නිපුණ පුරවැසියකු බිහිකිරීම සඳහා CEI ප්‍රවේශය

දැනුම, කුසලතා සහ නිසි ආකල්පවලින් පිරිපුන් නිපුණ පුරවැසියකු ගොඩනැංවීම ශ්‍රී ලංකාව ජයග්‍රහණයන් වෙත රැගෙන යාමේ මාවත යි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන මේ මොහොත අපට ඒ සඳහා සුවිශේෂ අවස්ථාවක් උදාකර දී ඇත. එබැවින් අප මේ මොහොත සුවිශේෂ ව හඳුනාගත යුතු ය; එපමණක් ම නො වේ;  එය භාවිත කළ යුතු ය.     ඉගෙනීම යනු  “අවබෝධය, අත්හදා […]

‘ව්‍යවසායකත්වය’ හුදෙක් වෘත්තියක් නො ව, සමාජය වෙනස් කරන චින්තනයක්

ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂය මාලාව ‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය කළමනාකරණය’ යන විෂය මොඩියුලය හඳුන්වා දීම ඵෙතිහාසික පියවරකි. මෙම විෂයය, හුදෙක් පෙළපොතකට සීමා නො වී, එහි සැබෑ ප්‍රායෝගික අරුත සහ දරුවන් තුළ ඇති කළ යුතු නිවැරදි ආකල්ප පිළිබඳ ව, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘Regan Renewables’ සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී […]

කෘත්‍රිම බුද්ධියටත් පරාජය කළ නොහැකි දරුවාගේ ස්වාභාවික බුද්ධිය අවධි කරන්නේ කෙසේ ද?

 අපේ රටේ අනාගතය හැඩ ගස්වන්නේ, අද අප ගන්නා තීරණ සහ මැදිහත් වීම් මත ය. සාර්ථක, වගකීම් සහිත, මානසික ව සුවපත් පුරවැසියන් බිහි කිරීම සඳහා අප අද කළ යුත්තේ කුමක් ද? ශ්‍රි ලාංකික අන්‍යන්‍යතාව රැගත් අභිමානවත් පුරවැසියකු උදෙසා අපගේ ආකල්ප කෙබඳු විය යුතු ද? විද්‍යාත්මක පදනමක් මත සාර්ථක අනාගත පුරවැසියකු ගොඩ නැගීමට අද ආරම්භ කළ යුතු […]

නිපුණතා සංකල්පය  (Competencies Concept)

පූර්ව ළමා විය සහ ළමා විය ගත කරන සිසුන් වෙනුවෙන් සැලසුම් කරනු ලබන අධ්‍යාපනයේ ප්‍රමුඛ පරමාර්ථය විය යුත්තේ, සිසුන්ගේ නිපුණතා (Competencies) සංවර්ධනය කිරීම ය. නිපුණතා  සංවර්ධනය කිරීම යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැයි යනු විග්‍රහ කිරීම,පොදුවේ ගුරුවරුන්ටත් දෙමාපියන්ටත්  වැදගත් වන්නේ, එමගින් ශිෂ්‍ය නිපුණතා සංවර්ධනයට දායක විය හැකි දෙපාර්ශ්වයක් ලෙස, ඔවුන් සතු විය යුතු දායකත්වය මැනවින් ක්‍රියාත්මක […]

රිලවුන්ගේ රහස් ජීවිත ගැන ශ්‍රී ලංකාවේ පර්යේෂණයක්

ශ්‍රී ලංකාවට ආවේණික රිලවුන් (Toque macaque) වර්ගය තුළ පිරිමි-පිරිමි අතර සිදුවන සමලිංගික හැසිරීම් පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. මෙම පර්යේෂණය ‘Archives of Sexual Behavior’ සඟරාවේ 2026 ජනවාරි 26 දින ප්‍රකාශයට පත් කර ඇත. මෙම අධ්‍යයනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ‘හන්තාන’ප්‍රදේශයේ වසරකට ආසන්න කාලයක් පුරා සිදු කර ඇත. රිලවුන් කණ්ඩායම් දෙකක් නිරීක්ෂණය කරමින්, ලිංගික හැසිරීම් 443ක් සටහන් කර තිබේ. ඒවායින් සම්පූර්ණයෙන් 47%ක් සමලිංගික හැසිරීම් බව හඳුනාගෙන ඇත. විශේෂ කරුණ වන්නේ, මෙම සමලිංගික හැසිරීම් අතරින් 97%කට ආසන්න ප්‍රමාණයක් ම  පිරිමි-පිරිමි අතර සිදුවී තිබීමයි. ස්ත්‍රී-ස්ත්‍රී අතර එවැනි හැසිරීම් ඉතා අඩුවෙන් පමණක් වාර්තා වී ඇත. පර්යේෂකයන් සඳහන් කරන්නේ, මෙවැනි හැසිරීම් බොහෝ විට තරුණ පිරිමි රිලවුන් අතර සිදුවූ බවයි. කණ්ඩායමේ බලවත් පිරිමි රිලවුන්ට ස්ත්‍රී රිලවුන් සමඟ වැඩි අවස්ථා ලැබීම නිසා, තරුණ රිලවුන් අතර වෙනත් ආකාරයේ සම්බන්ධතා වර්ධනය විය හැකි බව ඔවුන් යෝජනා කර ඇත. ලෝකයේ අනෙකුත් වානර විශේෂවල ද මෙවැනි හැසිරීම් වාර්තා වී ඇති බැවින්, මෙය අසාමාන්‍ය දෙයක් නො ව, පරිණාමය තුළින් පැවති ලක්ෂණයක් විය හැකි බවත් පර්යේෂණය පෙන්වා දෙයි. මෙම අධ්‍යයනයෙන් පෙන්වන්නේ, වානර සමාජ ජීවිතය අප සිතනවාට වඩා සංකීර්ණ සහ විවිධත්වයෙන් පිරුණු බවයි. එය සත්ත්ව හැසිරීම් හා පරිණාමය ගැන අපගේ අවබෝධය තවත් විස්තර කරයි.

හෙට දිනවන නිරෝගී පරපුරක් වෙනුවෙන්  පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් කරමු

අපේ ජීවිතවල අප වැඩියෙන් ම  ඔසවා තබන සහ වටිනා ම සම්පත වන්නේ අපේ දරුවන් ය. ‘වැඩිහිටියකු වූ පසු හදනවාට වඩා පුංචි අවධියේ දී මරුවා හැඩගැස්වීම රටටත් ලෝකයටත් වඩාත් වැදගත් ය’ යන ප්‍රකට කියමනෙහි සැබෑ හරය වන්නේ  “දරුවකුගේ මුල් ළමා වියේ පදනම කෙතරම් ශක්තිමත් විය යුතු ද”යන්න ය. දරුවකු මෙලොවට බිහි වූ දා සිට මුල් අවුරුදු පහක කාලයිමුල් ළමා විය ලෙස සැලකෙන අතර, එහි දී නිවසින් ලැබෙන අවිධිමත් අධ්‍යාපනයල විධිමත් මාවතකට යොමු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේ ‘පෙර පාසල ‘ය. ‘සෞඛ්‍යය’යනු හුදෙක් රෝගී නො වීම පමණක් ම නො වේ. එය ශාරීරික, මානසික, සමාජයීය මෙන් ම අධ්‍යාත්මික යන සෑම අංශයක  ම සුවතාව වේ. දරුවකුගේ මෙම සමස්ත සුවතාව සුරක්ෂිත කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පළාත් සභා එක් ව වසර දහයක පමණ සිට  “ජාතික පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන”ක්‍රියාවට නංවා තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක සැබෑ ස්වරූපය ‘පෙර පාසලක්’යනු මුල් ළමාවියේ දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල ම ඔප්නැන්විය හැකි තැනකි. පෙර පාසල් වියේ දී දරුවකුගේ සංවර්ධනය යනු හුදෙක් අකුරු ලියා ඉලක්කම් ගණන් කිරීම නො වේ. දරුවකුගේ පූර්ණ වර්ධනය සඳහා අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කෙරේ. 1 – බුද්ධිමය සංවර්ධනය – සිතීමේ සහ අවබෝධ කර ගැනීමේ ශක්තිය වැඩි කිරීම. 2 – භෞතික සංවර්ධනය – ශාරීරික සෞඛ්‍යය මෙන් ම දළ සහ සියුම් චාලක කුසලතා වැඩි කිරීම  (උදා – වැලි පිල්ලේ සෙල්ලම් කිරීමෙන් අකුරු ලිවීමට අවශ්‍ය සියුම් මාංශ පේශි ශක්තිමත් වේ). 3 – භාෂාමය සංවර්ධනය – සන්නිවේදන හැකියා පුළුල් කිරීම. 4 – සමාජ හා චිත්තවේගීය කුසලතා සංවර්ධනය –   චිත්තවේග කළමනාකරණය මෙන් ම අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ සමාජ කුසලතා වර්ධනය කිරීම. මෙපමණක් නො ව  පෙර පාසලක් යනු, දරුවාගේ ‘සෞඛ්‍යය සහ ආරක්ෂාව’ තහවුරු කරන තෝතැන්නකි. එනම් පෙර පාසල දරුවකුට තම සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට සහ පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ස්ථානයක් විය යුතු වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ දී, තත්ත්වය පරීක්ෂා කිරීමට ප්‍රශ්නාවලියක් සපයා තිබේ. මෙහි දී පෙර පාසල් ගුරුතුමියට මෙන් ම, අදාළ පාර්ශවකරුවන්ට එක් එක් පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ක්‍රියාවලියේ දී, කිනම් තත්ත්වයක සිටිනවා ද යන වග එමගින් ස්වයං අධීක්ෂණයක් කර හැකි ය. පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට හෝ හැඳින්වීමට නම් පහත අංග 8 සම්පූර්ණ විය යුතු වේ. 1 සුරක්ෂිත භෞතික පරිසරය     දරුවකුගේ ඉගෙනුම් පරිසරය සැමවිට ම ආරක්ෂිත සහ පිරිසිදු  විය යුතු ය. ආරක්ෂිත වැටක්, තාප්පයක්, ගේට්ටුවක් මෙන් ම දරුවන්ට නිදහසේ දුව පැන සෙල්ලම් කළ හැකි මිදුලක් තිබීම අත්‍යවශ්‍ය වේ.වටපිටාව අනතුරුදායක ස්ථානවලින් (උදා-දිරාපත්වූ ගස්, ගොඩනැගිලි, නිරාවරණයවූ ලිං වැනි) තොර වීම. මෙහි දී වැදගත් වන්නේ මිල අධික ක්‍රීඩා භාණ්ඩ නො ව, දේශීය ව සොයා ගත හැකි පොල්කටු, වැලි පුරවන ලද ටයර් වැනි සරල දේ තුළින්  පවා දරුවාට සුරක්ෂිත ව ක්‍රියාශීලී වීමට අවකාශය සැලසීමයි. කසළ බැහැර කිරීම නිසි ලෙස කිරීමට අවකාශය තිබීම. ජලය සහ වැසිකිලි පහසුකම් තිබීම. අයාලේ යන, එන්නත් නො කළ සතුන්ගෙන් තොරවීම සහ දරුවා ආරක්ෂා කිරීම වැනි සුරක්ෂිත භෞතික වටපිටාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු ය. 2 ඵලදායී ඉගෙනුම් පරිසරය පෙර පාසල් දරුවන්ගේ සංවර්ධන අංශ සියල්ල උත්තේජන වන අයුරින් සැලසුම්ගත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. සුදුසුකම්ලත් ගුරුවරියකගේ සිට, ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම්වලින් යුක්ත, ඉගෙනුම් පරිසරයක් පෙර පාසලෙහි තිබීම ඉතා වැදගත් වේ. එමගින් දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල සරල ක්‍රියාකාරකම් ඔස්සේ උද්දීපනය කිරීමට හැකි වීම විශේෂිත වේ.  3 යහපත් පුරුදු ගොඩනැංවීම සඳහා ක්‍රමවේද දරුවාට ඕනෑ ම යහපත් හැසිරීම් හඳුන්වා දීමට මෙන් ම, නිතර නිතර කිරීම මගින් එය පුරුද්දක් බවට පත් කිරීමටත්, පෙර පාසල ඉතා සුදුසු ස්ථානයකි. මෙම පුරුදු අතර,’සෞඛ්‍ය පුරුදු’ විශේෂ තැනක් ගනී. එයට හේතුව නම් යහපත් සෞඛ්‍යය, ස්ථාවර අධ්‍යාපනයට දොරටු විවර කරන අතර, රටක ආර්ථිකයට ද එය අත්‍යවශ්‍ය ම අංගයක් වන හෙයිනි. එමෙන් ම වගකීම දැරීම, කණ්ඩායම් හැඟීම, අන් අයට ගරු කිරීම, සමාව දීම, සමාව ගැනීම, ඉවසීම වැනි බොහෝ පුරුදු ද යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කිරීමේ දී අවදානය යොමු කළ යුතු කරුණු වේ.      නිවැරදි ලෙස දෙඅත් පිරිසිදු කිරීම, තම ශරීරය පිරිසිදු කිරීම, දවසට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතයෙන් නිවැරදි ලෙස දත් මැදීම, තම වට පිටාව පිරිසිදු ව සහ පිළිවෙළට තබා ගැනීම, නිවැරදි ලෙස ආහාර ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු දරුවන් තුළ ඇති කිරීමට විවිධ මෙවලම්ිසෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් වැඩසටහන’ මගින් හඳුන්වා දෙමින් සිටී.      තම හැඟීම් මෙන් ම අන් අයගේ හැඟීම් හඳුනා ගැනීම සහ ප්‍රකාශ කිරීම, භාවමය බුද්ධිය මෙන් ම මනෝ සමාජයීය ව යහපත් වීමේ අඩිතාලම වේ. මේ සඳහා, පියවර 4කින් යුතු ක්‍රියාකාරකමක් මෙන් ම මූලික හැඟීම් 5ට අදාළ හැඟීම් කාඩ්පත් 5ක් පෙර පාසල් දරුවන් සඳහා නිර්මාණය කර දැනට පෙර පාසල්වලට හඳුන්වා දෙමින් පවතී. ප්‍රවර්ධන පෙර පාසලක තිබිය යුතු අංග 8 පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මට්ටමට පැමිණීමට මෙම නිර්ණායක සපුරාලිය යුතු ය. සුරක්ෂිත පරිසරය අනතුරුදායක නොවන පිරිසිදු වටපිටාව සහ ක්‍රීඩා පිටිය ඵලදායී ඉගෙනුම් වටපිටාව දරුවා උත්තේජනය කරන උපකරණ සහ ක්‍රියාකාරකම් යහපත් සෞඛ්‍ය පුරුදු අත් සේදීම, දත් මැදීම සහ හැසිරීම් පුරුදු කිරීම ක්‍රියාශීලී දිවිපෙවත දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී වීම (ඉන් විනාඩි 60ක් තීව්‍ර ක්‍රියාකාරකම්) සන්නිවේදන මැදිහත් වීම […]

The latest cohort of Behaviour Therapy Theory Programme

The latest cohort of Behaviour Therapy Theory Programme students has successfully completed the theory component of their training in Sri Lanka. Applied Behaviour Analysis is widely recognised as one of the most evidence based approaches for supporting children with autism. It is implemented by trained behaviour therapists, where professional standards, certification, and regulation are critical to […]

‘ගවේෂණ’ අලුත් ම කලාපය ළඟදී ම

‘ගවේෂණ’ අලුත් ම කලාපය ළඟදී ම මෙවර තේමාව:“සුරක්ෂිත සහ සතුටුදායක සමාජයක් උදෙසා ශක්තිමත් ම මූලය – නිපුණතා සපිරි පුරවැසියා” මෙවර කලාපය තුළින් සාකච්ඡාවට බඳුන් වන විශේෂ ලිපි: හෙට දිනවන නිරෝගි පරපුරක් වෙනුවෙන් පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් කරමු(ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ) කෘත්‍රිම බුද්ධියටත් පරාජය කළ නො හැකි දරුවාගේ ස්වභාවික බුද්ධිය අවධි කරන්නේ කෙසේ ද?(මහාචාර්ය […]