පුස්තකාල වර්ගීකරණයෙහි වැදගත්කම පිළිබඳ කෙටි විමසුමක්

තොරතුරු යන්න දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. මේ නිසා තොරතුරු සංවිධානය කිරීම ඉතා වැදගත් වන අතර, පුස්තකාලය කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම සඳහා ද පුස්තකාල එකතුවේ ඇති විවිධ ලේඛන ද්‍රව්‍ය (පොත්, වාර සඟරා, සංගත තැටි, ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය ආදිය) මනාව සංවිධානය කර තැබීම අත්‍යාවශ්‍ය වේ. විධිමත් ව සංවිධානය වූ පුස්තකාලයක, පාඨකයාට පහසුවෙන් සහ ඉක්මනින් […]

ලයිකන මත වැඩෙන විශේෂ දිලීර කාණ්ඩයක් › ලංකාවෙන් හමු වෙයි

ලයිකන මත පමණක් වර්ධනය වන දිලීර විශේෂයක් (Lichenicolous fungi) පිළිබඳ ව මීට වසර ගණනාවකට පෙර විද්‍යාඥයින්ගේ අවධානයට ලක් විය. එ අනුව පර්යේෂණ කළ විද්‍යාඥයින්ට මෙම දිලීර විශේෂය ලයිකන මත වර්ධනය වෙමින් ලයිකනයේ වර්ධන වේගය අඩාල කරන ආකාරය මෙන් ම මෙම දිලීර විශේෂය විසින් ලයිකනයේ වර්ණය ආදී ගුණාංග වෙනස් කරන ආකාරය ද දැක ගත හැකි විය. […]

පාසල් බෑගය බර වැඩි ද ?

ජාත්‍යන්තර සම්මතයට අනුව සාමාන්‍යයෙන් සිසුවකුට එසවිය හැක්කේ තම ශරීරයේ බරින් සියයට දහයක බර ප්‍රමාණයක් පමණි. එය කිසිවිටකත් ශරීරයේ බරින් සියයට පහළොව ඉක්මවා යා යුතු නො වේ. උදාහරණයක් වශයෙන් කි.ග්‍රෑ 30ක් බර ශිෂ්‍යයකුට ඔසවාගෙන යා යුතු බර කි.ග්‍රෑ. 3ක් පමණ වේ. එය කිසිවිටකත් කි.ග්‍රෑ. 4.5කට වඩා වැඩි නොවිය යුතු ය. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ බෑගයේ බර […]

තාක්ෂර්‍ණක මෙවලම් සහ ළමා මානසික සෞඛ්‍ය

සංවේදී ඉන්ද්‍රිය මගින් ග්‍රහනය කර ගන්නා තොරතුරුවලට අනුව  ප්‍රතිචාර දැක්වීම ජීව විද්‍යාත්මක ලක්ෂණයකි. අනෙක් සත්තු ප්‍රතිචාර දැක්වීම  මඟින් සරල ඉගෙනුමක් පමණක් සිදු කරති. උදාහරණ ලෙස චිම්පන්සියා, පූසා, බල්ලා වැනි සතුන් දැක්විය හැකි ය. මිනිසා අනෙක් සතුන්ට වඩා සංකීර්ණ හා දිගුකාලීන ව චර්යාවේ වෙනසක් ඉගෙනුම නිසා අත්පත් කර ගනී. මේ සදහා මිනිස් පැටවාට හැකියාව ලැඛෙනුයේ මොළයේ […]

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීරණ උදෙසා වැදගත් වන මානසික සෞඛ්‍යය සම්බන්ධ දිශානතිය

මානසික සෞඛ්‍යය යනු, ආතති සාර්ථක ව කළමනාකරණය කරමින්, තමාගේ හැකියා පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් තම ප්‍රජාවේ දියුණුව උදෙසා දායකත්වය ලබා දීමට අවශ්‍ය මානසික යහපැවැත්මයි. ඒ යටතට පුද්ගලයාගේ චිත්තවේගීය, මානසික සහ සමාජීය යහපැවැත්ම ඇතුළත් වේ. එය පුද්ගලයා සිතන, ඔහුට දැනෙන සහ ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපායි. ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා ජීවිතයේ […]

ගුරුවරියන්ගේ ඇඳුම සහ මානසික යහපැවැත්ම – ජපානයට සාපේක්ෂ ව

ගුරුවරියන්ගේ ඇඳුම සහ මානසික යහපැවැත්ම – ජපානයට සාපේක්ෂ ව   සාරි ගැන මෑත කාලීන විවාද පාසල් ගුරුවරියන්ගේ ඇඳුම මෑතක සිට විවාදාත්මක මාතෘකාවක් බවට පත් විය. මෙම කතිතාව මතු වූයේ ඇයි ද? යන්නට බොහෝ අර්ථකථන ඇත. 2022.09.27 වන දින නිකුත් කරන ලද 05/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හඳුන්වා දීමත් සමඟ පාසල් ගුරුවරියන්ගේ ඇඳුම ද බහුතරයකගේ අවධානයට ලක් […]

යහපත් මනසක් ඇති කර ගන්නේ කොහොම ද

මහාචාර්යතුමනි, මානසික රෝග සහ මානසික සෞඛ්‍යය කියන්නේ එක ම කාරණාවක් ද? නැති නම් කාරණා දෙකක් ද? සතුට, දුක, කනස්සල්ල, බය, තරහව මේවා සියල්ල මනසේ ඇති වන ස්වභාවික හැඟීම්. ඒවා ඕන කෙනෙකුට පොදුයි. මේ හැගීම් හෝ මිනිස් චර්යා ප්‍රමාණයෙන් හෝ ගුණයෙන් වෙනස් වෙලා තව කෙනෙකුට හෝ තමන්ට බලපෑමක් වෙනවා නම් ඒක මානසික රෝගයක ලක්ෂණයක් කියලා හදුන්වන්න […]

රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යය ආරක්ෂා විය යුත්තේ කෙසේ ද

රැකියා ස්ථානයක් සේවකයන්ගේ  මනසට හිතකර පරිසරයක් වීම කෙතරම් දුරට වැදගත්  ද? අප යම් රැකියාවක් කරන්නේ නම්, අවදි වී සිටින කා,ය ඇතුළත, වැඩි ම වේ,ාවක්ගත කරන්නේ රැකියා ස්ථානයේ. එම නිසා රැකියා ස්ථානය, රැකියාව, රාජකාරි ප්‍රමාණය, මෙන් ම රැකියා ස්ථානයේ සහෘදයන්, පරිපාලනය සහ වෙනත් පහසුකම්  සෞඛ්‍යයට ඍජු ව ම බලපානවා. එමෙන් ම මානසික සුවයට ද එම කරුණු […]

මානසික සෞඛ්‍ය හා මානසික රෝග කියන්නේ යම්කිසි පරිසරයක අන්ත දෙකක්

අපේ රටේ මානසික සෞඛ්‍යය ප්‍රතිකාර අසාර්ක වීමට බලපා ඇති කරුණු හතරක් මම දකිනවා වෛද්‍යතුමනි, මානසික  සෞඛ්‍යය යනු කුමක් ද? ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිර්වචනය කරලා තියෙන විධියට මානසික සෞඛ්‍යය කියල කියන්නේ පුද්ගලයෙකුගේ යහපත් පැවැත්මයි. ඒ යටතේ අංශ කිහිපයකින් මානසික සෞඛ්‍යය ගැන සඳහන් වෙනවා. පළමු එක තමයි, පුද්ගලයෙකුට තමන්ගේ හැකියා (ඒ කියන්නේ තමන්ගේ ශක්තීන් හා දුර්වලතා), […]

සතුට පිළිබඳ විද්‍යාව

අපට එදිනෙදා ජීවිතයේ දී හමු වන කිහිප දෙනෙකුෙ.න් “ඔබේ ජීවිතයේ අරමුණ” කුමක් දැ යි ඇසුව හොත් ඔවුන් බහුතරයකෙ.් මතය වනු ඇත්තේ “සතුට” යන්නයි. එසේ වුව ද “සතුට” යනු නිශ්චිත නිර්වචනයක් ලබා දිය නො හැකි හැඟීමකි. එනම්, අපෙ.් ජීවිතයේ අරමුණ “සතුට” වුවත්, සතුට ළඟා කරගැනීමට නිශ්චිත ව ම අප කුමක් කළ යුතු දැයි කිව නො හැකි […]