TRANSLATE ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර කටයුතු ගාල්ලෙන් ඇරඹෙයි

භින්නෝන්මාදය වැනි මනෝ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයින් හදුනා ගැනීම එනම් රෝග විනිශ්චය ප්‍රමාද වීම සහ එම ප්‍රමාදය නිසා කල් ගත වී ලබාදෙන ප්‍රතිකාරවලට දුර්වල ප්‍රතිචාරයක් ඇතිවීම මෙන්ම ආබාධිත මට්ටම ඉහළ යාම අතර ඍජු සම්බන්ධයක් ඇත. මෙවන් ආබාධ සහිත පුද්ගලයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ සමකලිනයට වඩා අවුරුදු 10-15කට පමණ පෙර මිය යයි. TRANSLATE ව්‍යාපෘතිය යනු එලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවන් […]

පර්යේෂණ සොයා ගැනීම් සමාජ යහපත උදෙසා යොදා ගනිමු

ඔබ අධ්‍යයන හෝ වෘත්තිය අවශ්‍යතාවක් උදෙසා පර්යේෂණ/අධ්‍යයන කරන අයෙක් ද? ඔබේ සොයා ගැනීම් අපට එවන්න. අපි එම දැනුම ජනතාව අතරට ගෙන යාමට උදවු වෙන්නම්.Contact- 0112863084/0716101706 gaveshanajournal@gmail.com www.gaveshana.lk

පූර්ව හා පසු ප්‍රසව විශාදය. (perinatal depression) පිළිබඳ ව නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍ය රූපගත කිරීම් අතරතුර

ලාංකේය සමාජයේ මවුවරුන් මුහුණ දෙන මෙම සෞඛ්‍යමය ගැටලු‍වට පිළියමක් උදෙසා මහජනතාවගේ මේ සම්බන්ධයෙන් පවතින දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන (ENHANCE) ව්‍යාපෘතිය මගින් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනු ලබයි. පූර්ව හා පසු ප්‍රසව විශාදය යනු අපේ රටේ කාන්තාවන් බහුල ව මුහුණ දෙන මානසික රෝග තත්ත්වයකි. අවාසනාවකට ස්වාමි පුරුෂයන්, දෙමාපියන් ඇතුළු ඇයගේ සමීපතමයන් මෙන් […]

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ (ISID) සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ පත් වෙයි

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ (ISID) සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර ඇත. ඇය 2027 දී සභාපති ධුරය භාර ගනු ඇති අතර, සෑම වාරයක්ම වසර දෙකක් පවතිනු ඇත. විශේෂයෙන් පසුගිය සමයේ COVID-19 පර්යේෂණ සඳහා මහාචාර්ය මලවිගේ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පර්යේෂිකාවකි. එසේම ශ්‍රී ලංකාවේ SARS-CoV-2 හි අණුක වසංගත විද්‍යාව පිළිබඳ ඇගේ පර්යේෂණ වෛරසයේ […]

පර්යේෂණ මනස පාසලෙන් ආරම්භ කිරීමට  ජාතික විද්‍යා පදනමෙන් වැඩසටහනක්

වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ‘පර්යේෂණ සංස්කෘතියක්’ පාසල් ප්‍රජාව තුළ ඇති කිරීමයි ජාතික විද්‍යා පදනමේ පනතට අනුව, මෙරට ‘විද්‍යාව ප්‍රචලිත කිරීම’ සඳහා සහ ‘විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය’ සඳහා ආයතනයට බලය ලබා දී ඇත. ඒ අනුව ජාතික විද්‍යා පදනම වාර්ෂික ව විවිධ ප්‍රජාව ඉලක්ක කරගෙන, විශේෂයෙන් පාසල් ප්‍රජාව ඉලක්ක කර විවිධ වැඩසටහන්, තරග සංවිධානය කරනු ලැබේ. පාසල් ළමයින් […]

තුන් වන ලෝකයේ රටක දේශීය පර්යේෂණ ආයතනයක අපේ අභිමානය

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ වසර 25ක ගමන් මගපර්යේෂණ යනු ලෝකයේ දියුණු රටවලට පමණක් උරුම වූවක් ද? නැත. එහෙත් ආර්ථික හැකියා මත, දියුණු රටවල්වල පර්යේෂණ සහ නව දැනුමේ ආධිපත්‍ය පැතිරී තිබීමට පුළුවන. එහෙත් අපි ඒ ගැන කලබල විය යුතු නො වේ. අපි අපිට හැකි ආකාරයෙන් දේශීය පර්යේෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු […]

මේ අභිමානවත් රට ඔබේ ය

ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියානු ජනතාවට දුන් පණිවිඩය ඉන්දියාවේ ‘න්‍යෂ්ඨික ව්‍යාපෘතියේ පියා’ ලෙස ලෝක ප්‍රකට එරට හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේශනයක් විද්්‍යුත් තැපෑල මගින් ඉන්දියානු ජාතිකයන් අතර, ප්‍රචාරය කරන ලදී. ඉන්දියානු විඥානය කළඹවාලීමට තුඩු දුන් වැදගත් සහ සිතුවිලි පුබුදු වන විවාදාපන්න ගැටලු, එම පණිවිඩයේ අඩංගු විය. ශ්‍රී ලාංකික අපට, අප ගැනත් අපේ […]

පර්යේෂණවලින් තොර සංවර්ධනයක් හෝ සෞඛ්‍යයක් තිබිය නො හැකි ය

No development without health: no development without researchපූර්ණ සෞඛ්‍යසම්පන්න බව’ යනු කාර්යක්ෂ ම ජීවත් වීමටත්, උපරිම ලෙස සේවය කිරීමටත්, හැකියාවක් ලබා දෙන, කායික හා මානසික යෝග්‍යතාවයි. කය හා මනස නිරෝගි වූ විට පුද්ගලයා චිත්තවේගි ස්ථාවර බවින් ද සදාචාරාත්මක බවින් ද යුක්ත වේ. පුද්ගලයාගේ ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, නිවැරදි චලන, නම්‍යතාව ඔහුගේ ක්‍රියාශිලිභාවයට හා කාර්යක්ෂමතාවට බලපායි. […]

අපේ රටේ සංවර්ධනයට කෘෂිකර්මාන්තය, පොළවේ ඇති ඛනිජ සම්පත් වඩාත් බලපෑමක් කළ හැකි ක්ෂේත්‍ර, බවට හඳුනා ගෙන තියෙනවා

මහාචාර්ය රංජිත් සේනාරත්න සභාපති ජාතික විද්‍යා පදනම මහාචාර්යතුමනි, ඔබ කෘෂිකර්මාන්තය හා බෝග විද්‍යාව පිළිබඳ ව අපේ රටේ සිටින විද්‍යාඥයෙක්. ඒ වගේ ම ඔබ මේ වන විට ජාතික විද්‍යා පදනමේ සභාපති ධුරයේ කටයුතු කරනවා. මේ වෙලාවේ අපේ රටේ‘පර්යේෂණ සහ සංවර්ධන’ කටයුතු පිළිබඳ ව ඔබතුමාගේ අදහස මොන වගේ ද? මොකද මේ වෙලාව, ශ්‍රි ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න […]