දැනුම, කුසලතා සහ නිසි ආකල්පවලින් පිරිපුන් නිපුණ පුරවැසියකු ගොඩනැංවීම ශ්‍රී ලංකාව ජයග්‍රහණයන් වෙත රැගෙන යාමේ මාවත යි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන මේ මොහොත අපට ඒ සඳහා සුවිශේෂ අවස්ථාවක් උදාකර දී ඇත. එබැවින් අප මේ මොහොත සුවිශේෂ ව හඳුනාගත යුතු ය; එපමණක් ම නො වේ; එය භාවිත කළ යුතු ය.
ඉගෙනීම යනු “අවබෝධය, අත්හදා බැලීම් සහ අත්දැකීම්වලින් රැස්කර ගත යුතු කුසලතාවකි” ලෙස අර්ථ ගන්වා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම මහතා මීට පෙර අවධාරණය කර ඇති පරිදි මෙහි දී වැඩි අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ අධ්‍යාපනය කෙනකු විසින් තවත් කෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි අමුද්‍රව්‍යයක් නො වන බව ය (ගවේෂණ, 2022 ජනවාරි – මාර්තු). CEI සංකල්පය අපේ අධ්‍යාපන ක්‍රමයට එක්කර ගත යුතු වන්නේ මේ පසුබිම යටතේ ය.
CEI සංකල්පය හඳුනා ගනිමු
පර්යේෂණ සඳහා ප්‍රජාවගේ සහභාගිත්වය සහ දායකත්වය (CEI – Community Engagement and Involvement in Research ) ලොව විවිධ රටවල දී පුළුල් පිළිගැනීමකට ලක් ව තිබේ. විශේෂයෙන් නව දැනුම තම රටවල ආර්ථික ජයග්‍රහණ සඳහා භාවිත කරන රටවල මීට ඉහළ පිළිගැනීමක් ලැබී තිබේ. CEI තුළ දී සිදුවන්නේ කුමක් දැයි, සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු.
නිවුන් පුද්ගලයින් පිළිබඳ ව පර්යේෂණයක් කිරීමට සැලසුම් කරන විද්‍යාඥයින් පිරිසක් ගැන සිතන්න; එවැනි පිරිසකට නිවුන් දරුවන්ගේ අත්දැකීම් වැදගත් ය; ඔවුන් සමග පන්ති කාමරයේ සක්‍රිය වන ගුරුවරුන්ගේ අත්දැකීම් ද වැදගත් ය; මන්ද, ඔව්හු ජීවන අත්දැකීම්වලින්, නිවුන් දරුවන් පිළිබඳ සුවිශේෂී දැනුමක් අත්කර ගෙන ඇති හෙයිනි. එබැවින් පර්යේෂණයේ සාර්ථකත්වය සඳහා නිවුන් පුද්ගලයන්ට අදාළ සෙසු පාර්ශ්වකරුවන් සමග ඉහත දැක්වූ පිරිස්වල අත්දැකීම් හා දැනුම පර්යේෂණයේ මුල් අදියරයේ දී ම එක් කර ගත යුතු ව තිබේ. අනතුරු ව එය පර්යේෂණයේ අවසානය දක්වා ම රඳවා ගත යුතු ය (මෙහි දී ඔවුන් දායක වන්නේ හුදු දත්ත සපයන්නන් ලෙස පමණක් නො ව පර්යේෂණ සැලසුම් කරන, සක්‍රිය කොටස්කරුවන් ලෙස ය). එසේ කිරීම, CEI සංකල්පයේ හරයාත්මක ප්‍රවේශය යි. CEI සංකල්පය, පර්යේෂණ සැලසුම් කිරීම සඳහා පමණක් නො ව, සෞඛ්‍ය ඇතුළු සේවා සැපයුම් සැලසුම්කරණය සඳහා ද මැනවින් භාවිත කළ හැකි ය. මීට කදිම උදාහරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ළමා විය සංවර්ධන ආබාධ ඇති අය සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ CEI අනුකමිටුවේ (CEI Subcommittee of the National Steering Committee on Childhood Development Disabilities) ක්‍රියාකාරිත්වය දැක්විය හැකි ය. එම කමිටුවේ සාමාජිකයින් ලෙස, වෛද්‍ය හා තාක්ෂණික විශේෂඥයන්ට අමතර ව, ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන් ද ඇතුළත් ය. එම අනුකමිටුව නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමලගේ මහත්මිය සඳහන් කරන්නේ ඒ තුළින් වඩා ප්‍රශස්ත ඵලදායිතාවෙන් ඉහළ සේවාවක් අබාධිත දරුවන්ට ලබා දීම තහවුරු වී ඇති බව යි.
නිපුණතා සපිරි පුරවැසියකු බිහි උදෙසා CEI යොදා ගත හැකි අන්දම
කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ නිපුණතාව, පාසල් වියේ සිට ම දරුවන්ට හුරු කළ යුතු ව තිබේ. මෙය කොතෙක් වැදගත් ද යන්න, තනි තනි ව සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ද, සාමූහික ක්‍රියාකාරකම්හි දී අභියෝගයට ලක්වන අපේ දරුවන් තුළින් මනා ව පැහැදිලි වේ. පාසල් තුළ මොඩුයුල ක්‍රියාකාරකම් සාමූහික ව කිරීමේ දී මේ අභියෝගය ජය ගැනීම සඳහා දරුවන් හුරුකරවීමේ ප්‍රශස්ථ ප්‍රවේශයකි.
ඒ ඔස්සේ ලබන පරිචය ද සමගිපර්යේෂණ සඳහා ප්‍රජාවගේ සහභාගිත්වය සහ දායකත්වය (CEI – Community Engagement and Involvement in Research)’ ලබා දීමේ සරල ක්‍රියාකාරකම් වෙත ද දෙ වනු ව වඩා නිශ්චිත ක්‍රියාකාරකම් වෙත ද දරුවන් යොමු කළ යුතු ය.
CEI සංකල්පයේ දී සෑම විට ම කෙරෙන්නේ පර්යේෂණ ක්‍රියාකාරකමක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස කරන ඉල්ලීමක් ඔස්සේ පර්යේෂණයට දායකත්වය ලබා දීමට පිරිස තෝරා ගැනීමයි. එසේ තෝරා ගැනෙන පිරිස, විශේෂයෙන් දරුවන්ට කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වේ. එමතු ද නො වේ; පර්යේෂණ කණ්ඩායමක, බහුවිධ අදහස්-නන්විධ යෝජනා අතර සංයමයෙන්, සංවාදශීලී ව ක්‍රියාත්මක වීමට ලැබෙන අවස්ථාව වඩාත් වැදගත් ය.
මේ ප්‍රවේශය, විශ්වවිද්‍යාල සිසුන් අතර වඩාත් ශක්තිමත් අත්දැකීම් සමුදායක් ගොඩනැංවීමට උපකාර කර ගත හැකි ය.
සමාජ ගැටලුවලට සංවේදී වීම
නිපුන පුරවැසියා පුරවැසි වගකීම් ඉටුකරයි. සමාජ ගැටලුවලට සංවේදී වීම, රටේ සංවර්ධනයට දායක වීම, එම වගකීම් ඉටුකිරීමේ ප්‍රවේශයක් ලෙස ඔහු හඳුනා ගනී.
තමන් මුහුණ දෙන ගැටලු සහ සමාජය මුහුණ දෙන ගැටලු පිළිබඳ එක ම මට්ටමෙන් සිතීමේ හුරුව පාසල් අධ්‍යාපනය තුළ ම එන්නත් කළ යුතු ව තිබේ. මෙහිලා CEI ක්‍රියාකාරකම් වෙත දරුවන් යොමු කිරීමෙන් උසස් ආකල්පමය වෙනසක් බලාපොරොත්තු විය හැකි ය. එපමණක් නො ව, තත්කාලීන සංවර්ධන අභියෝග සහ සමාජ ගැටලු විසඳීම සඳහා පර්යේෂණ ප්‍රජාව කරන කාර්ය භාරය පිළිබඳ ව පාසල් සිසුන් දැනුම්වත් කරමින්, ඔවුන් ජාතික සංවාදයේ පංගුකරුවන් කර ගත යුතු ව තිබේ. මෙය පාසල් හර විෂය කාණ්ඩයෙන් බැහැර ව පර්යේෂකයන් වීමේ වැඩි විභවයක් ඇති දරුවන් වෙත ඉහළ නාභිගත වීමක් ලබා දෙන ප්‍රවේශයකින් සිදුවිය යුතු ක්‍රියාදාමයකි.
අවංකභාවය නිපුනතාවක් ලෙස
ශ්‍රී ලංකාවේ සිදුවන බොහෝ දත්ත රැස්කිරීම්වල සත්‍ය තත්ත්වය පිළිබඳ ව හොඳ පිළිබිඹුවක් මතු නො කරන බවට නිතර මැසිවිලි නැගෙනු ඇසේ. පවුලක ආර්ථික හැකියාව පිළිබඳ විඅස්වැසුම’ සමීක්ෂණවල දී මෙන් ම පළිබෝධකයන් පිළිබඳ ස්වේච්ඡා සහභාගීත්ව සමීක්ෂණයේ දී ද මේ තත්ත්වය මෑතක දී ඉස්මතු විය. මෙය ජාතික සැලසුම්වල දී ද ශ්‍රී ලංකාව මහත් අසීරුතාවයට පත් කරයි. නිසි අධ්‍යයන සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා තම දායකත්වය තොරතුරු සැපයීමේ සිට ඒවා සැලසුම් කිරීම දක්වා අදියරවල දී, වගකීම් සහගතව ඉටුකිරීමේ විනය දරුවන්ට ලබා දිය යුත්තේ මුල් අවදියේ දී ම ය. එසේ නොමැති ව ජීවිතයේ පසු අවධියේ දී සැකයෙන්, නොරුස්නාවෙන් හා අවිධිමත් ව සමීක්ෂණවලට තොරතුරු සපයන පිරිසට දොස් පැවරීමෙන් ඵලක් නො වේ.CEI සහභාගිත්ව ප්‍රවේශය විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට අවංකභාවය තහවුරු කර ගැනීම සහ එහි ගැඹුර ස්පර්ශකිරීම සඳහා ක්‍රියාකාරකම් පාදක ප්‍රවේශයක් සපය යි.
CEI අන්තර්ගත පර්යේෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ ප්‍රවේශය
ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතියේ විය යුතු ධනාත්මක සංවර්ධනය පිළිබද, අපේ රටේ විද්වතුන් දශක ගණනාවක සිට හඩ නගයි. පර්යේෂණ සංස්කෘතියක් රටක ගොඩනැගීමට නම්, පොදු ජනතාවගේ දායකත්වය මෙන් ම ඉල්ලීමක් ද තිබිය යුතු ය. එවැන්නක් ගොඩනගා ගැනීම සඳහා වන ගමනේ දී අපේ දරුවන් CEI ක්‍රියාකාරකම් වෙත හුරුකරවීමෙන් ලැබිය හැකි දිගුකාලීන වාසිය අමතක නො කළ යුතු ය. විශේෂයෙන් ම CEI සම්බන්ධ ක්‍රියාකාරකම් ඔස්සේ පර්යේෂණ සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා දීමෙන්, පර්යේෂණ හුදු විද්‍යාඥයන්ගේ ම, කාර්යයක් නො වන බව ද අප සියලු දෙනාට පර්යේෂණ සඳහා සහභාගි වීමට ද එහි ප්‍රතිඵල භුක්ති විඳීමට ඇති අයිතිය ද පිළිබඳ සංකල්පය සමාජගත වේ. එය පර්යේෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියට මහත් පිටුබලයකි.
මනෝරි විමලසේකර
සම්බන්ධීකාරක – CEI
සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය.
(manouridias@gmail.com)
CEI සංකල්පය පිළිබඳ ව ජාත්‍යන්තර අත්දැකීම් වැඩිදුර කියවීම සඳහා www.england.nhs.uk/get- involved වෙබ් අඩවියට පිවිසෙන්න.

CEI සංකල්පය පිළිබඳ ව ජාත්‍යන්තර අත්දැකීම් වැඩිදුර කියවීම සඳහා www.england.nhs.uk/get-