
අපේ ජීවිතවල අප වැඩියෙන් ම ඔසවා තබන සහ වටිනා ම සම්පත වන්නේ අපේ දරුවන් ය. ‘වැඩිහිටියකු වූ පසු හදනවාට වඩා පුංචි අවධියේ දී ම දරුවා හැඩගැස්වීම රටටත් ලෝකයටත් වඩාත් වැදගත් ය’ යන ප්‍රකට කියමනෙහි සැබෑ හරය වන්නේ “දරුවකුගේ මුල් ළමා වියේ පදනම කෙතරම් ශක්තිමත් විය යුතු ද”යන්න ය. දරුවකු මෙලොවට බිහි වූ දා සිට මුල් අවුරුදු පහක කාලයිමුල් ළමා විය ලෙස සැලකෙන අතර, එහි දී නිවසින් ලැබෙන අවිධිමත් අධ්‍යාපනයල විධිමත් මාවතකට යොමු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේ ‘පෙර පාසල ‘ය.
‘සෞඛ්‍යය’යනු හුදෙක් රෝගී නො වීම පමණක් ම නො වේ. එය ශාරීරික, මානසික, සමාජයීය මෙන් ම අධ්‍යාත්මික යන සෑම අංශයක ම සුවතාව වේ. දරුවකුගේ මෙම සමස්ත සුවතාව සුරක්ෂිත කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පළාත් සභා එක් ව වසර දහයක පමණ සිට “ජාතික පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන”ක්‍රියාවට නංවා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක සැබෑ ස්වරූපය
‘පෙර පාසලක්’යනු මුල් ළමාවියේ දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල ම ඔප්නැන්විය හැකි තැනකි. පෙර පාසල් වියේ දී දරුවකුගේ සංවර්ධනය යනු හුදෙක් අකුරු ලියා ඉලක්කම් ගණන් කිරීම නො වේ. දරුවකුගේ පූර්ණ වර්ධනය සඳහා අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කෙරේ.
1 – බුද්ධිමය සංවර්ධනය – සිතීමේ සහ අවබෝධ කර ගැනීමේ ශක්තිය වැඩි කිරීම.
2 – භෞතික සංවර්ධනය – ශාරීරික සෞඛ්‍යය මෙන් ම දළ සහ සියුම් චාලක කුසලතා වැඩි කිරීම (උදා – වැලි පිල්ලේ සෙල්ලම් කිරීමෙන් අකුරු ලිවීමට අවශ්‍ය සියුම් මාංශ පේශි ශක්තිමත් වේ).
3 – භාෂාමය සංවර්ධනය – සන්නිවේදන හැකියා පුළුල් කිරීම.
4 – සමාජ හා චිත්තවේගීය කුසලතා සංවර්ධනය – චිත්තවේග කළමනාකරණය මෙන් ම අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ සමාජ කුසලතා වර්ධනය කිරීම.
මෙපමණක් නො ව පෙර පාසලක් යනු, දරුවාගේ ‘සෞඛ්‍යය සහ ආරක්ෂාව’ තහවුරු කරන තෝතැන්නකි. එනම් පෙර පාසල දරුවකුට තම සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට සහ පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ස්ථානයක් විය යුතු වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ දී, තත්ත්වය පරීක්ෂා කිරීමට ප්‍රශ්නාවලියක් සපයා තිබේ. මෙහි දී පෙර පාසල් ගුරුතුමියට මෙන් ම, අදාළ පාර්ශවකරුවන්ට එක් එක් පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ක්‍රියාවලියේ දී, කිනම් තත්ත්වයක සිටිනවා ද යන වග එමගින් ස්වයං අධීක්ෂණයක් කර හැකි ය. පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට හෝ හැඳින්වීමට නම් පහත අංග 8 සම්පූර්ණ විය යුතු වේ.
1 සුරක්ෂිත භෞතික පරිසරය
දරුවකුගේ ඉගෙනුම් පරිසරය සැමවිට ම ආරක්ෂිත සහ පිරිසිදු විය යුතු ය. ආරක්ෂිත වැටක්, තාප්පයක්, ගේට්ටුවක් මෙන් ම දරුවන්ට නිදහසේ දුව පැන සෙල්ලම් කළ හැකි මිදුලක් තිබීම අත්‍යවශ්‍ය වේ.වටපිටාව අනතුරුදායක ස්ථානවලින් (උදා-දිරාපත්වූ ගස්, ගොඩනැගිලි, නිරාවරණයවූ ලිං වැනි) තොර වීම. මෙහි දී වැදගත් වන්නේ මිල අධික ක්‍රීඩා භාණ්ඩ නො ව, දේශීය ව සොයා ගත හැකි පොල්කටු, වැලි පුරවන ලද ටයර් වැනි සරල දේ තුළින් පවා දරුවාට සුරක්ෂිත ව ක්‍රියාශීලී වීමට අවකාශය සැලසීමයි. කසළ බැහැර කිරීම නිසි ලෙස කිරීමට අවකාශය තිබීම. ජලය සහ වැසිකිලි පහසුකම් තිබීම. අයාලේ යන, එන්නත් නො කළ සතුන්ගෙන් තොරවීම සහ දරුවා ආරක්ෂා කිරීම වැනි සුරක්ෂිත භෞතික වටපිටාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු ය.
2 ඵලදායී ඉගෙනුම් පරිසරය
පෙර පාසල් දරුවන්ගේ සංවර්ධන අංශ සියල්ල උත්තේජන වන අයුරින් සැලසුම්ගත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. සුදුසුකම්ලත් ගුරුවරියකගේ සිට, ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම්වලින් යුක්ත, ඉගෙනුම් පරිසරයක් පෙර පාසලෙහි තිබීම ඉතා වැදගත් වේ. එමගින් දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල සරල ක්‍රියාකාරකම් ඔස්සේ උද්දීපනය කිරීමට හැකි වීම විශේෂිත වේ.

3 යහපත් පුරුදු ගොඩනැංවීම සඳහා ක්‍රමවේද
දරුවාට ඕනෑ ම යහපත් හැසිරීම් හඳුන්වා දීමට මෙන් ම, නිතර නිතර කිරීම මගින් එය පුරුද්දක් බවට පත් කිරීමටත්, පෙර පාසල ඉතා සුදුසු ස්ථානයකි. මෙම පුරුදු අතර,’සෞඛ්‍ය පුරුදු’ විශේෂ තැනක් ගනී. එයට හේතුව නම් යහපත් සෞඛ්‍යය, ස්ථාවර අධ්‍යාපනයට දොරටු විවර කරන අතර, රටක ආර්ථිකයට ද එය අත්‍යවශ්‍ය ම අංගයක් වන හෙයිනි. එමෙන් ම වගකීම දැරීම, කණ්ඩායම් හැඟීම, අන් අයට ගරු කිරීම, සමාව දීම, සමාව ගැනීම, ඉවසීම වැනි බොහෝ පුරුදු ද යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කිරීමේ දී අවදානය යොමු කළ යුතු කරුණු වේ.
නිවැරදි ලෙස දෙඅත් පිරිසිදු කිරීම, තම ශරීරය පිරිසිදු කිරීම, දවසට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතයෙන් නිවැරදි ලෙස දත් මැදීම, තම වට පිටාව පිරිසිදු ව සහ පිළිවෙළට තබා ගැනීම, නිවැරදි ලෙස ආහාර ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු දරුවන් තුළ ඇති කිරීමට විවිධ මෙවලම්ිසෞඛ්ය ප්‍රවර්ධන පෙර පාසල් වැඩසටහන’ මගින් හඳුන්වා දෙමින් සිටී.
තම හැඟීම් මෙන් ම අන් අයගේ හැඟීම් හඳුනා ගැනීම සහ ප්‍රකාශ කිරීම, භාවමය බුද්ධිය මෙන් ම මනෝ සමාජයීය ව යහපත් වීමේ අඩිතාලම වේ. මේ සඳහා, පියවර 4කින් යුතු ක්‍රියාකාරකමක් මෙන් ම මූලික හැඟීම් 5ට අදාළ හැඟීම් කාඩ්පත් 5ක් පෙර පාසල් දරුවන් සඳහා නිර්මාණය කර දැනට පෙර පාසල්වලට හඳුන්වා දෙමින් පවතී.

ප්‍රවර්ධන පෙර පාසලක තිබිය යුතු අංග 8
පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මට්ටමට පැමිණීමට මෙම නිර්ණායක සපුරාලිය යුතු ය.
සුරක්ෂිත පරිසරය
අනතුරුදායක නොවන පිරිසිදු වටපිටාව සහ ක්‍රීඩා පිටිය
ඵලදායී ඉගෙනුම් වටපිටාව
දරුවා උත්තේජනය කරන උපකරණ සහ ක්‍රියාකාරකම්
යහපත් සෞඛ්‍ය පුරුදු
අත් සේදීම, දත් මැදීම සහ හැසිරීම් පුරුදු කිරීම
ක්‍රියාශීලී දිවිපෙවත
දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී වීම (ඉන් විනාඩි 60ක් තීව්ර ක්‍රියාකාරකම්)
සන්නිවේදන මැදිහත් වීම
පෝෂණය (දේදුනු ප්‍රහේලිකාව) සහ පිරිසිදු ජලය පානයට හුරු කිරීම
චර්යාත්මක අධීක්ෂණය
දරුවාගේ වෙනස්කම් පිළිබඳ ව ගුරුවරිය අවධානයෙන් සිටීම
සෞඛ්‍ය අංශ සහයෝගීතාව
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි, මහජන සෞඛ්‍ය පරීක්ෂක වැනි නිලධාරීන්ගේ මැදිහත් වීම
ප්‍රජා සහභාගීත්වය
දෙමාපියන් සහ ප්‍රජාව එක්ව කටයුතු කිරීම
4 ක්‍රියාශීලී දිවිපෙවත සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දරුවකු දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී විය යුතු බවයි. මෙයින් විනාඩි 60ක්, මධ්‍යස්ථ හෝ තීව්ර ක්‍රියාකාරකම්, එනම් හෘද ස්පන්දනය වේගවත් වන පරිදි දුව පැන සෙල්ලම් කිරීම, පැනීම හෝ බයිසිකල් පැදීම වැනි දේ විය යුතු ය. පෙර පාසල තුළ දරුවකු විනාඩි 45කට වඩා එකතැන ඉඳගෙන සිටීම නුසුදුසු බැවින්, සෑම පැය භාගයකට ම වරක් කුඩා ක්‍රියාකාරකම් ඔස්සේ දරුවා නැගිටුවීම සහ ක්‍රියාශීලී කිරීම වැදගත් වේ.
මේ සඳහා විවිධ දළ චාලක සහ සියුම් චාලක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් රාශියක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් හඳුන්වා දී තිබේ. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනට කරමින් පවතින අතර වසර 3ක් තුළ දිවයිනේ සියලු පෙර පාසල්වලට මෙම වැඩසටහන ලබා දීමට දැනට කටයුතු තිබේ.
ඩිජිටල් තිරය පසෙක ලා සෙල්ලම් කිරීම පෙළඹවීම සඳහා,ිහති වැටෙන තුරු විනෝද වෙමු’ නමින් කතන්දර පොතක් ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, අනෙකුත් පාර්ශවකරුවන් ද එක්ව පෙර පාසල් දරුවන් සඳහා නිර්මාණය කර තිබේ.

5 චර්යා වෙනසක් සඳහා සන්නිවේදන මැදිහත් වීම්
චර්යා ප්‍රවර්ධනය සඳහා විවිධ වර්ගයේ සන්නිවේදන මෙවලම් රාශියක් මුල් ළමාවියේ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ක්‍රියාත්මක කර තිබේ.
01 – පුද්ගලික ස්වස්ථතාව
සෞඛ්‍ය පුරුදු ආරම්භ වන්නේ දරුවාගේ පුද්ගලික ස්වස්ථතාව පිළිබඳ ව දැනුම්වත් කිරීමෙනි. එය දරුවාගේ ආත්ම විශ්වාසය සහ විනය ගොඩනැංවීමට ද සෘජු ව ම බලපායි.
අත් සේදීමේ කලාව – රෝගාබාධ රැසකින් ආරක්ෂා වීමට ඇති ප්‍රධානම මග නම් නිවැරදි ව අත් සේදීමයි. ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් හා මිදුලේ සෙල්ලම් කිරීමෙන් පසු සබන් යොදා නිවැරදි පියවර අනුගමනය කරමින් අත් සේදීමට දරුවා ප්‍රායෝගික ව හුරු කරනු ලැබේ.මේ සඳහා පෙර පාසල තුළ දරුවාගේ උසට ගැළපෙන සින්ක් සහ ජල පහසුකම් සහ සබන් සලසා තිබීම අත්‍යවශ්‍ය වේ.
02 – පෝෂණීය ආහාර වේල
‘පෙර පාසල් විය’ යනු දරුවකුගේ ශාරීරික සහ මානසික වර්ධනය ඉතා වේගයෙන් සිදුවන අවධියකි. එහි දී දරුවා ලබා ගන්නා ආහාර, ඔවුන්ගේ බුද්ධි වර්ධනයට මෙන් ම රෝගවලින් ආරක්ෂා වීමේ ප්‍රතිශක්තියට සෘජු ව ම බලපායි. වර්තමානයේ බොහෝ දරුවන් පැණිරස හා කෘත්‍රිම, ආහාරවලට ඇබ්බැහි වී සිටිය ද, සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක් තුළ දී දරුවාට පෝෂණය පිළිබඳ ව අවබෝධය ලබා දීමට අප පොළඹවන්නේ ඉතා සුන්දර සහ ප්‍රායෝගික සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ය.
- 01 – දේදුනු ප්‍රහේලිකාව (Rainbow puzzle)
මෙහි දී දරුවා දිනපතා ලබා ගන්නා ආහාර වේල දේදුන්නක් මෙන් විවිධ වර්ණවලින් යුක්ත විය යුතු බව උගන්වනු ලබයි. ප්‍රහේලිකාව නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාට මෙම සෞඛ්‍ය පණිවුඩ ලබා දීමෙන්, දරුවා විනෝදයෙන් මෙය ඉගෙන ගනී. දිනකට එළවලු 2යි, පලතුරු 2යි කොළ පලාවක් ආහාරයට ගැනීමට දරුවා පෙළඹවීම මෙම ක්‍රියාකාරකමේ මූලිකම අරමුණ වේ.
දරුවාට කුමන ආහාරයක් ගත යුතු ද යන්න පිළිබඳ ව තාර්කික අවබෝධයක් ලබා දීම’ආහාර පැනලය’ (Food panel) උපකාරී වේ. මෙම බෝඩ් සෙල්ලම කිරීමේ දී, අප ආහාරයට ගත යුතු සෞඛ්‍ය සම්පන්න මූලික පෝෂක සහිත ආහාර කාණ්ඩ තුන දරුවා පහසුවෙන් ඉගෙන ගනී.
■ සිරුර වර්ධනය කරන ආහාර foods that help us grow
■ ශක්තිය ලබා දෙන ආහාර foods that give us energy
■ රෝගවලින් ආරක්ෂා කරන ආහාර foods that protect us from infections
- 03 – පිරිසිදු පානීය ජලය භාවිතය
ලංකාවේ පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ සතියකට එක් වරක් හෝ පැණිබීම පානය කරන බව දත්ත පෙන්වා දෙයි. මෙය අනාගතයේ දී දරුවා දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නො වන රෝගවලට ගොදුරු වීමට ප්‍රධාන හේතුවකි.
■ තිබහට පැණිබීම වෙනුවට වතුර දරුවාට පිපාසය දැනුණු විට සීනි සහිත පාන වර්ග වෙනුවට පිරිසිදුවතුර පානය කිරීමට පෙර පාසල තුළ දී හුරු කරනු ලැබේ.
■ මෙම පුරුද්ද ඇති කිරීමට මුත්රාවල පාට බලා වතුර බීමේ ක්රියාකාරකමසමග ස්ටිකරයක් නිර්මාණය කර පෙර පාසල් වෙත ලබා දී තිබේ.
■ ඉහත දැක්වූ යහපත් සෞඛ්‍ය පුරුදුහැරුණු විට, අන් අයට උදව් කිරීම, අන් අයගේ හැඟීම් දැනීම් හඳුනාගෙන සමගියෙන් කටයුතු කිරීම වැනි විවිධ යහපත් පුරුදු ප්‍රවර්ධනය කිරීමට තවත් කතාන්දර පොත් 4ක්, ළමා ගීත 10ක් පමණ මෙන් ම ළමා භූමිකා රංගන 6කින් යුතු සමාජ සහ චර්යා වෙනස් කිරීමේ සන්නිවේදන පැකේජයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,අනෙකුත් සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් නිර්මාණය කර දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

පෝෂණය සහ සෞඛ්‍ය පුරුදු සඳහා විශේෂ ක්‍රමවේද
දේදුනු ප්‍රහේලිකාව (Rainbow puzzle)
දිනපතා එළවළු වර්ග 2ක්, පළතුරු 2ක් සහ පලා වර්ගයක් ආහාරයට ගැනීමට දිරිමත් කිරීම
ආහාර පැනලය
සිරුර වර්ධනය කරන, ශක්තිය දෙන සහ රෝගවලින් ආරක්ෂා කරන ආහාර හඳුනා ගැනීම
පැණිබීම වෙනුවට වතුර
සීනි සහිත බීම අවම කර පිරිසිදු ජලය
