TRANSLATE ව්‍යාපෘතිය | Psychosis කල්තියා හඳුනාගැනීම සහ කළමනාකරණය

මානසික රෝග තත්ත්වයන් කල්තියා හඳුනාගෙන නිසි කළමනාකරණයට යොමු කිරීම, පුද්ගලයාගේ, පවුලේ සහ ප්‍රජාවේ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ.

 

මෙම දේශනය තුළින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් TRANSLATE ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරමින්, psychosis තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම සහ නිසි කළමනාකරණයට යොමු කිරීම සඳහා පර්යේෂණය මඟින් සොයාබලන ක්‍රමවේද පිළිබඳව අදහස් දැක්වීය.

 

සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රජාව සහ පර්යේෂකයන් අතර සහයෝගීතාව ශක්තිමත් කරමින්, මානසික සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම සඳහා TRANSLATE ව්‍යාපෘතිය අවධානය යොමු කරයි