ශී‍්‍ර ලාංකීය ප්‍රෞඪත්වය විදහාපාන අසිරිමත් සීගිරිය ගැන ගවේෂණයක්
ගයාත‍්‍රි සුරේනි පෙරේරා, මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය, 12 බී කලා අංශය 2003
සාරාංශය
සීගිරි රාජධානිය නිර්මාණය වීම දක්වා වූ මෙම රාජකීය ආරවුල හා සම්බන්ධ සිද්ධිය මූලික කර ගෙන මෙම අධ්‍යයනයේ යෙදුනෙමි. මෙහි අන්තර්ගතය සීගිරිය සම්බන්ධ සියලූ ම අංග හා බැදී පවතී. සීගිරි නිර්මාණයේ අපට පළමුවෙන් ම හමුවන්නේ ජල උද්‍යානය යි. එතැන් සිට ශිලා උද්‍යානය ආශ‍්‍රිත අංගය ද බිතුසිතුවම් ද කැටපත්පවුර සහ සීගිරී ගී ද සිංහපාදය, සීගිරි කඳු මුදුන, සීගිරි මාලිගය යන අංග ද එහි ජල තාක්‍ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය හා ගැටලූ පිළිබඳව ද අවධානය යොමු කරමින් කරුණු සම්පිණ්ඩනය කළෙමි.
මෙම සියලූ අංග පිළිබඳ ව අධ්‍යයනය කිරීමෙන් එළඔුණ අවසාන නිගමනය වනුයේ කාශ්‍යප රජු 5 වන සියවසේ දී ඉදි කරවන ලද රාජධානියක් බවයි. සීගිරිය පිළිබඳ රචිත ග‍්‍රන්ථවලින් ද පුවත්පත් ආශි‍්‍රත ලිපි ලේඛනවලින් ද තොරතුරු ගවේෂණය මගින් ද එය සනාථ වී තිබේ.
මේ තුළින් මා බලාපොරොත්තු වූයේ, අතීත ප්‍රෞඪත්වය පිළිබඳ කියා පාන, අද වන විට ක‍්‍රමයෙන් විනාශ වී යන තත්ත්වයට පත් වී ඇති අප සංස්කෘතික දායාදයක් රැුක ගැනීම සහ එම නිර්මාණය පිළිබඳ අනාගත සිසු පරපුරට ද සමාජ ප‍්‍රජාවට ද යම් අවබෝධයක් ලබා දීම ය. එම ප‍්‍රතිඵලය මට ලබා ගත හැකි වන්නේ මෙම ව්‍යාපෘතිය අවසන් කර, ඔබ අතට පත්වීමෙන් පසු ව ය. ඔබ මෙයින් යම් කිසි අරමුණක් අවබෝධයක් ලබා ගත්තේ නම් එයයි මගේ උත්සාහයේ ප‍්‍රතිඵලය.
හැ`දින්වීම
කඳු හෙල්වලින් මෙන් ම වන පෙත්වලින් ද මිනිසා විසින් නිමවන ලද මහ වැව්වලින් හා පැරණි ගම්මානයන්ගෙන් වට වූ සීගිරිය හෙවත් සිංහගිරි පර්වතය පිහිටා ඇත්තේ අපේ රටේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ති‍්‍රක්කයට ආසන්නයේ ය.
සීගිරිය ආසියාවේ ඇති ප‍්‍රධාන පුරා විද්‍යාත්මක මධ්‍යස්ථානවලින් එකකි. මීටර් 200ක පමණ උසින් යුත් සීගිරි මහ පව්ව මුදුනේ රජමාළිගයකි. එය වට කොට පර්වත පාමුල නිමැවණුු පවුරු පදනම් ද ගල් කුළු පොකුණු හා දිය අගලකින් විසිතුරු වූ උයන් වතු ද දිස් වේ.
සීගිරි කතා ප‍්‍රවෘත්තිය ගෙතෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වූත් 1 වන කාශ්‍යප රජු වටායි. කාශ්‍යප රජු සිටියේ ක‍්‍රි. ව. 5 වන සියවස අගභාගයේ ය. සීගිරි කාශ්‍යප රජු සිංහල ජාතියේ ම ශ්‍රේෂ්ඨත්වය විදහා පාන සිංහයකුගේ මුහුණින් උඩට විහිදෙන ලෙස, නිර්මාණය කර ඇති සිගිරි පව්ව තවත් ආනන්දජනක අයුරින් අපට පෙනෙන්නේ එහි ඇති ස්වාභාවික වස්තූන් ඒ වටා පිහිටා තිබෙන බැවිනි.
ලොව පවතින පුදුමයන්ගෙන් අට වන පුදුමය ලෙස සැලකෙන සීගිරිය අප රටේ පිහිටා තිබීම, අප ලද භාග්‍යයකි. එබැවින් සීගිරිය නිර්මාණයන්ගෙන් උසස් ම නිර්මාණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.
භාවිත කළ ක‍්‍රම වේදය
ව්‍යාපෘතිය සඳහා තොරතුරු රැුස් කිරීමට භාවිත කරන ක‍්‍රමවේද බොහෝමයක් පවතින අතර, මාගේ ව්‍යාපෘතිය සඳහා තොරතුරු රැුස් කිරීමට අනුගමනය කරන ලද්දේ ගවේෂණ ක‍්‍රමවේදයයි.
ව්‍යාපෘතිය සඳහා යොදා ගත් සම්පත් (මානව/භෞතික*
මානව සම්පත් :
01 ගුරු මණ්ඩලය
02 සීගිරි පුරාවිද්‍යා කමිටුවේ නිලධාරීන් (මාර්ගෝපදේෂක*
භෞතික සම්පත් :
01 පුස්තකාලය
02 ලිපි, පොත් පත්, පුවත් පත් හා සඟරා ආදිය.
ආයතන :
සීගිරි පුරාවිද්‍යා කමිටුව
ප‍්‍රතිලාභ ලබන්නන්
අප යමක් කරන්නේ එය තව කෙනෙකුගේ ප‍්‍රයෝජනය සඳහා වේ. තවත් අය තමන්ගේ යහපත උදෙසා කාර්යයන්හි යෙදෙන අයුරු පෙනේ. මේ අතුරින් තවත් කෙනෙකු උදෙසා, එනම් ප‍්‍රතිලාභ ලබන්නන් සඳහා කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දෙන්නෙමි.
මේ තුළින් මා මූලික ව කේන්ද්‍ර කොට ගත්තේ පාසල් සිසුන් හා පාසල් ප‍්‍රජාව යි. මක්නිසා ද යත් අධ්‍යාපනික වශයෙන් මෙන් ම සිංහලයන් සතු පෞඪත්වය කියා පාන මේ අගනා සංස්කෘතික වටපිටාව ගැන පළමු ව ම හැදෑරිය හැකි වන්නේ පාසලෙන් බැවිනි.
අනාගතය සඳහා පිය මං කරන අප සතුව, අපේ අන්‍යයතාවය පෙන්නුම් කරන උසස් යැයි සම්මත උරුමයන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. එබැවින් මම පාසල් සිසුන් හා පාසල් ප‍්‍රජාව මූලික කර ගෙන මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කළෙමි.
අරමුණු
01 මෙවැනි පෞරාණික ස්ථාන නැරඹීමට යන පිරිස ගෙන යනු ලබන්නා වූ බීම බෝතල් ඉවතලන ද්‍රව්‍ය මෙම ස්ථානයේ දැමීම තුළින් සිදු වන පරිසර හානිය මෙන් ම, එම ස්ථානයේ අලංකාරයට ද හානි වන බැවින් එවැනි ක‍්‍රියා නොකිිරීමේ ආදීනව පෙන්වා දීම.
02 මෙම ස්ථානයේ ප්‍රෞඪත්වය රැුදී පවතින චිත‍්‍ර කැටයම්වලට මෙන් ම කැටපත් පවුරේ තිබෙන කුරුටු ගීත ආදියට හානි නොවන පරිදි අප ඒවා නැරඹිය යුතු ය.
03 මෙවැනි ඵෙතිහාසික ස්ථානයක් තුළ සිංහලයන් වන අප හැසිරිය යුතු ආකාරය අනාගත පරපුරට වටහා දීම.
04 පොලිතීන් මළු වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය කාණු පද්ධතියේ හිර වී තිබීම තුළින් අලංකාරය දනවන ජල මල් ක‍්‍රියා නොකිරීමේ අඩුපාඩුව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
05 සීගිරිය නිර්මාණය කර ඇති බිම් වේලි තුළ සංචාරකයන් ඇවිදීම හා ඉඳගැනීම තුළ ජනතාව ඒවාට හානි පැමිණවීමට ඇති ඉඩ කඩ හඳුන්වා දීම.
06 චිත‍්‍ර ඇති ගුහාව රූප ගත කිරීමේ දී ආලෝකය නොවැටෙන පරිදි සිතුවම් රූප ගත කළ යුතු බව වටහා දීම.
ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය
පියවර අංක 01
2003-7-24 වන දින ව්‍යාපෘති යෝජනාවේ වැරදි නිවැරදි කොට, නැවත සකස් කොට ව්‍යාපෘති කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කමිටුවේ අනුමැතිය ද පන්ති භාර ගුරුතුමියගේ නිර්දේශය ද ලබා දුන්නේ ය.
පියවර අංක 2
මාතෘකාව නිර්දේශ වීමෙන් පසු ඊට අදාළ පොත් පත් සොයා ගැනීමට උත්සාහ කළෙමි. සීගිරිය ආශ‍්‍රිත විවිධ ග‍්‍රන්ථ නිරීක්‍ෂණයෙන් පසු මාගේ ව්‍යාපෘතියට අදාළ පොත් ලැයිස්තු ගත කිරීම 2003-7-29 වන දින ආරම්භ කරන ලදී.
මාතෘකාවේ ආරම්භය අවසානය ඇතුළත් වන පරිදි පොත් පත් ඇසුරින් ප‍්‍රශ්නාවලියක් සැකසීම හා 2003-7-30 දින ක‍්‍රියාත්මක කිරීම, සහ ඒ ඇසුරින් තොරතුරු එක් රැුස් කිරීම, අනු මාතෘකා සැකසීම, ඊට අදාළ දත්ත අනුගත කිරීම, 2003-7-31 සිට 2003-8-3 වන දින දක්වා ක‍්‍රියාත්මක කළෙමි. එදින සිට මාතෘකාව හා සම්බන්ධ හමු වන සෑම කෘතියක් ම පරිශීලනය කර ප‍්‍රයෝජනයට ගතිමි. එම කාර්යයේ 2003-8-4 වන දින සිට එම මාසයේ 10 වන දින තෙක් යෙදුණෙමි.
පියවර අංක 03
මාගේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සීගිරි ගල නැරඹීමත්, සීගිරී පුරාවිද්‍යා කමිටුවෙන් විස්තර ලබා ගැනීමත් 2003-8-15 වන දින සිදු කළෙමි.
පියවර අංක 4
විශ්ලේෂණය කළ පොත් පත් ආශ‍්‍රිත දත්ත හා කරුණු මෙන් ම ප‍්‍රායෝගික වශයෙන් ලබා ගත් විෂය කරුණු (සීගිරිය නරඹා* ගොනු කර ව්‍යාපෘතියේ දළ සටහන සැකසීම. 2003-9-14 වන දින වන විට මා ගොනු කර ගත් කරුණුවලින් සංක්ෂිප්ත සටහනක් ව්‍යාපෘතියේ භූමි සැලැස්ම තෙක් නිම කළෙමි.
ඉන් පසු ව්‍යාපෘතියට අදාළ චිත‍්‍ර සිතියම් ගවේෂණය කොට කරුණු හා සැසදීමෙන් ඒවා ව්‍යාපෘතියට ඇතුළත් කළෙමි. 2003-10-25 වන දින පුරාවිද්‍යා කමිටුවෙන් වැඩි දුර කරුණු විමසීමෙන් අනතුරු ව ව්‍යාපෘතියේ නිවැරදිතාව නිරීක්‍ෂණය කිරීමත් සීගිරියේ විශේෂ අවස්ථා රූප ගත කිරීමත් සිදු කළේ ය.
සීගිරි ගවේෂණය තුළින් එළබිය හැකි නිගමන
සීගිරිය නම් වූ මෙම ආශ්චර්යමත් නිර්මාණය නැරඹීමේ දී ශීර්ෂ ප‍්‍රණාමයෙන් හා මහත් භක්තියකින් යුතු ව සැමරිය යුතු පිරිසක් ද සිටිති. ඔවුන් නම් සාමාන්‍ය මිනිසුන් වූ අප මුතුන් මිත්තෝ ය. කෘෂි ආර්ථිකය ප‍්‍රධාන කොට ගත් ශ්‍රේෂ්ඨතම වාරි කර්මාන්ත විශේෂඥයන් වූ ඔවුහු, පරම්පරාවෙන් පරම්පරාවට තම හැකියාවන් ගෙන අවුත් එසේ ම දයාද කළහ. වර්තමානයේ අප දකින සමාධි බුදු පිළිම වහන්සේට, සඳකඩ පහනට, මුරගලට මෙන් ම සුවහසක් වූ ස්මාරකයන්ට ජීවය දුන්නේ ද ඔවුහු ම ය. අහස උසට විහිදුණු සෑ රඳුන් හා සාගර සම වන මහ වැව් නිර්මාණය කළේත් එම පිරිස ම ය. ගොවි ශිල්පීය පරම්පරාවන් ලෙස දාඩිය මුගුරු හෙළමින් ජීවිතය කැප කර ඉතිහාසයේ සැබෑ නිර්මාණ කරුවන් වූ එම පිරිස ජාති මමත්වයෙන් යුතු ව ඉතිහාසයේ පියගැට පෙළ නිර්මාණය කළෝ ය. රාජ්‍ය වංශ තුළ බැබළුණ රජවරුන්ට, කුමාරවරුන්ට සහ බිසෝවරුන්ට සිය නම් ගල් පුවරුවෙහි සටහන් කරන්නට ද දායක වූහ. අපි එවැන්නවුන්ගේ දරු මුණුපුුරෝ වෙමු. එබැවින් ඉතිහාසයෙන් උරුම කළ, අපේ ම උරුමය රැුක ගැනීම අපගේ යුතුකමක් හා වගකීමක් නොවන්නේ ද? එම ප‍්‍රශ්නයට අපම පිළිතුරු දිය යුතු ය. ජාතිකමය වශයෙන් ප්‍රෞඪත්වය විදහා දක්වන සීගිරි නිර්මාණය අද වන විට ලොව සියල්ලන්ගේ ම අවධානයට ලක් වී තිබේ. දේශීය මෙන්ම විදේශිකයන්ගේ ද පුදුමයට හා විස්මයට ලක් වී ඇති සීගිරිය අව්, වැසි, සුළඟට මෙන් ම ජනතාවගේ ද නොකටයුතු ක‍්‍රියාවලට භාජනය වෙමින් අපූර්වත්වය විදහා පායි.
සීගිරිය අතීතයේ ප්‍රෞඪත්වය හා සෞභා්‍යය මෙන් ම එක් කාල වකවානුවක් ලෝකයට ඉදිරිපත් කළ පොදු වස්තුවක් ලෙස ද කාශ්‍යප රජු 5 වන සියවසේ ඉදි කරවන ලද බල කොටුවක් ලෙස ද මුතුන් මිත්තන්ගේ දාඩිය මහන්සිය, කලා ශිල්ප මෙන් ම ශක්තිය එක්තැන් වූ ඵෙතිහාසික උරුමයක් ලෙස ද නිගමනය කරමි.
සීගිරියේ පවත්නා ගැටලූ
ඉතිහාසය ගැන බොහෝ කරුණු අතිශය චමත්කාර ජනක මෙන් ම අතිශය දුක්ඛදායක සිදුවීම් වැළක් ලෙස, සටහන් වූව ද, එය අපේ ම කතාන්දරයයි. එය ඉගෙනීම අප ගැනම ඉගෙන ගන්නට හා සිතන්නට පසුබිමක් අපට සලසා දෙයි. එයින් අභිමානවත් අතීතයකට වරක පිවිසෙන අපි ඉන් සතුටක් ලබමු.
මෙසේ පුරාවිද්‍යාඥයින් මතු කර ගන්නා ඉතිහාසය තුළින් මෙම ඵෙතිහාසික ස්ථානයන් හි නිර්මාණ අවධි දෙස බලන්නට හා ඒ ගැන සිතන්නට අපට අවස්ථාවක් දැන් ලැබී ඇත. එසේ ම එවැනි විමර්ශනයන්ගෙන් ඉතිහාසය හා බැඳුණු ඉතා වැදගත් කරුණු රාශියක් ඉගෙන ගත හැකි ය. අඛණ්ඩ රේඛාවක් ලෙස, සමස්ත සිදුවීම් වැළ ම අවිනිශ්චිතව නොපවතී. අද වන විට මෙම නිර්මාණය ද විවිධ ගැටලූ වලට ලක් ව තිබේ. ඒ පිළිබඳ ගවේෂණ කිරීමෙන් පහත ගැටලූ හඳුනා ගැනීමට හැකි විය.
මෙම පෞරාණික ස්ථානය නැරඹීමට යන පිරිස ගෙන යනු ලබන බීම බෝතල්, ඉවත ලන ද්‍රව්‍ය, පොලිතීන් කවර දැමීම තුළින් පරිසර ¥ෂණය මෙන් ම අලංකාරයට ද හානි පැමිණීම.
මෙම ස්ථානයේ ප්‍රෞඪත්වය රැු`දී පවතින චිත‍්‍ර, කැටයම්වලට මෙන් ම කැටපත් පවුරේ තිබෙන කුරුටු ගීත ආදියට හානිකර ලෙස, සංචාරක පිරිස් හැසිරිම.
මෙම ස්ථානය තුළ සිංහලයන් හැසිරෙන ආකාරය ද අද වන විට ප‍්‍රශ්නයක් ව පවතී. උදාහරණ ලෙස, ඇඳුම් පැළඳුම් පෙන්වා දිය හැකි ය.
පොලිතින් මළු වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය කාණු පද්ධතියේ හිර වී තිබීම තුළින් අලංකාරය දනවන ජලමල් ක‍්‍රියා නොකිරීම.
සීගිරියේ නිර්මාණය කර ඇති බිම්, වේළි තුල ජනතාව ඇවිදීම හා ඉඳ ගැනීම තුළින් ඒවාට හානි පැමිණීම.
චිත‍්‍ර ඇති ගුහාව රූප ගත කිරීමේ දී ආලෝකය වැටෙන ලෙස පුද්ගලයන් එම කාර්යයේ යෙදීම නිසා ඒවාට හානි පැමිණීම.
සීගිරියේ පවත්නා ගැටලූ නිරාකරණයට මා විසින් ඉදිරිපත් කරන යෝජනා
01 සීගිරිය නැරඹීමට එන දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් සඳහා මෙම ස්ථානයේ වටිනාකම පැහැදිලි කර අත්පත‍්‍රිකාවක් බෙදා දීම.
02 ජනමාධ්‍ය මගින් සීගිරියේ ඇති පෞරාණිකත්වය ආරක්‍ෂා කර ගැනීම හා එහි වැදගත්කම ඇතුළත් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
03 පාසල් ආශ‍්‍රිත සම්මන්ත‍්‍රණ මගින් දේශීය උරුමයක් වන සීගිරීයේ වටිනාකම පැහැදිලි කර දීම.
04 පොලිතීන් මළු, බීම බෝතල් ආදිය රැුගෙන එන පිරිස අවම කිරීම සඳහා යම්කිසි නීති පද්ධතියක් සැකසිම.
05 සංචාරකයන්ගේ අකටයුතු ක‍්‍රියා නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක නිලධාරීන් විමසිලිමත් වීම.
06 ආගමික ස්ථානයක් නොවූද අපගේ අනන්‍යතාව විදහා දක්වන උරුමයක් බැවින් සභ්‍යත්වය රැුකෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිත කිරීම.
මෙම ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල
ලෝක උරුමයක් වූ සීගිරිය දැනට දකුණු ආසියාවේ ශේෂ ව ඇති ක‍්‍රි. ව. 5 වන සියවසට අයත් විශිෂ්ටතම නිර්මාණයක් ලෙසට පිළිගැනේ. බිතු සිතුවම් නිසා ලොව පතළ වී ඇති සීගිරිය විශිෂ්ටතම නගර සංකීර්ණයකින් සමන්විත ය. මෙම නගර සංකීර්ණය නිර්මාණයේ දී ජල තාක්‍ෂණය, උද්‍යාන කලාව, වාස්තු විද්‍යාව ආදී කේෂ්ත‍්‍ර ගණනාවක විශිෂ්ට නිදසුන් අදත් සීගිරියේ දී දැක ගත හැකි ය.
මෙම එක් එක් අංග පිළිිබඳ ගවේෂණය කිරීමට හැකි වීම නිසා මෙම නිර්මාණය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලැබීමටත් එමෙන් ම මෙවැනි වූ ව්‍යාපෘතියක් සකස් කර ගැනීමට හැකිවීමත් භාග්‍යයක් ලෙස සලකමි. සීගිරිය යනු ලොව මවිත කල විශ්මිත නිර්මාණයකි. ඒ ගැන විවාදයක් නැත. හෙළ රජදරුවාගේත්, හෙළ කලාකරුවාගේත් අප‍්‍රතිහත ධෛර්යය මෙන් ම කැප වීමත් නිර්මාණ කුසලතාවත් මනා ව එක් තැන් කළ මේ මහා නිර්මාණය විශ්ව නිර්මාණ ගොන්නට අයත් වේ.
කෙසේ වුවත් මෙම දැවැන්ත පෞරාණික නිර්මාණය අධ්‍යයනයට ලක් කිරීමෙන් මා බලාපොරොත්තු වූයේ, මගේ දැනුම මෙන් ම අන්‍ය ශිෂ්‍ය ප‍්‍රජාව ද දැනුවත් කිරිමයි. ප‍්‍රතිඵලය වන්නේ මෙම විශ්මිත උරුමය පිළිබඳ තතු අධ්‍යයනය කිරීමත් මෙලෙස ලියා එහි වටිනාකම පිළිබඳ මනුෂ්‍ය ප‍්‍රජාව තුළ ව්‍යාප්ත කිරීමයි. එම ප‍්‍රතිඵලය නෙළා ගැනීමට ගත් උත්සාහයක් ලෙස, මෙම ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකි ය.
ස්වයං ඇගයීම
ව්‍යාපෘතියට අදාළ ව කරුනු රැුස් කිරීමේ දී විවිධ පැතිකඩ දෙස මා අවධානය යොමු කළ අතර, පරිච්ෙඡ්ද, මාතෘකා, අනු මාතෘකා බෙදිමේ දී ඒ සියල්ල සම්පිණ්ඩනය කර දැක්වීමට ද ගුරු උපදේශක මඩුල්ල ලබා දුන් දළ සැළැස්මට අනුව කටයුතු කිරීමට ද සැළකිළිමත් වුණෙමි. දළ සැලැස්මට අදාළ ව කරුණු ගොනු කිරිමේ දී මා විසින් පිළියෙළ කර ගත් ක්ෂේත‍්‍ර පොත ද, නියමිත දිනට, කටුසටහන් ද එයින් පසු සටහන් ආකෘතිය ද සකස් කර ගැනීමට හැකි විය. උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ මීට අදාළ කාල රාමුව යි.
සීගිරිය පිළිබඳ ගවේෂණය කිරීමේ දී එහි සංකීර්ණ බව මෙන් ම සංස්කෘතික වටිනාකම ද වටහා ගෙන මෙම කාර්යයේ යෙදුණු අතර, මාස කිහිපයකින් එම උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘතිය නිම කිරීමට හැකි විය. ගැඹුරින් අධ්‍යයනය කිරීමට නොහැකි වුණත් මාගේ දැනුමට අවබෝධයට ග‍්‍රහණය කර ගැනීමට හැකි වූ අයුරින් තොරතුරු ගවේෂණය කළ බවත් මට හැෙඟන අයුරින් මෙහි අඩුපාඩුකම් නොතිබීමට මූලික සැලැස්මේ සිට අවසානය දක්වා උත්සාහ ගත් බවත් නිගමනය කරමි.
ගුරු උපදේශක මඩුල්ලේ තීරණය අනුව මෙම ව්‍යාපෘතිය 2003-11-28 දිනට ප‍්‍රථම භාර දීමට මාගේ සියලූ වැඩකටයුතු නිම කිරීමට හැකි වීම මා ලද ජයග‍්‍රහණයක් ලෙස සළකමි. අනාගත මං පෙත් සොයා යන ගමනේ කඩඉමක් ලෙස හඳුන්වන අ:පො:ස(උසස් පෙළ* විභාගයට අවශ්‍ය කේවල ව්‍යාපෘතිය මෙලෙස නිම කරමි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
x අමරංග විජයසිරි, ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර හා මූර්ති කලා, ප‍්‍රථම මුද්‍රණය – 1993
x බී. එස්. විජේරත්න, ලංකා චිත‍්‍ර කලා ඉතිහාසය, දෙවන මුද්‍රණය – 1951
x චාල්ස් ගොඩකුඹුර, අධ්‍යතන පුරා සාහිත්‍යය 1991 – 1992
x ගංගනාථ විතානආරච්චි, සිංහල වස්ථූපකරණය, ගොඩගේ ප‍්‍රකාශන, 1998
x ජාතික අධ්‍යාපන ආයතනය 11 වන ශ්‍රේණිය, සිංහල කියවීම් පොත, දෙවන මුද්‍රණය 2001
x තිලකරත්න දිගන්වෙල, චිත‍්‍ර කලා ඉතිහාසය, වාසනා ප‍්‍රකාශන
x මංගල ඉලංගසිංහ, සිහගිරි පුවත, හත්වන මුද්‍රණය – 2002
x ඬේවිඞ් අතුකෝරල, සීගිරිය,
x පුවත්පත්
ව්‍යාපෘති වාර්තාව දෙස සීගිරි ගී පාදක දෘෂ්ටි කෝණයෙන්
ගයාත‍්‍රී සුරේණි පෙරේරා සිසුවිියල ස්වකීය ව්‍යාපෘති වාර්තාවේ උපුටා දක්වා ඇති සීගිරි කුරුටු ගී ඇසුරින් ව්‍යාපෘති වාර්තාව පිළිබද විග‍්‍රහය ඉදිරිපත් කරමි.
ඔකඞ් නා සියලග්
ලොමු දහ ගැනවි සිහිගිරි
සීගිරියේ දී ලොමුදහ ගැන්වීමෙන් සිය ළඟ ඔකද කරවනු ලබන්නේ (ඔබ නිසා ය*
සීගිරිය පිළිබඳ මේ ව්‍යාපෘති වාර්තාවේ අඩංගුව හෙවත් අන්තර්ගතය දුටු මගේ සිත ද ඔකද වුයේ මෙතරම් කරුණු සම්භාරයක් හා ඡුායාරූප සමුදායක් ඇතුළත් වූ වාර්තාවක් සැකසීමට තරම් උසස් පෙළ සිසුවියනට කාලවේලාව සහ ශාස්තී‍්‍රය ශික්ෂනය තිබේ ද යන ගැටලූව මා සිත තුළ ඇති වූ නිසා ය. ඓතිහාසික පසුබිමල කාශ්‍යප යුගයට පෙර හා පසු සීගිරියල සීගිරයේ නමල පිබිදීම සීගිරි සිතුවම් හා ඒ පිළිබඳ මත ල චිත‍්‍ර සම්ප‍්‍රදායල ගෘහ නිර්මාණ ශිල්පයල සීගිරි උද්‍යානල කැටපත් පවුර හා සීගිරි ගීල සීගිරියේ විශේෂ ස්ථාන යන මාතෘකා ඔස්සේ කරුණු රැුසක් තම වාර්තාවට එකතු කිරීමට ශිෂ්‍යයාව සමත් ව ඇත. කරුණුවලින් ද දත්තවලින් ද සරු වාර්තාවක් සැකසීම පිළිබඳ ව සිසුවියට ස්තුතිය හිමි විය යුතු ය.
මනජල්වල් නොමුසි
හා හද දල්වයි (මා* සිත (ඇය කෙරෙන් මිදෙන්නේ නැත*
ව්‍යාපෘති වාර්තාව නැවත නැවත බලන්නට සිද්ධ වෙන අයුරින් සැකසී ඇත. එහි උපුටා දක්වා ඇති ඡුායාරූප හා චිත‍්‍ර ද අත් අකුරුවල ලස්සණ ද පාඨක සිත ආලෝකවත් කරයි. දල්වයි. කොමඩු ගෙඩියෙහි මදය මියුරු සේ ව්‍යාපෘති වාර්තාවේ අන්තර්ගත කරුණු ද මියුරු ය. රසවත් ය. කොමුඩු ගෙඩියක ඇට වන් ළමා අත් අකුරු, කියවන්නා ගේ මන දල්වයි.
පිදුමල ස්තුතියල සාරාංශයල හැඳින්වීමල භාවිත ක‍්‍රමවේදයල භාවිත කළ සම්පත්ල ප‍්‍රතිලාභ ලබන්නන්ල අරමුණු ක‍්‍රියාත්මක කළ ආකාරය හා පියවරල කාල රාමුවල නිගමනල සීගිරියේ පවත්නා ගැටලූල ව්‍යාපෘතියේ ප‍්‍රතිඵලල ස්වයං ඇගයීමල ආශ‍්‍රිිත ග‍්‍රන්ථ නාමාවලියල ප‍්‍රශ්නාවලිය යන මුල්පිටුවල අඩංගු කරුණු හා දෑ ව්‍යාපාති වාර්තාවේ අංගසම්පූර්ණ බව මොනවට කියා පායි. ව්‍යාපෘති වාර්තාවකට අඩංගු විය යුතු සියලූ ම උපාංග සහිත ව්‍යාපෘති වාර්තාවකි.
නිල් කටරොල් මලැකැ ඇවුනු වැටකොළ මල සෙයි
නිල් කටරොලූ මලෙක ඇමුනුණු වැටකොලූ මලක් වගෙයි
එකිනෙක ගැළපෙන සේ නිල් හා රන් ස්ත‍්‍රී රූප දිස් වන සේ මේ වාර්තාවේ කරුණු ද ඡුායාරූප ද මුසු වී ඉදිරිපත් වී තිබේ ද? මෙහි දී නම්ල සීගිරි ගීයෙන් කියැවෙන ආස්වාදජනක ගැළපීම ව්‍යාපෘති වාර්තාවේ දක්නට නැත. එයට හේතුව ඡුායාරූපල ප‍්‍රස්තාර හා සිතියම් වාර්තාවේ කතන්දරය කියවන අතරතුර එම කථාව උද්දීපනය කිරීම සඳහාල නිල් කටරොලූ මලක ඇමිනුණු වැටකොලූ මලකට සමාන වල සමවාය සම්බන්ධයක් ඇති වල ඉදිරිපත් කර නොතිබීම යි. වාර්තාවේ කරුණු ලියන අතර මල වරහන් තුළ පළමු වන රූපය හෝ පළමු වන ඡුායාරූපය හෝ පළමු වන සිතියම ආදී ලෙසින් ඇතුළත් කරන රූපල ඡුායාරූප සිතියම්වලට ඇති සම්බන්ධය පාඨකායාට ඉස්මතු කර පැහැදිලි කර පෙන්විය යුතු ය. එසේ නො කළ හොත් එය පාඨකයාට ඉටු කළ යුතු යුතුමක් ඉටු නොකළා වේ. අසම්බන්ධිත කරුණු හා නොගැළපීම නිසාල පාඨකයා ගේ තේරුම් ගැනීමේ හැකියාවට බාධාවක් වුව හොත් එය ආචාරධර්ම වශයෙන් වන ඌනතාවකි. මේ ඌනතාව ව්‍යාපෘති වාර්තවේ සකස් විය යුතු ය.
කොමුල් අමල් ලෙඞ් ලිනසි
ඇය ලූ කොමල හිනාව කොමුඩු ගෙඩියක ඇට පෙළ මෙනි
ව්‍යාපෘති වාර්තාවේ සමස්ත පෙළ ගැස්ම තුළින් මෙවැනි සිනාවක් පාඨකයා තුළ මතුවිය යුතු ය. එහෙත්
පරත්තැ සෙත් ගී
ගම නැ කැළැකිර්ලි
සිතේ ඇති කලකිරුණු ගතිය
පාඨක සිත තුළ කලකිරීමක් ඇති වන්නේ මුල් පිටු පෙළට අයත් පරිච්ෙඡ්ද වඩා තර්කානුකූල හා ක‍්‍රමානුකූල ව ඉදිරිපත් වුවා නම්ල මේ ව්‍යාපෘති වාර්තාවට කෙතරම් අලංකාර නිමැවුමක් ලැබෙන්නට ඉඩ තිබුණි ද යන සිතුවිල්ලෙනි.
නැගී ඇති බලනට – බැලිමි සිහිවියන් සිහිගිරි
මනදොල පුරයි ඇති – බලන සිරි නොවේ බෙයන්ද් රන්වන්
එහි කුමක් ඇත්්දෝයි බැලූමට සිංහගිරියට
නැගුණු විට මම එය සිත් සේ බලා ගතිමි’
මහා සිංහරාජයා ද දුටිමි’
ව්‍යාපෘති වාර්තවේ ඇති දෑ කියවීමටල බැලීමට උත්සුක වුණෙමි. එය සිත් සේ කියවු විට-අධ්‍යයනය කළවිට ගයාත‍්‍රී සුරේනි පෙරේරා සිසුවියගේ ව්‍යාපෘති වාර්තාකරණයේ ලා ඇති ශක්‍යතා දල නිපුණතා ද මැනවින් අවබෝධ කර ගතිමි.
ආචාර්ය ගොඩිව්න් කොඩිතුවක්කු
අධ්‍යක්ෂ
පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය