ දී නර්තනය පිළිබඳ අවබෝධයක් ලත් විෂය ප‍්‍රවීණයන්ගේ නිරීක්‍ෂණ හා උපදේශන ලබා ගත යුතු ය.
04 පෙරහැර මංගල්‍යයේ දී විශේෂ අවධානයකින් යුතු ව ගැලපෙන නර්තන අංග පමණක් නිසි ප‍්‍රමිතියකින් යුතු ව පෙරහැර සඳහා යොදා ගනිමින්, ගුණාත්මක වටිනාකමක් ඇති පෙරහැරක් සමාජයට දයාද කිරීම දේශිය සංස්කෘතියට හා රංග කලාවන්ට ආදරය කරන සෑම පෙරහැර සංවිධායකයකුගේ ම යුතුකමක් වගකීමක් එසේ නොමැති නම් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු ය.
05 මහනුවර ශී‍්‍ර දළදා පෙරහැර යනු ජාතික සංස්කෘතික අනන්‍යතා ලක්‍ෂණ නියෝජනය කරන කලා මංගල්‍යයක් නම් එයට උඩරට මෙන් ම පහතරට හා සබරගමු යන නර්තන සම්ප‍්‍රදාය ඇතුළත් කොට ගත යුතු ය.
06 උඩරට පහතරට හා සබරගමු ආදී කලා මූලික කොට ගෙන කලා පදනම් 03 ක් බිහි කොට අපේ නැති වී යමින් පවතින දළදා පෙරහැර හා සම්බන්ධ සාම්ප‍්‍රදායික කලාව ආරක්‍ෂා කොට ගත යුතු ය.
07 මහනුවර ශී‍්‍ර දළදා පෙරහැර හා සම්බන්ධ පෙරහැර අරමුදලක් පිහිටුවා ගත යුතු ය.
ව්‍යාපෘතිය ගැන අපේ අදහස්
දළදා පෙරහැර මනසින් දිටිමි
මහනුවර ශි‍්‍ර දළදා පෙරහැර නම් වූ මෙම උසස් පෙළ ව්‍යාපෘතිය උක්ත මාතෘකාව යටතේ පළ වූ කමනීය විවරණයකි. දළදා පෙරහැර එක් වරක් හෝ නැරඹුවකුට එහි චමත්කාරය, අසිරිය යළි යළිත් සිහිපත් කරවන්නකි. පෙරහැරේ යටගියාවේ සිට අද දක්වා ගමන් මග ක‍්‍රමවත් ව පෙළ ගැස්වූ මේ ව්‍යාපෘති වාර්තාව අගනා ශ‍්‍රාස්තී‍්‍රය කර්තව්‍යයකි.
නාවලපිටිය අනුරුද්ධ ජාතික පාසලේ පුබුදු චින්තක විජේසේකර ශිෂ්‍යයා, ඔබ අප සැම මහනුවර ඇසළ පෙරහැර යනුවෙන් ද නම් කෙරෙන තුන් හෙළයේ මහා කලා මංගල්‍යයට සමීප කරවයි. වාර්තාව ආරම්භයේ සිට නිමාව තෙක් සාවධාන ව කියවීමෙන් ශිෂ්‍ය අභිමතාර්ථය ද සපල වන බව පැහැදිලි වේ.
දළදා පෙරහැරේ ඉතිහාසය, සංස්කෘතික හා කලාත්මක වටිනාකම, පෙරහැර හා ලාංකික ජන සමාජය අතර සබැඳියාව විමසීම ශිෂ්‍යයාගේ මූලික අරමුණු වෙයි. එපමණක් ද නො ව දළදා පෙරහැරේ විනිවිද භාවය දක්වන සන්නිවේදන සලකුණු පිළිබඳ විමසීමට දැරූ තැත ද ප‍්‍රසංසනීය ය.
ව්‍යාපෘති වාර්තාවකට අලංකරණ රූ රටා යෙදීම ගැන ඇතැම් විද්වත්හු නොසතුට පළ කරති. එහෙත් මේ වාර්තාවේ කරුණු පැහැදිලි කිරීම සඳහා වළාකුළු බැම්මේ සිට පෙරහැරේ විවිධාංග ද සහිත ව යොදා ඇති මනහර සිතුවම් ගොන්න ද ක‍්‍රමවත් ව ස්ථානගත කිරීම ද ශිෂ්‍යයාගේ ශිල්පීය උපක‍්‍රමයක් ලෙස දකිමි.
දන්ත හේමමාලා යුවල මෙරටට ගෙන ආ දන්ත ධාතුව රාජ්‍යත්වය තීරණය කිරීමේ සංකේතයක් වූ තැන් පටන් ගිහි පැවිදි ශාසනමාමක උතුමන් දිවි පරදුවට තබා සුරැුකි අයුරු මෙහි පෙළ ගස්වා ඇත්තේ ඓතිහාසික සාධක ද සැලකිල්ලට ගනිමිනි. ලේඛන ගත තොරතුරු සඳහා ශිෂ්‍යා දාඨාවංශය, දළදාසිරිත, දළදා පූජාවලිය, දළදා භවන යන පුරාණ සම්භාව්‍ය ග‍්‍රන්ථ හා මේ සැබැඳි ව ලියවුණු අලූත් පොත්පත් ද පරිශීලනය කළ බව පවසයි.
සම්මත ශිල්පීය ක‍්‍රම අනුගමනය කරමින් සැකසූ මෙම ව්‍යාපෘති වාර්තාව දළදා පෙරහැර සෙයින් ම විචිත‍්‍රවත් වූවකි. මෙහි සාරාංශය ද ග‍්‍රන්ථය සේ ම ප‍්‍රශස්ත ය. සුපෝෂිත ව්‍යාපෘති වාර්තාවේ ස්වභාවය හඳුනා ගැනීමට එයම සෑහේ.
තත් සම, තත් භව, වාග් විලාසය නිවැරදි ව යෙදීමට ශිෂ්‍යයා සමත් වෙයි. ශී‍්‍ර වාම දංෂ්ටා ධාතූන් වහන්සේ අති උත්කර්ෂවත්, මහා කලා සංදර්ශනය, ප‍්‍රගමනයට නවෝදයක් වැනි යෙදුම් ඊට උදාහරණ ලෙස දක්වමි. නැණ නුවණ, කරුණු කාරණා, සමස්ථය, හෘදයාංගම තුතිය, භක්ත්‍යාදර තුතිය, සැළකෙන යනුවෙන් සදොස් තැන් කිහිපයක් ද දිටිමි. ශිෂ්‍ය නිර්මාණයක් නිසා එබඳු තැන් බරපතල දොස් ලෙස තැකිය යුතු නොවේ.
ව්‍යාපෘතියේ හැදින්වීම ද මනා පිවිසුමකි. ජීවමාන බුදුන් වහන්සේට දක්වන ගෞරවයක් ලෙස ම උසස් පූජෝපහාරයක් ලෙස ම මේ මහා සංස්කෘතික පෙරහැර මංගල්‍යය පවත්වන බව හෙතෙම පවසයි.
විවිධත්වයක් තිබුණ ද එක ම අරමුණක් සඳහා එක් තැනකට ජාති ආගම් කුල භේද නොතකා එක් රොක් විය හැකි නම් කොතරම් අගනේ දැ යි ශිෂ්‍යයා අපෙන් අසයි. දළදා පෙරහැර ශි‍්‍ර ලාංකික අනන්‍යතාවයෙහි හරස්කඩක් බව වටහා ගන්නා යථාර්ථය පසක් කර දීම ශිෂ්‍යයාගේ ද අභිප‍්‍රාය වී තිබේ.
එක් මහා මංගල්‍යයක් වෙනුවෙන් සමස්ත ශි‍්‍ර ලාංකිකයනට එක් තැනකට – මහනුවරට එක් විය හැකි නම් රටක් ජාතියක් වශයෙන් අද අප මුහුණ දෙන ජාතික ගැටලූවලට ද දළදා පෙරහැරෙන් ධ්වනිත වන යථාර්ථය විසදුමක් බව ශිෂ්‍යයාගේ මතය යි.
ව්‍යාපෘතිය අනුමත කර ගැනිමේ සිට නිමාව දක්වා ඔහුට ගත වී ඇත්තේ සමස් කාල පරිචිෙඡ්දයකි. වාර්තාවේ පූර්ණ වගකීම ඔහු විසින් ම දරා ඇත. උසස් පෙළ දෑවුරුදු ඉගෙනුමට ද බාධාවක් නො වන පරිදි ව්‍යාපෘතිය මෙහෙයවා තිබේ.
සිරි දළදා පුරාණය, මහනුවර දළදා මාලිගාව, පෙරහැර සම්ප‍්‍රදායයේ යටගියාව හා ගමන් මඟ, රන්දෝළි පෙරහැරේ සියලූ අංග පිළිබඳ නාමාවලිය, නිළමේවරුන් පිළිබඳ විස්තරය හා දිය වඩන නිළමේ පිළිබඳ අගනා විවරණය ව්‍යාපෘති වාර්තාවට මහත් සවියකි.
ව්‍යාපෘතිය පුරුදු පරිදි නිගමන හා යෝජනා ඉදිරිපත් කරයි. පෙරහැර වනාහි පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීමක් නො ව ජාතික සංස්කෘතිය දහස් ගණන් වූ පේ‍්‍රක්‍ෂකයන් හමුවේ ඉදිරිපත් වන මහා ජාතික කටයුත්තක් බව ද ප‍්‍රකාශිත ය.
පාරම්පරික නර්තන ශිල්පීන් පෙරහැරට සහභාගී වීම (ලැබෙන මූල්‍ය ප‍්‍රධාන ප‍්‍රමාණවත් නොවන බැවින්* ප‍්‍රතිෂේප කරන බවක් දුටු හෙයින් පෙරහැර සම්බන්ධ අරමුදල් සවිබල ගැන්විය යුතු බව ශිෂ්‍යා යෝජනා කිරීම ද අගය කළ යුතු ය.
සාරාංශය අන්තර්ගතය මෙන් ම ව්‍යාපෘතියේ ඇමුණුම ද මහාර්ඝ වස්තුවකි. දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ අතීත සේයා රූ, අපූර්ව යන්ත‍්‍ර මණ්ඩපය, රාජ්‍ය නාමාවලිය, මල්වතු අස්ගිරි මහා නාහිමි වරුන් හා සියලූ දියවඩන නිළමේ වරුන්ගේ නාම ලේඛනය ද (සේයා රූ සමඟ* එහි යොදා තිබීම අගනේ ය.
ග‍්‍රන්ථ රචනයෙහි, පර්යේෂණයෙහි, පරතෙරට යා හැකි කෘතහස්ත ලේඛන ශක්තියක මූල බීජයක් මේ වාර්තාවෙන් දිටිමි. විදුහල මට්ටමේ ඇගයීමේ දී ද විශිෂ්ට කුසලතාවක් පිරිනමා තිබීම ද නිවැරදි යැයි සිතමි.
පුබුදු ශිෂ්‍යාගේ ව්‍යාපෘති වාර්තාවේ නාමය මහනුවර සිරි දළදා පෙරහැර යනුවෙන් ර්‍ණශී‍්‍ර’ වචනය වෙනස් ව යොදන්නේ නම් මැනවැයි සිතමි.
මාවිල අනෝමදස්සි හිමි
සිංහල ගුරු උපදේශක
කලාප අධ්‍යාපන කාර්යාලය
මිනුවන්ගොඩ