වයස 12-19 අතර නිවුන් දරුවන්ට විශේෂ ඇරයුමක්!

ශ්‍රී ලංකාවේ යොවුන් නිවුන්නුන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයට එක්වන්න. 🔹 විනාඩි 60ක සමීක්ෂණයකි🔹 සහභාගීත්වය වෙනුවෙන් දීමනාවක් හිමිවේ 📞 සම්බන්ධ වන්න: ජනනි ඕපාත – 076 050 3434🌐 https://sltr.ird.lk/
සියදිවි නසාගැනීම් වැළැක්වීම අප සියලු දෙනාගේම වගකීමකි! අපගේ වටිනා ජීවිත රැකගැනීමට අත්වැල් බැඳගනිමු.

සියදිවි නසාගැනීම් වළක්වා ගැනීම සඳහා අප එක් එක් කෙනාට ඉටු කළ හැකි කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී අදහස් දක්වයි. මෙම වටිනා පණිවිඩය නරඹා, තවත් අයෙකු දැනුවත් කිරීම සඳහා මෙම වීඩියෝව Share කරන්න
ඩෙංගු මර්දනය පරිසරය පවිත්‍ර කිරීමෙන් ඔබ්බට

ඩෙංගු වැනි වසංගත රෝග මර්දනය කිරීම සඳහා සාම්ප්‍රදායික පරිසර පවිත්‍රකරණයෙන් පමණක් නොනැවතී, වඩාත් පුළුල් හා විද්‍යාත්මක ප්‍රවේශයක ඇති අවශ්‍යතාව මහාචාර්ය අතුල සුමතිපාල මහතා පෙන්වා දෙයි. ප්‍රජා දායකත්වය සහ පර්යේෂණාත්මක ක්‍රමවේද ඔස්සේ ඩෙංගු උවදුරට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය පැහැදිලි කරමින් Sirasa TV ඔස්සේ විකාශය වූ News1st ‘පැතිකඩ’ වැඩසටහනට එක්වෙමින් එතුමා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව මෙතැනින් […]
තීරණ ගත යුත්තේ පර්යේෂණාත්මක පදනමකින්

මීගමුව බන්ධනාගාර සිද්ධිය වැනි සංකීර්ණ තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී, සාක්ෂි සහ පර්යේෂණ දත්ත (Research evidence) මූලික කරගැනීමේ වැදගත්කම මහාචාර්ය අතුල සුමතිපාල මහතා අවධාරණය කරයි. ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාත්මක පර්යේෂණවල ඇති වැදගත්කම පැහැදිලි කරමින් Sirasa TV ඔස්සේ විකාශය වූ ‘පැතිකඩ’ වැඩසටහනට එක්වෙමින් එතුමා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න.
පර්යේෂණ ක්ෂේත්‍රයේ අසමානතා බිඳ හෙලන්නට මහාචාර්ය අතුල සුමතිපාල චීන ජාත්‍යන්තර සමුළුවල දී තැබූ ප්‍රබල පියවර

සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂවරයා සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (ISTS) සභාපතිවරයා වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා 2026 ජූනි 26 සිට ජූලි 1 දක්වා චීනයේ කළ සිය අධ්‍යයන සංචාරය ඉතා සාර්ථක ව නිම කළ බව අපි ඉමහත් සතුටින් දන්වා සිටිමු. එහි දී එතුමා චීනයේ කීර්තිමත් ජාත්‍යන්තර සමුළු දෙකක දී […]
කතාන්දරකරණය (Storytelling) සහ තොරතුරු දෘශ්‍යමය ආකාර (Inforaphics) භාවිතයෙන් දැනුම සන්නිවේදනය

නූතන සන්නිවේදන පරිසරය තුළ තොරතුරු ප්‍රමාණය විශාල ලෙස වැඩි වීමත් සමඟ එම තොරතුරු පරිශීලකයන්ට සරල ව, පැහැදිලි ව සහ ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් ව ඇත. මෙම සන්දර්භය තුළ කතාන්දරකරණය (Storytelling) සහ තොරතුරු දෘශ්‍යමය ආකාර යන ක්‍රම දෙක ම තොරතුරු සන්නිවේදනයේ බලවත් මෙවලම් ලෙස සැලකේ. කතාන්දරකරණය මිනිසුන් අතර හැඟීම් හා බුද්ධිමය සම්බන්ධතා […]
බහු සංස්කෘතික සමාජයක පූර්ණ පුරවැසියා

බහු සංස්කෘතික සමාජය කිසියම් සමාජයකට අයත් පුද්ගලයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට අත්පත් කර ගෙන, ඉගෙන ගෙන සහ බෙදා හදා ගන්නා විශ්වාස පද්ධති, වටිනාකම්, සම්ප්‍රදායයන්, චාරිත්‍ර, ආහාර, ඇඳුම්, සංකේත, භාෂා රටා, නීති, කලා, ජීවන රටා සහ සමාජ හැසිරීම් රටාවල සම්පූර්ණ එකතුවක් ලෙස සංස්කෘතිය නිර්වචනය කළ හැකි ය. බහු සංස්කෘතික සමාජය යනු විවිධ ජාතික, ආගමික, භාෂාත්මක […]
කුස්සිය ඔසුහලක් කර ගනිමු ජීවන කුසලතාවක් ලෙස ආහාර

අද අප බොහෝ දෙනාට ආහාර වේලක් යනු හුදෙක් කුසගිනි නිවා ගැනීමට හෝ දිව පිනවීමට ගන්නා දෙයක් පමණි. එහෙත් ඔබ දන්නවා ද? ඔබ ගන්නා සෑම ආහාර වේලක් ම එක්කෝ ලෙඩ රෝගවලට එරෙහි ව සටන් කරන ඔසුවක්’ විය හැකි ය, නැත හොත් ලෙඩ රෝගවලට පාර කපන ‘විෂක්’ විය හැකි ය. නූතන ලෝකයේ ‘නිපුණතා සපිරි පුරවැසියකු’ යනු […]
ගෝලීය සෞඛ්‍ය පර්යේෂණවල අසමානතා බිඳ හෙලන්නට මහාචාර්ය අතුල සුමතිපාල චීනයේදී හඬක් නඟයි

සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (ISTS) සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෑතක දී චීනයේ කළ අධ්‍යයන සංචාරය ඉතා සාර්ථක ව නිම කළේ ය. ජූනි 26 සිට ජූලි 1 දක්වා පැවති මෙම සංචාරයේ දී, එතුමා චීනයේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමුළු දෙකක දී සහ පීකිං විශ්වවිද්‍යාලයේ […]
විද්‍යාගාරයෙන් ඉදිරියට- දැනුමේ නව පරිවර්තනයක්

ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මකයි විද්‍යා අධ්‍යාපනය න්‍යායාත්මක ඉගෙනීමෙන් පමණක් නො ව ප්‍රායෝගික අත්දැකීම් මඟින්ද ශක්තිමත් කළ යුතු බව අවධාරණය කරමින්, ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක ව ක්‍රියාත්මක කර ඇත. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ සිසුන් විසින් ව්‍යාපෘති කළමනාකරණ විෂය යටතේ ප්‍රජා පාදක ව්‍යාපෘතියක් ලෙස […]